Life Of a Star...... (Part 1)

අපිට ආලෝකය උණුසුම දෙන හිරු සදහටම එකම විදිහට ඉදීවිද?

උත්තරේ තමා නෑ. එයා තව වසර බිලියන කීපයකින් පෘථිවිය පුච්චලා දානවා.....

තරුවක් උනත් හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. ඒවගේම හැම තරුවම එකම විදිහට තියෙන්නෙත් නෑ.

මුලින් බලමු තරුවක උපත වෙන හැටි.

විශ්වයේ ආරම්භයේදී (ඇත්තටම කිව්වොත් විශ්වයේ උපතින් වසර මිලියන ගානකට පස්සේ) තිබ්බේ හයිඩ්‍රජන් හා හීලියම් විතරයි. හැබැයි මේ හයිඩ්‍රජන් හා හීලියම් විශ්වයේ මූලික බලයක් වන ගුරුත්වය යටතේ තැන් තැන් වල එකතුවෙලා තියෙන්නේ.

මෙහෙම දැවැන්ත වලාකුළු වලට කියනවා නිහාරිකා කියලා. සමහර ඒවා පියවි ඇසට පේනවා පොඩි බොද උන තරුවක් වගේ. ඔරායන් රාශියේ එයාගෙ බෙල්ට් එකට යටින් එකක් තියෙනවා.

ඉතාම සුලු ගුරුත්ව වෙනසකින් පුලුවන් මේ තාරීය වලාකුළු වල කැලඹීම් ඇතිකරන්න. මෙහෙම කැලඹීමකින් මේ තාරීය වායූන් එකට ගුලිවෙනවා. ක්‍රමයෙන් ස්කන්ධය වැඩි කරගන්නවා.

සමහර වෙලාවට මෙහෙම වැඩිකරගෙන යනකොට වායු සප්ලයි එක නවතිනවා. එතකොට ඒවගේ ඒවට කියනා දුඹුරු වාමන තරු කියලා. මේවාට ප්‍රමාණවත් ස්කන්ධයක් නෑ හරයේ උශ්ණත්වය හා පීඩනය න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය් පරිදි හදාගන්න. බ්‍රහස්පති කියන්නේ ඒවගේ එකක්.

හැබැයි හැමවෙලාවෙම එහෙම වෙන්නේ නෑ. මොකද නිහාරික වල තියෙනවා තරු දහස් ගනන් බිහිකරන්න තරම් වායූන්.

ඉතින් ක්‍රමිකව ලැබෙන වායු ස්කන්ධය වැඩි වෙනකොට ඒකේ හරයේ පීඩනය ඉහල යනව. ඒ කියන්නේ ඉතින් උශ්ණත්වය ඉහල යනවා. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් විලයනය කරන උශ්ණත්වය ලැබීමට පෙර ඒකට කියනවා ProtoStar කියලා.

තාරකාවක් ජීවත්වෙන්නේ ප්‍රධාන බලයම් 2ක සමතුලිතතාවය මත.

විලයන උශ්ණත්වය ලැබෙන්න සාමාන්‍යයෙන් ගතවෙනවා වසර මිලියන කීපයක්. ඒක ඉතින් වායූන් ලැබීමේ සීඝ්‍රතාවයට සමානුපාතිකයි.

විලයන උශ්ණත්වය ලැබුනට පස්සේ ඒකට කියනවා ප්‍රධාන ශ්‍රේණියේ තාරකාවක් කියලා.

තාරකාවේ ගුරුත්ව ඇතුලටත්, විකිරණ පීඩනය පිටතටත් ලෙස තියෙන්නේ. ඉතින් මේ දෙක සමතුලිත උනාම තමා තරුව ප්‍රධාන ශ්‍රේණියේ එකක් වෙන්නේ.

මොකක්ද මේ ප්‍රධාන ශ්‍රේණිය කියන්නේ?

ප්‍රධාන ශ්‍රේණිය කියන්නේ තාරකාව හයිඩ්‍රජන් හීලියම් බවට හරවන කාලය. මේ කාලේදි තාරකාව සමතුලිතව ඉන්නවා.

මෝගන්-කීනන් කියන පිලිවෙලකට තමා තාරකා වර්ගවෙන්නේ.

මතුපිට උණුසුම වැඩිම එකේ ඉදන් අඩුම එක දක්වා O, B, A, F, G, K, හා M ලෙස වර්ග වෙනවා. හැබැයි මේ කුලක වල උපකුලක තියෙනවා 0 ඉදන් 9ට යනකන් පූර්ණ සංඛ්‍යා වලින්.

උදාහරණයක් විදිහට අපේ සූර්‍යා G2 වර්ගයේ තරුවක්.

මේ වර්ගීකරණය තාරකාවල ස්කන්ධයටත් සමානුපාතිකයි.

තාරකා වල ස්කන්ධය මනින්නේ සූර්‍යාගේ ස්කන්ධයට සාපේක්ෂව. ඉතින් සූර්‍යා වගේ දෙගුණයක ස්කන්ධයක් තියන තරුවක් සූර්‍ය ස්කන්ධය 2ක් ලෙස කියනවා. නැත්තං 2.0M කියල කියන්න පුලුවන්.

තාරකාවල ඉදිරි ජීවිතය හා ජීවිත කාලය එයාලගේ උපත් ස්කන්ධය අනුව තීරණය වෙනවා.

උදාහරණ විදිහට සූර්‍ය ස්කන්ධ 1ක G2 තරුවක් වසර බිලියන 10ක් ප්‍රධාන ශ්‍රේණියේ ඉන්නවා.

සූර්‍ය ස්කන්ධ 0.1ක M7 තරුවක් වසර බිලියන 1000ක් ඉන්නවා.

සූර්‍ය ස්කන්ධය 60ක O3 එකක් ඉන්නේ වසර මිලියන 3යි.

සූර්‍ය ස්කන්ධ 3ක A5 එකක් ඉන්නේ වසර මිලියන 370යි.

මුලින් බලමු ස්කන්ධය සූර්‍යාට සමාන හෝ ආසන්න තරුවල ඉදිරි ජීවිතය.

මෙහෙම තරු තමංගේ හරයේ තියන හයිඩ්‍රජන් සෙමින් දහනය කරනවා. (සෙමින් කිව්වේ සාපේක්ෂව. තප්පරේට ටොන් දාස්ගාණක්...)

ඉතින් ක්‍රමයෙන් තාරකාවේ හරයේ හීලියම් එකතුවෙනවා. මේකේ ප්‍රතිඵල ලෙස හරය ක්‍රමයෙන් විශාල වෙන්න ගන්නවා. ඉතින් ක්‍රමයෙන් මතුපිට වායූ ස්ථර පිම්බෙනවා. මේක වෙන්නේ ඉතා සෙමින්. අපේ සූර්‍යා ගත්තොත් තව වසර බිලියනයකින් විතර සූර්‍යා 10%ක් විශාල වෙනවා. පෘථිවියේ සාගර හිදිලා යාවි.

නමුත් අවසානයේ හරයේ සියලු හයිඩ්‍රජන් අවසන් උනාම විකිරණ පීඩනය අඩුවෙනවා. ඒනිසා ගුරුත්වය හමුවේ හරය හැකිලෙනවා. මේකෙන් වෙන්නේ හරයේ පීඩනය ඉහලයාම. ඉතින් අවසානයේ හරයේ පීඩනය ඉහලගිහින් උශ්ණත්වය ඉහලයනවා හීලියම් දහනය කරන්න තරම්. මේ වෙනකොට අර සමතුලිතතාවය එහෙමෙහෙ වෙලා නිසා තරුවේ පිටත ස්ථර පිටතට විහිදෙනවා. හැබැයි තරුව ආපහු සමතුලිත වෙච්ච ගමන් ඒක නවතිනවා.

මේ අවස්තාවේදී තාරකාව ඉතා විශාල වෙනවා. ඒකේ වර්ණ රතුපාටට හුරුයි.
මේ තමා රතු යෝධ අවස්තාව.

අපේ සූර්‍යා මේ අවස්තාවෙදි පෘථිවියේ කක්ශය දක්වා විහිදෙනවා. මේක වෙන්නේ තව වසර බිලියන 4කින් විතර. ඒවෙනකොට මිනිසුන් වෙනත් නිවහනක් හොයාගෙන තියේවි.

හැබැයි තරුව මෙහෙම වැඩි කල් ඉන්නේ නෑ. හීලියම් ඉතා ඉක්මනින් කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය බවට විලයනය වෙනවා.

අවසානයේ හීලියම් ඉවර උනාම ආපහු අර සමතුලිතය බිදවැටෙනවා. හරය හැකිලෙනවා. ඒ අතරේ පිටත ස්ථර බාහිරයට විහිදෙනවා.

නමුත් දැන් නම් ඒක නවතින්නේ නෑ. මොකද තරුවේ ස්කන්ධය මදිනිසා නැවත සමතුලිත කරගන්න බැරි නිසා. ඒනිසා හරය දිගටම හැකිලෙනවා. අවසාන හරයේ තියන පරමාණු වල න්‍යෂ්ටි එකට තදවෙලා ඉලෙක්ට්‍රෝන වල පීඩනය නිසා හැකිලීම නවතිනවා නවතිනවා.

නමුත් පිටත ස්ථර සෙමින් දිගටම විහිදෙනවා.

මේ ඉතුරුවෙන හරය දිගටම ඉතුරුවෙලා තියන තාපය පාවිච්චි කරලා සුදුපාටට තවත් වසර බිලියන කීපයක් දිලිසෙනවා. මේතමා සුදු වාමන තරු.

අර විහිදෙන වායූන් වලට කියනවා ග්‍රහ නිහාරිකා කියලා. ඒවයින් තවත් කුඩා තාරකා බිහිවේවි.

සුදුවාමන තරුවකටත් තවත් කතා 2ක් ඉතුරුවෙනවා.

සාමාන්‍ය සුදුවාමන තරුවක් නම් තාපය ඉවර වෙලා කලු වාමන තරුවක් වෙනවා.

හැබැයි ද්විත්ව තරු පද්ධතියක තියන සුදුවාමන තරුවක කතාව වෙනස්.

සිරියස් කියන්නේ අහසේ තියන දීප්තිමත්ම තරුව. මෙයාට පොඩි සගයෙක් ඉන්නවා. ඒ සුදුවාමන තරුවක්. ඒක කලින් සූර්‍යා වගේ තරුවක්.

අනාගතේ දවසක සිරියස් රතුයෝධ අවස්ථාවෙදි එයා සුදුවාමනයට ආසන්න වෙනකම් පිම්බේවි. ඒම උනාම සිරියස්ගේ පිටත් ස්ථර වල වායූන් වාමනයට ඇදිලා යනවා. ලැබෙන ස්කන්ධය අධික උනාම අධි උෂ්ණත්වය යටතේ හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයනයට ලක්වෙලා දැවැන්ත තාප න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා යනවා. මෙහෙම පිපිරීමෙන් සූර්‍යා වගේ මිලියන වාරයක ශක්තියක් පිටවෙනවා. මේ තමා නෝවා පිපිරීම්.

විශ්වයේ මණදාකිනිවලට තියන දුර මනින්න මේවා පාවිච්චි කරන්න පුලුවන්. මොකද හැම නෝවා පිපුරුමකම පිටවෙන ශක්තිය ආසන්නව සමාන නිසා.

අනිද්දා විතර කියන්නම් සූර්‍යා වගේ 10ගුණයකට වඩා ස්කන්ධයක් තියන තරුවල ඉරණම......

Read More Posts
@ My Profile
Or
@ Https://IRidiumXL.blogspot.com

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone