Posts

Showing posts from May, 2019

Firefox

Image
මෑතකදි මයික්‍රෝසොෆ්ට් එක එයාලගේ ඒජ් වෙබ් බ්‍රව්සර් එක ගූගල් ක්‍රෝමියම් ප්‍රොජෙක්ට් එක මත නැවත බිල්ඩ් කලා. දැන් කැමති අයට අරං බලන්න එක්පරිමෙන්ටල් බිල්ඩ් තියනව. වර්තමානයේ වෙබ් බ්‍රව්සර් මාකට් එක බැලුවොත් බහුතරයක් පාවිච්චි කරන බ්‍රව්සර් තියෙන්නෙ අතලොස්සක්. ගූගල් ක්‍රෝම්. මොසිල්ල ෆයර්ෆොක්ස්. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා ඒජ්. සෆාරි අනෙක් ඔක්කොම වගේ එක්කො ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් මත බිල්ඩ් කරපුව. මේකෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ගූගල් ක්‍රෝම්. ක්‍රෝම් බ්‍රව්සර් එක කියන්නේ අපිව කරන්න පුළුවන් උපරිමෙන්ම ට්‍රැක් කරන බ්‍රව්සර් එකක්. ඕනනම් කීලොගර් එකකට සමාන කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම්. මෑතක ඉඳන් බහුතරයක් ප්‍රසිද්ධ බ්‍රව්සර් ක්‍රෝමියම් ගත වෙන්න ගත්තා. ඒජ්, ඔපෙරා ඒවට උදාහරණ. මේකෙ හානියක් නෑ වගේ පෙනුනට මේකෙන් දැවැන්ත හානියක් සමස්ත අන්තර්ජාලයටම වෙනව. එක බ්‍රව්සර් එකක් සම්පූර්ණ ඉන්ටර්නෙට් බ්‍රව්සර් වල ඒකාධිකාරය ලබාගත්තම අදාල බ්‍රව්සර් එක අයිති සමාගමට ඕන විදිහට වෙබ්සයිට් වලට නටන්න වෙනව. ඊටත් වඩා අනතුරුදායක දේ තමා බ්‍රව්සර් එකේ එක්ස්ප්ලොයිට් එකක් පාවිච්චි කරන පැතිරෙන මැල්වෙයා, හැක් වල