Posts

Showing posts from December, 2017

Hunt For The Exo-Planets

Image
Hunt for the Exo-Planets මීට කාලෙකට කලින් මිනිස්සු හිතන් හිටියා පෘථිවිය විශේශයි කියල. හිරු පවා මහපොලොව වටා යනව කියල. පස්සෙ හොයාගත්ත පෘථිවිය කියන්නෙ සූර්යා වටා යන ග්‍රහලෝක 8කින් එකක් විතරයි කියල. හැබැයි ඒත් හිතුව අඩුමගානේ සෞරග්‍රහ මණ්ඩලයවත් විශේශ ඇති කියල. හැබැයි මේවෙනකොට සෞරග්‍රහ මණ්ඩලයෙන් භාහිරව හොයාගෙන තියන දහස් ගනනක් වෙන ග්‍රහලෝක හා වෙනත් සෞරග්‍රහ මණ්ඩල නිසා ඒ මතයත් බිඳිල. දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ මේ විශ්වය විශේශයි කියන එක විතරයි. (ඇත්තටම එහෙමද නැත්තං මල්ටිවර්ස් තියරිය හරිද? Uni or Multi?) නමුත් කොහොමද සෞරග්‍රහ මණ්ඩලයෙන් භාහිර ග්‍රහලෝක හොයාගන්නෙ? අනෙක් තරු පෘථිවියේ ඉඳන් නොසෑහෙන්න ඈතින් තියෙන්නේ. මේ ග්‍රහලෝක හොයාගන්න මූලික ක්‍රම 5ක් තියනව. 1) මව් තරුවේ නලියෑම් නිරීක්ෂණය 2) සෙවනැල්ල බැලීම 3) සෘජුව චායාරූපගත කිරීම 4) ගුරුත්ව කාච බැලීම 5)  ක්ෂුද්‍ර නලියෑම් බැලීම එකින් එක බලමු කොහොමද කරන්නෙ කියල. 1) මව් තරුවේ නලියෑම් නිරීක්ෂණය මේ ක්‍රම 5න් මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තෙ පලවෙනි ක්‍රමේ. ඒක කරන්න මූලිකව ඕන පත දුරේක්ෂයක් හා වර්ණාවලීමානයක්. අහල ඇතිනෙ ඩොප්ලර් ආචරණය ගැන.

ගිණිගෙන දැවෙන ලෝකය.....

Image
හැමතැනම ඇහෙන මාතෘකාවක්නේ ගෝලීය උණුසුම. හැබැයි මේක ගැන සමහර අයට තියෙන්නේ වැරදි වැටහීම්. සරලම උදාහරණයක් මුලින්ම අරං බලමු. 1) කාබන්ඩයොක්සයිඩ් කියන්නේ ශාක කැමති වායුවක්. ඉතින් ඕක වැඩි උනාම වැඩිය හොඳයිනෙ? ඔව් කාබන්ඩයොක්සයිඩ් කියන්නේ ශාක වල ප්‍රියතම වායුව වෙන්න පුලුවන් හැබැයි කාබන්ඩයොක්සයිඩ් වල තියන එක විශේශ ලක්ශණයක් නිසයි අව්ල. ඒතමා තාප විකිරණ පරාවර්තනය කිරීමේ හැකියාව. සූර්යාගෙන් එන තාපය පෘථිවිය විසින් උරාගෙන පෘථිවිය උණුසුම් වෙනව. හැබැයි රෑට හා සීතකාලෙට මේ තාපය නැවත අභ්‍යාවකාශයට සෙමින් පිටකරනව. මෙන්න මේ ආපහු යන තාප විකිරණය උරාගෙන ඒක ආපහු පෘථිවියට එවන්න කාබන්ඩයොක්සයිඩ් වලට පුලුවන්. ආන් ඒකයි අව්ල. පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් තිබ්බෙම නැත්තං පෘථිවිය සම්පූර්ණයෙන් මිදිල යනව. ඉතාසුලු ප්‍රමාණයක් තියන නිසයි මේ ප්‍රශස්ත උෂ්ණත්වය තියෙන්නේ. ඒ ඉතාසුලු අගය තමා සෑම වායු අණු දස දහසකටම කාබන්ඩයොක්සයිඩ් අණු 3ක්. හැබැයි නිකන්වත් මේ අගය දෙගුණ උනොත් පෘථිවිය සම්පූර්ණ කාන්තාරයක් බවට පත් වෙනව. ඒනිසා කාබන්ඩයොක්සයිඩ් නියමිත අගයේ (300ppm) වල තියාගෙන ඉන්න එක හොඳයි. 2) ඔය කියන තරම් කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනව