Posts

Showing posts from May, 2017

උතුරු එළිය හෙවත් Firefox......

Image
පෘථිවියේ උතුරු හා දකුණු ධ්‍රැවාසන්න ප්‍රදේශයක රැයක් ගතකලොත් රෑ අහසේ තියන දැඩි අදුර අතරින් ලංකාවේ අහසේ දකින්න බැරි තරුරටා ගානක් දිලිසෙනවා බලන්න පුලුවන්. මේ තරු අතරින් එකපාරම කොලපාට එලියක් ඇඹරෙමින් අහස ආලෝකමත් කරමින් ඇදෙන්න ගනීවී. සෙමින් ඇඹරෙන මේ එලිය තමා අවුරෝරා කියන්නේ. පෘථිවිය මත දකින්න පුලුවන් අලංකාරම සංසිද්ධියක් තමාමේ. දේදුන්න පවා අවුරෝරාවට දෙවැනි වෙනවා. ඇයි මෙහෙම ලංකාර ආලෝක ධාරා උතුරු දකුණු අහස් වල ඇඹරෙන්නේ? මොකක්ද මේකට හේතුව? විද්‍යාවේ දියුණුවට කලින් ග්‍රීන්ලන්ත වැසියන් මේකට හේතුවක් හදාගෙන තිබ්බා. ඒතමා ඒ ප්‍රදේශයට ආවේණික පුලුන් වගේ වලිගයක් තියන නරියෙක් වලිගෙට ගිනිතියන් වේගෙන් අහසේ එහෙ මෙහෙ යනවා කියන එක. ඉතින් මේ අදහසින් උතුරුවාසීන් මේ එලියට කිව්වා "revontulate" කියලා. මේක කෙලිනම ඉංගිරිසියට පරිවර්තනය කලාම එන්නේ "Firefox" කියන එක! හැබැයි ඉතින් නැට්ට පත්තු වෙච්ච නරියෙකුට ඔහොම දෙයක් කරන්න බෑනේ. ඇත්තටම මේකට හේතුව මොකක්ද? හේතුව රැදිලා තියෙනවා තැන් දෙකක. එකක් තියෙන්නේ කිලෝමීටර 6400ක් යට. අනිත් එක තියෙන්නේ කිලෝමීටර මිලියන 150ක් විතර ඈතින්. පෘථිවියේ හරයේ තියෙනවා

ඇයි යට උනේ?.......

Image
මුලින් කියන්න ඕන මම කාලගුණ විද්‍යාව දන්න කීපදෙනෙක්ගෙන් අහගෙන මේ ලිපිය ලියන්නේ. විශේෂයෙන් මගේ තාත්තට ස්තූති කරන්න ඕන ලංකාවේ මෝසම් හා සංවහන වර්ශා හැදෙන හැටි කියලා දුන්න එකට.... පෘථිවිය ගෝලාකාරයිනේ. ගෝලාකාර පෘථිවිය තමා වටා සෑම පැය විසිහතරකටම වරක් කැරකෙනවා. එහෙම කැරකෙද්දී පෘථිවියේ මතුපිට එක ස්තානයක් පැයට කිලෝමීටර දහසකට අධික ප්‍රවේගයෙන් කැරකෙනවා. මේ ප්‍රවේගය නිසා පෘථිවියේ සාගරමත බලයක් ඇතිවෙනවා. මේ බලයට කියනවා කොරෝලියස් ඵලය කියලා. ඒවගේම සමකය ආසන්න සාගර සාගර, ධ්‍රැව ආසන්න සාගර වලට වඩා උශ්ණත්වය අතින් ඉහලයි. උනුසුම් ජලයේ ඝනත්වය ශීත ජලයේ ඝනත්වයට වඩා අඩුයි. 4°C දි තමා ජලය උපරිම ඝනත්වයට එන්නේ (1000kgm^-3). මේනිසා නිතරම සීතල ධ්‍රැවාසන්න සාගර හා උනුසුම් සමකාසන්න සාගර අතර ජලය හුවමාරු වීමක් වෙනවා. මේ විදිහට උශ්ණත්වය රැගෙන යන්නේ සාගර දියවැල් විසින්. මෙවා හරියට මුහුද යට ගංග වගේ කියලා කියන්න පුලුවන්. ඒහැටි වැදගත්කමක් නොපෙනුනාට මේවා තමා ලෝක දේශගුනය පාලනය කරන්නේ. උශ්ණත්වය යාමනය වෙන්නේ මේවා නිසා. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමා උනුසුම් වායූන් උඩට යනවා කියලා. ඒකට හේතුව තමා උශ්ණත්වය ඉහලයාම නිසා වායුවේ ඝනත්

සරලම පරීක්ෂණය....

Image
අද වටේ යන්න ඕන නෑ කෙලින්ම කතාවට බහිමු. අසූව දශකයේ යුරෝපීය රටවල් කිහිපයක් අලුත් විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න උපකරණයක් හදන්න පටන් ගන්නවා. ඒ යන්ත්‍රය හදලා ඉවර වෙනවා 2008දී. වසර 20කටත් වැඩිය ගත උනා මේ යන්ත්‍රය හදන්න. මේ යන්ත්‍රය තමා ලෝකේ දැනට තියන විශාලතම යන්ත්‍රය. කිලෝමීටර 27ක් තරම් ලොකු යන්ත්‍රයක් මේක! ප්‍රංශ හා ස්විට්සර්ලන්ත දේශසීමාව අසල තමා මේක තියෙන්නේ. මේ මැශින් එක තියෙන්නේ පොලොව යට. මේක තියෙන්නේ CERN පරීක්ශන ආයතනයේ. CERN කියන්න යුරෝපීය න්‍යෂ්ටික පර්යේන ආයතනය. ඒවගේම අන්තර්ජාලය උපත ලබන්නෙත් මේ CERN එකේ. මේ දැවැන්ත මැශින් එක තමා Large Hadron Collider එහෙම නැත්තං LHC එක! ලෝකයේ බලගතුම අංශු ත්වරක යන්ත්‍රය! මේක ලෝකේ විශාලතම යන්ත්‍රය උනාට කරන පරීක්ෂණය ඉතා සරල එකක්. ඕනම බහතෝරන වයසේ පොඩි එකෙක් කරන විදිහේ පරීක්ෂණයක්. සමහර පොඩි අය සෙල්ලම් කාර් වේගෙන් එකට වද්දලා ඒවා කුඩු පට්ටන් උනාම එන කෑලි මොනාද කියලා බලනවා. බලලා කාර් එක හැදිලා තිබ්බේ කොහොමද වැඩකලේ කොහොමද කියලා බලනවා. (Future Engineers!) LHC එකෙන් කරන්නෙ මේ වැඩේම තමා. වෙනසකට තියෙන්නේ එකට හප්පන්නේ සෙල්ලං කාර් නෙවේ. ප්‍රෝටෝන! ප්‍රෝටෝන ධ