Posts

Showing posts from July, 2017

Europa

Image
ලිපියේ නම යුරෝපා උනාට මේ කතාකරන්නේ යුරෝපය ගැන නම් නෙවේ. මේ කතාකරන්න හදන්නේ බ්‍රහස්පතිගේ ගැලීලියන් චන්ද්‍රයන් 4න් පොඩිම එක වෙන යුරෝපා උපග්‍රහයා ගැන. මේ උපග්‍රහයා විශේෂ වෙන්නේ මෙයාගේ ගාව තියන ජලපරිමාව පෘථිවියේ වගේ දෙගුණයක් නිසාම නෙවේ. යුරෝපාගේ මතුපිට බොහෝම සුමටයි. මොකද ඒක සම්පූර්ණයෙන්ම අයිස් තට්ටුවක් නිසා. Call Of Duty : Infinite Warfare ගහපු අය ගිහිල්ලා ඇතිනේ! යුරෝපා බ්‍රහස්පතිට ටිකක් ආසන්නයෙන් ඉන්නේ. ඒනිසා බ්‍රහස්පතිගේ උදම් බලපෑම මේකට දරුණුවටම දැනෙනවා. යුරෝපාගේ චායාරූප වල සමහර අවස්තාවල විශේශ ලක්ශණ තියෙනවා. කට්ටිය හුම්මානේ දැකලා ඇතිනේ. ඒවගේම ගීසරත් අහල හරි ඇතිනේ. ගීසර කියන්නේ පොලොව අභ්‍යන්තරයේ තියන ජලය අධිපීඩනයකට ලක්වෙලා වේගෙන් පොඩි සිදුරකින් උඩට විදින එකට. සමහර වෙලාවට මේවා අඩි 200ක් විතර උඩට විහිදෙනවා!. ඇමරිකාවේ මේවා සෑහෙන්න තියෙනවා. මේ විදිහටම යුරෝපාගේ ෆොටෝ වල මතුපිට ඉදන් උඩට විදින අධිවේගී ජල ප්‍රහාර පේන්න තියෙනවා. පෘථිවියේ වගේ නෙවේ කිලෝමීටර 200ක් වගේ උඩට විදිනවා. පෘථිවියේ ධ්‍රැව අයිස් තට්ටුව සමහර වෙලාවට බිදෙනවා. ඒවෙලාවට යටින් වතුර උඩට ඇවිල්ලා මිදිල කිලෝමීටර ගානක් දුරට පාරවල්

Life of a Star 2.......

Image
කලින් ලිපියේ කතාකලේ සූර්‍යා වගේ අඩු ස්කන්ධ තාරකාවල ජීවිත කතාව. අද බලමු අධි ස්කන්ධ තාරකා වල ජීවිත කතාව.... හැබැයි සූර්‍යා වගේ 10ගුණයක ස්කන්ධයක් නැත්තං 10M ස්කන්ධයක් තියන තාරකාවක සමතුලිතතාවය කීපවතාවක් ආරක්ෂා වෙනවා. හැබැයි ඒ තප්පර කීපයක් ඇතුලත. මෙහෙම තාරකාවල හරයේ අති දැවැන්ත උශ්ණත්වය නිසා හයිඩ්‍රජන් විලයනය වෙන අතරතුරම හීලියමුත් විලයනය වෙනවා. මෙහෙම තරුවල හීලියම් වලින් හැදෙන බර මූලද්‍රව්‍ය ඊටත් ඉහල මූලද්‍රව්‍ය බවට විලයනය වෙනවා. අවසානයේ එක තප්පරයක් තුල තාරකාවේ ගුරුත්වය ඒකේ විකිරණ පීඩනය අභිබවලා යනවා. තාරකාව තමා තුලටම කඩා වැටෙනවා. නමුත් මේ කඩා වැටීම නවත්තන්න ඉලෙක්ට්‍රෝන වල පීඩනය ප්‍රමාණවත් නෑ. අවසානයේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ගැටිලා නියුට්‍රෝන බිහිවෙනවා. දැන් මුලුහරයම නියුට්‍රෝන. මේ මොහොතේදී තව දුරටත් කඩා වැටීම කරන්න බැරිනිසා එකතුවෙන වායූන් අධිකව රත් වෙලා ක්ශනිකව අති දැවැන්ත විලයනයක් සිදුවෙනවා. තාරකාව මොහොතින් පුපුරලා යනවා. මේ තමා සුපර් නෝවා පිපිරීම්. මේ සුපර් නෝවා පිපුරුම් වලින් උපදින තාපය නිසා යකඩ වගේ බර මූලද්‍රව්‍ය බිහිවෙනවා. ඒකයි කියන්නේ අපි හැදිලා තියෙන්නේ තරු ධූලි වලින් කියලා. මේකෙන

Life Of a Star...... (Part 1)

Image
අපිට ආලෝකය උණුසුම දෙන හිරු සදහටම එකම විදිහට ඉදීවිද? උත්තරේ තමා නෑ. එයා තව වසර බිලියන කීපයකින් පෘථිවිය පුච්චලා දානවා..... තරුවක් උනත් හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. ඒවගේම හැම තරුවම එකම විදිහට තියෙන්නෙත් නෑ. මුලින් බලමු තරුවක උපත වෙන හැටි. විශ්වයේ ආරම්භයේදී (ඇත්තටම කිව්වොත් විශ්වයේ උපතින් වසර මිලියන ගානකට පස්සේ) තිබ්බේ හයිඩ්‍රජන් හා හීලියම් විතරයි. හැබැයි මේ හයිඩ්‍රජන් හා හීලියම් විශ්වයේ මූලික බලයක් වන ගුරුත්වය යටතේ තැන් තැන් වල එකතුවෙලා තියෙන්නේ. මෙහෙම දැවැන්ත වලාකුළු වලට කියනවා නිහාරිකා කියලා. සමහර ඒවා පියවි ඇසට පේනවා පොඩි බොද උන තරුවක් වගේ. ඔරායන් රාශියේ එයාගෙ බෙල්ට් එකට යටින් එකක් තියෙනවා. ඉතාම සුලු ගුරුත්ව වෙනසකින් පුලුවන් මේ තාරීය වලාකුළු වල කැලඹීම් ඇතිකරන්න. මෙහෙම කැලඹීමකින් මේ තාරීය වායූන් එකට ගුලිවෙනවා. ක්‍රමයෙන් ස්කන්ධය වැඩි කරගන්නවා. සමහර වෙලාවට මෙහෙම වැඩිකරගෙන යනකොට වායු සප්ලයි එක නවතිනවා. එතකොට ඒවගේ ඒවට කියනා දුඹුරු වාමන තරු කියලා. මේවාට ප්‍රමාණවත් ස්කන්ධයක් නෑ හරයේ උශ්ණත්වය හා පීඩනය න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය් පරිදි හදාගන්න. බ්‍රහස්පති කියන්නේ ඒවගේ එකක්. හැබැයි හැමවෙල

James Webb

Image
හබල් ටෙලස්කෝප් එක ගැන අහලා තියනවද? කව්ද අහල නැත්තේ? දැනට ඔය ගොඩාක් අය දැකලා තියන ස්පේස් ෆොටෝ එහෙම ගන්නේ ඒකෙන්. 1990දි යවපු හබල් ටෙලස්කෝප් එක තියෙන්නේ පහල පෘථිවි කක්ශයේ. මේක පරාවර්තන දුරේක්ෂයක්. ඒකේ තේරුම තමා උත්තල කාච දෙකේ සරල දුරේක්ෂය නෙවේ මේ. කාච හා දර්පණයක් තියන එකක්. ඉතින් මේ ටෙලස්කෝප් එකේ සයිස් එක හිතාගන්න පුලුවන් කණ්නාඩිය මීටර් 2.5ක් කිව්වම. මේක උඩ යැව්වට පස්සේ මේකෙන් ගන්න ෆොටෝ පොඩ්ඩක් බොදවෙලා කියලා පෙනුනා. බලනකොට අර කණ්නාඩිය කෙස් ගහකින් 1/50ක් එහා මෙහා වෙලා! කොහොම හරි කීපවතාවක් යන්න උනා මේක හදන්න. හැබැයි අදටත් හබල් හොදට වැඩ. හැබැයි මේක වසර 27ක් පරණයි දැන්. මේකාලේ අතරතුර තාක්ශනය නොසෑහෙන්න වෙනස් උනා. ඉතින් අලුත්,වඩා ප්‍රභල ටෙලස්කෝප් එකක් ඕන උනා. ඒකේ ප්‍රතිඵල ජේම්ස් වෙබ්..... නාසා එකේ හිටපු ප්‍රධානියෙකුගේ නමින් නම් කරලා තියන මේ ටෙලස්කෝප් එක හැබැයි හබල්ට වඩා වෙනස්. මොකද හබල් එකෙන් ගන්න ෆොටෝ තිබ්බේ දෘශ්‍ය ආලෝක පරාසයේ හා ඊට පොඩ්ඩක් දෙපැත්තේන්. හැබැයි ජේම්ස් වෙබ් එකේ පරාසය වෙන්නේ 0.6 µm තැඹිලි ඉදන් 28.5 µm අධෝරක්ත දක්වා. ඉතින් ෆොටෝ වල පාට දකින්න අමාරුයි. ටොන් 6.5ක යෝධයෙක් ව