Posts

Showing posts from September, 2017

NPU Neural Processing Unit ස්නායුක ප්‍රොසෙසරය

Image
බොහොම මෑතකදි ඇපල් සමාගමෙන් එයාලගේ අලුත්ම A11 Bionic SoC එක හදුන්වා දුන්නම එච්චර කට්ටිය තැකීමක් නොකරපු දෙයක් තිබ්බා. ඒතමා එයාලගේ Intergrated NPU එක. (ෆෑන් බෝයිලා නම් මේක ගැන කියවලා ලොරිටෝක් දෙන්න ගියේ නෑ මේක මොකක්ද කියලවත් දන්නැති නිසා.) ඒවගේම Huawei සමාගමේ අලුත්ම Kirin970 SoC එකෙත් NPU එකක් තියෙනවා. නමුත් මේ NPU දෙක වෙනස්. A11 එකේ තියෙන්නෙ Intergrated එකක්. Kirin970 එකේ තියෙන්නෙ Dedicated එකක්. මොකක්ද මේ NPU එක කියන්නේ? මොකක්ද මේ වර්ග දෙකේ වෙනස? මොකක්ද මේ දෙකෙන් හොදම එක? මොනාද NPU එකෙන් කරන්න පුළුවන්? මුලින් බලමු මොකක්ද NPU එකක් එහෙමත් නැත්තං ස්නායුක ප්‍රොසෙසරයක් කියන්නේ කියලා. ස්නායුක ප්‍රොසෙසරයක් කියන්නේ කෘතීම යාන්ත්‍රික නියුරෝන භාවිත කරලා ගණනය කිරීම් කරන ප්‍රොසෙසරයකට. මේ ප්‍රොසෙසර වල විශේෂත්වය තමා මේවාමගින් තප්පරයට කල හැකි ගණනය කිරීම ප්‍රමාණය අතිශයින් ඉහළ වීම. හැබැයි මේ ප්‍රොසෙසර වලින් ලබාදෙන ගණනය කිරීම් 100%ක් නිවරදි නෑ. ආසන්න වශයෙන් තමා නිවරදි වෙන්නේ. දැන් බලන්න එපා අහවල් එකටද එහෙනම් මෙහෙම එකක් තියෙන්නෙ කියලා. මෙහෙම ලබාදෙන තොරතුරු ආසන්න ලෙස පමණක් නිවරදි වීමට හේතුව තමා ම

සහෝදරියන් තිදෙනෙක්.......

Image
ඔන්න මීට කාලෙකට කලින් විශ්වයේ එක මණ්දාකිණියක අලුත් තරුවක් ඉපදුනා. අලුත් තරුව බිහිවෙලා ඉතුරු කොටස් වලින් ග්‍රහලෝක කීපයක් උපත ලැබුවා. ඒ ග්‍රහලෝක වලින් 4ක් හැර අනික්වා සියල්ල දැවැන්ත ජියෝවියානු ග්‍රහලෝක. අර ග්‍රහලෝක 4 විතරක් පාශානමය ග්‍රහලෝක. මේ හතර දෙනාගෙන් කුඩාම කෙනා තරුවට ලගින්ම හිටියත් අනිත් තුන් දෙනා හිටියේ ජීවයට හිතකර කලාපයේ. ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක් එකම ප්‍රමාණයේ. අනික් කෙනා ඊට ටිකක් පොඩියි. ඒ තුන්වෙනියා පොඩි නිසා අනික් සහෝදරියන් දෙන්නට වඩා ඉක්මනින් පෘෂ්ඨය සිසිල් වෙලා වායුගෝලය නිර්මාණය උනා. සෞම්‍ය උෂ්ණත්වය යටතේ වර්ෂාව, සුලිකුණාටු යටතේ භූමිය හැඩගැන්වෙන්න පටන් ගත්තා. ඉක්මනින් සාගර පිරුණා. විල්, ගංඟා, දියඇලි බිහිඋනා. මේ වෙද්දී මෙයාගේ සහෝදරියන් දෙන්නාගෙ මතුපිට තවමත් අධිඋශ්ණත්වයේ. මොකද එයාලා ගොඩක් ලොකුයි පුංචි සහෝදරියට වඩා. කාලයත් එක්ක අනිත් දෙන්නත් සිසිල් වෙලා සාගර ඇතිඋනා. දැවැන්ත සුළි කුණාටු මේ තිදෙනාව හැඩගන්වන්න පටන් ගත්තා. මේ තමා සිකුරු, පෘථිවිය හා අගහරුගේ ලමාවිය. එකහා සමානව ජලය සහිත සාගර වලින් සමන්විත වෙච්ච ග්‍රහලෝක 3ක්. නමුත් වර්තමානයේදී සිකුරුගේ මතුපිට ඊයම් උණුකරන්න තරම් රස

Cassini Grand Finale : A Journey's End

Image
1997 ඔක්තෝම්බර් 15 උදේ 8.43ට ඇමරිකාවේ කේප් කැනවරල් තුඩුවෙන් Titan 4 වර්ගයේ රොකට්ටුවක් ගුවන්ගත් කෙරුනා. මේ රොකට්ටුව විසින් ගෙනිච්චේ එක්තරා විශේෂ යමක්. ඒතමා කැසිනි අභ්‍යාවකාශ යානය. එහි ගමනාන්තයට යාමට අවශ්‍ය වේගය ලබාගන්න කැසිනි සිකුරු හා පෘථිවිය-චන්ද්‍ර පද්ධති වටා කීපවරක් ගියා. ඒ ගුරුත්ව කැටපෝල ක්‍රමයෙන් වසර 7ක ගමනට අවශ්‍ය වේගය ලබාගන්න. කැසිනි කියන නම එන්නේ ඉතාලි ජාතික "ජියෝවන්නි ඩොමෙනිකෝ කැසිනි" කියන තාරකා විද්‍යාඥයගේ නමින්. ඔහුතමා සෙනසුරුගේ වලලු කීපයක් ඇතිබව හා සෙනසුරුගේ චන්ද්‍රයන් කීප දෙනෙක් සොයාගත්තේ. කැසිනි යානයේ හිටියා තවත් මගියෙක්. ඔහු ගියෙත් සෙනසුරුගේ පැත්තටම තමා. ඒතමා හියුජීන් මොඩියුලය. හියුජීන් ලෑස්ති උනේ සෙනසුරුගේ විශාලතම සද වෙච්ච ටයිටන් මතුපිටට බාන්න. කැසිනිව හැදුවේ ජෙට් ප්‍රොපල්ශන් ලැබ් එකෙන්. ඒක ඇමරිකාවේ. හියුජීන් හැදුවේ ඇල්කාටෙල් එකෙන්. ඉතින් කැසිනි-හියුජීන් කියන්නේ ඇමරිකානු හා යුරෝපීය එකමුතුවේ වැඩක්. කැසිනිගේ වියදම ඩොලර් බිලියන 3.5ක්! කැසිනි ටොන් 5.7ක් බරයි. සෙනසුරුගේ අසලදි සූර්‍ය පැනල වලින් වැඩක් නැති නිසා කැසිනි න්‍යෂ්ටික බලයෙන් බලගැන්වුනු කෙනෙක්. (ප්ලුට

හයිඩ්‍රජන් බෝම්බය

Image
මේ දවස් වල උතුරු කොරියාවේ කිම් අයියා බරටම වැඩනේ. බෝම්බ හදනවා. ටෙස්ට් කරනවා. හදනවා. ටෙස්ට් කරනවා. හැබැයි කාටවත් ගහන පාටක් නම් නෑ. අපේ අතිගරු(?) ජනාධිපතිතුමත් මෙයාගේ වැඩ හෙලාදැකල ප්‍රකාශයක් කලානේ. හැබැයි කිම් කාරය නම් තාම සිතියමේ ලංකාව හොයනවා ඇති. ඒක වෙන්න ඇති තාම ලංකාවට එයාගෙන් තෑග්ගක් ලැබුනේ නැත්තේ. ඒවා වැඩක් නෑ. කොහොමහරි මෙයා මෑතකදී එක්තරා බෝම්බයක් ටෙස්ට් කලා. ඒකේ බලපෑම නිස රටවල් කීපෙකට සුළු භූකම්පන තත්ව දැනිල තිබ්බා. මෙයා ඒ ටෙස්ට් කලේ හයිඩ්‍රජන් බෝම්බයක් එහෙමත් නැත්තං තාප න්‍යෂ්ටික බෝම්බයක්. ගොඩක් රටවල් මේ අලුත් බෝම්බෙ සාර්ථක උනාකියලා සෑහෙන්න කලබලත් උනානෙ. එහෙම වෙන්න එයාලට හොද හේතු තියෙනවා. මේ ලිපියේ අගහරියට යනකොට තේරේවි මොකද ඒ කියලා. මොකක්ද මේ හයිඩ්‍රජන් බෝම්බයක් කියන්නේ කියල මුලින් බලමු. (සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් ක්‍රියාකරන හැටි මං කලින් ලිපියක කිව්ව නිසා මං ඒ ගැන කියන්න යන්නේ නෑ.) මං කලින් ලිපියක කිව්වා සූර්යාගේ ශක්තිය උපදින න්‍යෂ්ටික විලයනය ගැන. කුඩා පරමාණු එකතුවෙලා විශාල පරමාණු සෑදීමේදි නිදහස් වන ශක්තිය තමා සූර්යාව පණගන්වන්නේ. මේ න්‍යෂ්ටික විලයනයට අතිවිශේශ පරිසර තත