Posts

Showing posts from June, 2017

අනාගතය රැදී ඇත්තේ.........

Image
බලගතු රටවල් විදිහට ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව ඉදිරියට ආවේ කොහොමද? ඒ ඔවුන් කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කල නිසා. එක්සෝන් මොබිල්, CNP, වෝල්මාර්ට්, ඇපල්, ගූගල්, ඉන්ටෙල්, ටෙස්ලා, ස්පේස්එක්ස්, ජෙනරල් මෝටර්ස්, මයික්‍රෝසොෆ්ට්, කොඩැක්..... මේ සියල්ලටම විද්‍යාවේ හා තාක්ශනයේ ඉහලම සොයාගැනීම් හා නිපැයුම් අවශ්‍ය උනා. අයින්ස්ටයින්, නීල්, ඕපන්හයිමර්, ටෙස්ලා, හබල්, පෝලී, ගේට්ස්, ඩාවින්සි,   බෙල්, ෆ්ලෙමිං, රයිට්ස්, ෆැරඩේ, හෝකින්ස්, මාරි, නිව්ටන්, ගැලීලියෝ...... මේ අය හා අනෙක් ලක්ශ ගණනක විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් මේ ගමනේ බලය උනා. විද්‍යාව කියන්නේ සත්‍ය සොයායෑමේ සම්පූර්ණ ව්‍යායාමයක්. හිතන්න මං මගේ සොයාගැනීමක් පලකරනවා. හැබැයි මගේ එදිරිවාදී තවත් විද්‍යාඥයෙක් හිතනවා මං වැරදී කියලා. ඔහු මගේ සොයාගැනීම් නැවත පරීක්ශාකරනවා. වඩාත් හොද පරීක්ෂණ කරනවා. මේතමා Peer Review. ඔහුගේ සොයාගැනීම් මගේ සොයාගැනීම් සමග ගැලපුනොත්..... එතනින් බිහිවෙනවා නිදහස් සත්‍යක්. (E=MC^2 වගේ) මෙහෙමයි විද්‍යාව හා තාක්ශනය ප්‍රගමණය වෙන්නේ. විද්‍යාව කිසිම වෙලාවක වැරදීම් පිලිගන්න මැලි වෙන්නේ නෑ. මොකද සියල්ලන්ම මිනිස්සු. මිනිස්සු

Radioisotope Thermoelectric Generator (RTG)

Image
හැමෝම අහලා තියනවනේ වොයේජර්,පයිනීර්,නිව් හොරයිසන්ස් එහෙම ගැන. මේතමා මිනිස් අතක පහල ලබල වැඩිම දුරක් ගියපු යානා සෙට් එක. සාමාන්‍යයෙන් පෘථිවිය වටා තියන සැටලයිට් වලට අවශ්‍ය බලය ගන්නේ සූර්‍ය කෝශ වලින්. මොකද පෘථිවිය තියන දුරේදි සූර්‍යාලෝකය ප්‍රමාණවත් සූර්‍ය කෝශවල ක්‍රියාකාරිත්වයට. හැබැයි සූර්‍යාගේ ඉදන ඈතට යනකොට සූර්‍ය විකිරණවල ත්‍රීව්‍රතාවය අඩුවෙලා යනවා. ඉතින් ගොඩාක් ඈතදී සූර්‍ය කෝශ වලින් ගන්න පුලුවන් විදුලිය ඉතා අවමයි. ඉතින් මොකක්ද කරන්නේ අපිට යානාවක් ඈතටම යවන්න ඕන උනාම? කොහොමද අවශ්‍ය විදුලිය ගන්නේ? මේ ප්‍රශ්නයට විසදුම දෙන්නේ ඉතාසරල සංකල්පයක්. ඒතමා තාප විද්‍යුත් යුග්ම. A/L වලට පිසික්ස් කරපු ඕන කෙනෙක් මේ ගැන දන්නවා. එකිනෙකට වෙනස් සන්නායක කම්බි දෙකක් අරං ඒවා රවුමක් වගේ වෙන්න කෙලවරවල් සම්බන්ධ කරලා ඒ සම්බන්ධ වෙලා තියන තැන් දෙකේ වෙන වෙනස් උශ්ණත්ව 2ක් ඇති කලාම දෙපැත්තේ උශ්ණත්ව සමාන කරගන්න කරන උත්සහය නිසා කම්බි දිගේ අතිශය සුලු විදුලියක් ගලනවා. මේකට කියනවා තාපවිද්‍යුත් යුග්ම කියලා. හැබැයි ඉහල උශ්ණත්ව අන්තර වලදිත් මේ එක යුග්මයකින් ලැබෙන්නේ පුංචි විදුලියක්. හැබැයි ඉතින් බින්දු බින්දු එකතුවෙලා ම

The ISS

Image
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන මොනවද දන්නේ? මං මූලික කරුණු කීපයක් පොයින්ට් විදිහට මුලින්ම කියන්නම්. (හෙට මේක ලංකාවට උඩින් යනවා බලන්න ආසනම් මං තව පොඩ්ඩකින් කියන්නම් 😉) 1)මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් සාමාන්‍යයෙන් කිලෝමීටර 400ක් උඩ. 2)කක්ශීය ප්‍රවේගය පැයට කිලෝමීටර 27,000ක්! 3)පැය 24කට 16වතාවක් පෘථිවිය වටා යනවා 4)මේකේ 6කට ඉන්න පුලුවන් හැබැයි දැන් ඉන්නේ 3යි. 5)මේකේ මුල් කොටස දියත් කලේ 1998දී. 6)මීටර් 100ක් දිගයි. 70ක් පලල්. 20ක් විතර උසයි. 7)මේක ලංකාව උඩින් යන කක්ශයකත් යනවා! 8)වර්තමානය වෙනකොට මේකට ගියපු වියදම ඩොලර් බිලියන 150ක් මේ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර කියලා කියන්නේ රටවල් ගනනාවක එකතුවෙන් ක්‍රියාත්මක වෙනනිසා. සෑහෙන්න ලොකුයිනේ මේක. ඉතින් ඕනකරන බලය ලබාගන්නේ සූර්‍ය කෝෂ වලින්. අර ලොකු පැනල් සූර්‍ය කෝශ පැනල්. ඉන්න අයට කෑම ගිහින් දෙන්නේ දැනට නම් Space X එකේ Dragon මිශන් වලින්. (CRS කියලා තියෙන්නේ SpaceX Youtube Channel එකේ ඒවා) හැබැයි SpaceXලගේ Falcon9 එකට මේකට ගගනගාමීන් ගෙනියන්න බෑ. ඒනිසා ගගනගාමීන් ගෙනියන්නේ රුසියාවේ සෝයූස් කැප්සියුල් වලින්. (හැබැයි Falcon9 Heavy ආපුහම රුසියාවට

NEOs නැත්තං Killer Asteroids

Image
මේ කියන්න යන්නේ බොහෝ අය නොදන්න දෙයක් ගැන කියන්න යන්නේ. මේක බොහෝ අය නොදැන හිටියට මේක හැමෝම අනිවාර්යයෙන් දැන ගන්න ඕන. නිදහස් දවසක රෑ අහස දිහා බලන් ඉන්න කෙනෙක්ට දකින්න පුලුවන් පැයකට දෙක තුනක් උල්කාශ්ම වැටෙනවා. පොඩි ආලෝක ඉරක් ඇදිලා යනවා. උල්කාශ්මයේ අඩංගු ලෝහ මත ඒ ඉරේ පාට වෙනස් වේවි. මම කොළ පාට එකක් දැකලා තියෙනවා. රසායන විද්‍යාවට අනුව ඒකේ තඹ ගොඩක් තිබිලා. ඒකයි කොල පාට. සාමාන්‍යයෙන් වෙනවෙන පාට ඒවත් ඕන තරම්. මේ උල්කාශ්ම කියන්නේ පොඩි උල්කා කෑලි. විශ්කම්භය සෙන්ටිමීටර කීපයක ඉදන් මීටර් කීපයක් දක්වා වෙනස් වෙනව. මේවා සූර්‍යා වටා ග්‍රහලෝක ගමන් කරන විදිහටම කක්ශ ගත වෙලා තියෙනව. හැබැයි මේව ගොඩක් පොඩී ඒනිසා මෙයාලගේ කක්ශය අසලින් යන ග්‍රහලෝක වල ගුරුත්වය නිසා මුන්ගේ කක්ශ නිතරම වෙනස් වෙනවා. අනික මේ සෙට් එකේ කක්ශ අධික ඉලිප්සියාකාරයි. ඉතින් මේව නිතරම ග්‍රහලෝක වල කක්ශ හරහා යනවා. හැබැයි එයාලා යන වෙලාවට ග්‍රහලෝකෙත් එතනින්ම යන්නේ නැති නිසා වදින්නේ නෑ. ඉතින් මේ වගේ පෘථිවියේ කක්ශය කපන ග්‍රාහක වලට කියනවා Near Earth Objects නැත්තං NEOs කියලා. හැබැයි මේ නම දාලා තියෙන්නේ මිනිස්සු බය කරන එක නවත්තන්න විතරයි. මේවයි හ

හිරුගෙන් බලය ලැබ........

Image
අපි ජීවත් වෙන්නේ 21ක්වන ශතවර්ෂයේනේ. මේ දවස් වල වායුගෝලයේ තත්වේ ටිකක් මීට කලින් පැවති අවස්තා 5කට සමාන වේගෙන එනවා. ඒ අවස්තා 5 තමා මහා වදවීම 5. සමාන වෙන්න හේතුව තමා ක්‍රමයෙන් අපේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම. හරිනම් තියෙන්න ඕන 0.03%ක් විතරයි. ඒකිව්වේ සෑම අණු 10,000ටම අණු 3ක්. හැබැයි දැන්?  දැන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දහදාහට 4ක්! මේකට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන දහනය. අපි ඉතින් මේවා පුච්චන්නේ වාහන වලටනේ. හැබැයි ගොඩාක් රටවල් මේවා විදුලිය නිපදවන්න ටර්බයින් කරකවන්න පාවිච්චි කරනවා. ලංකාවත් ඒ ලිස්ට් එකේ මැද්ට වෙන්න ඉන්නවා. නොරොච්චෝලේ හා අනිකුත් ඩීසල් බලාගාර ඒවට වගකියන්න ඕන. අපිට වෙන කරන්නම දෙයක් නැද්ද? තියෙනවා. එක්කෝ න්‍යෂ්ටික බලය නැත්තං සූර්‍ය බලය. න්‍යෂ්ටික බලයට නං ගොඩක් අය කැමති නෑනේ. (මං නං එකෙන්ම කැමතී) ලෝකයේ දැනට ප්‍රධාන වශයෙන් හිරුගේ බලය එකතු කරන්නේ සූර්‍ය කෝශ වලින්. බොහෝදුරට කාර්‍යක්ශම ක්‍රමයක් මේක. ලංකාවෙත් ගොඩාක් දුරට කතාවෙන මාතෘකාවක් තමා සූර්‍ය කෝශ. හැබැයි කොහොමද සූර්‍ය කෝශ වැඩකරන්නේ? මේකට කෙලිනම ක්වොන්ටම් පිසික්ස් සම්බන්ධ වෙනවා. හැබැයි ඒක කොටස මං සරලව

Deeper.........

Image
ඕන් අද කියන්න යන්නේ කලින් කතා නොකරපුම පැත්තක් ගැන. ක්වොන්ටම් ලෝකය. අපි අද දන්න දෙයක් නේ පදාර්ථයක් හැදිලා තියෙන්නේ පරමාණු වලින් කියලා. හැබැයි පරමාණුවක් හැදිලා තියෙන්නේ මොනවයින්ද? සාමාන්‍ය පෙල කරන පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියාවි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියලා. එකතකොට මේවා හැදිලා තියෙන්නේ මොනවයින්ද? උසස්පෙල කරන කෙනෙක් කියාවි ඉලෙක්ට්‍රෝන හැර අනිත් 2 හැදිලා තියෙන්නේ ක්වාක් අංශු 3ක සංකලනයෙන් කියලා. මේවා නං තවත් බෙදන්න බෑ. ඕය ටික දැන ගන්න එක නං චක්කරේ පාඩං කරනවා වගේ පුලුවන්. හැබැයි චක්කරේ දන්න හැම එකාටම ගණන් බෑනේ. කොහොමද මේවා වැඩ කරන්නේ? කොහොමද පරමාණුව ඔය විදිහට පවතින්නේ? ඇයි ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට නොවැටී තියෙන්නේ? මොන මගුලක්ද මේවා? මේක පැහැදිලි කරන්න නම් අපිට ගොඩාක් කුඩා තැනකට යන්න වෙනවා. ඒතමා පරමාණුවක ඇතුලට. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් පරමානුවක් ගත්තොත් ඒක අරය නැනෝමීටර් 0.1ක් තරං පොඩී. නැනෝ මීටර් එකක් කියන්නේ මීටර් එකෙන් බිලියනෙන් පංගුවක්. ඔහොම කිව්වට ඕක නිකන් ෆිට් මදි වගේනේ. නැනෝ මීටර් එකක් කියන්නේ අපේ කෙස් ගහක් අරන් දිග අතට කෑලි ලක්ශයක් පැලුවොත් එක තීරුවක පලල. හිතා ගන්නකෝ ඉති