Cassini Grand Finale : A Journey's End

1997 ඔක්තෝම්බර් 15 උදේ 8.43ට ඇමරිකාවේ කේප් කැනවරල් තුඩුවෙන් Titan 4 වර්ගයේ රොකට්ටුවක් ගුවන්ගත් කෙරුනා.

මේ රොකට්ටුව විසින් ගෙනිච්චේ එක්තරා විශේෂ යමක්. ඒතමා කැසිනි අභ්‍යාවකාශ යානය.

එහි ගමනාන්තයට යාමට අවශ්‍ය වේගය ලබාගන්න කැසිනි සිකුරු හා පෘථිවිය-චන්ද්‍ර පද්ධති වටා කීපවරක් ගියා. ඒ ගුරුත්ව කැටපෝල ක්‍රමයෙන් වසර 7ක ගමනට අවශ්‍ය වේගය ලබාගන්න.

කැසිනි කියන නම එන්නේ ඉතාලි ජාතික "ජියෝවන්නි ඩොමෙනිකෝ කැසිනි" කියන තාරකා විද්‍යාඥයගේ නමින්. ඔහුතමා සෙනසුරුගේ වලලු කීපයක් ඇතිබව හා සෙනසුරුගේ චන්ද්‍රයන් කීප දෙනෙක් සොයාගත්තේ.

කැසිනි යානයේ හිටියා තවත් මගියෙක්. ඔහු ගියෙත් සෙනසුරුගේ පැත්තටම තමා. ඒතමා හියුජීන් මොඩියුලය. හියුජීන් ලෑස්ති උනේ සෙනසුරුගේ විශාලතම සද වෙච්ච ටයිටන් මතුපිටට බාන්න.

කැසිනිව හැදුවේ ජෙට් ප්‍රොපල්ශන් ලැබ් එකෙන්. ඒක ඇමරිකාවේ. හියුජීන් හැදුවේ ඇල්කාටෙල් එකෙන්. ඉතින් කැසිනි-හියුජීන් කියන්නේ ඇමරිකානු හා යුරෝපීය එකමුතුවේ වැඩක්. කැසිනිගේ වියදම ඩොලර් බිලියන 3.5ක්!

කැසිනි ටොන් 5.7ක් බරයි. සෙනසුරුගේ අසලදි සූර්‍ය පැනල වලින් වැඩක් නැති නිසා කැසිනි න්‍යෂ්ටික බලයෙන් බලගැන්වුනු කෙනෙක්. (ප්ලුටෝනියම්)
කැසිනිව විශේශ ඇලුමිනියම් රෙදිවලින් වහන්න උනා සෙනසුරුගේ දරුණු චුම්බක බලපෑමෙන් බේරගන්න.

1997දි යවපු කැසිනි 2004දි සෙනසුරුගේ කක්ශගතවෙනව. ඒත් එක්කම 2005දි හියුජීන් මොඩියුලය ටයිටන් වෙත මුදාහරිනවා. (ටයිටන් ගැන මං දවසක වෙනම කියන්නම්). හියුජීන් මොඩියුලය ටයිටන්ගේ විලක ඉව්රකට බානවා. අධිශීත ටයිටන්ගේ මතුපිට චායාරූප එවන්නත් ඔහුට පුළුවන් උනා.

කැසිනි සෙනසුරුගේ එන්සෙලාඩස් සදේ ඉහල වායුගෝලය තුලින් ගියා. ඒකෙදි දුටු දෙයක් තමා එන්සෙලාඩස්ගේ මතුපිට ඉදන් ඉහලට අධිවේගී ජල ප්‍රවාහ විදින බව. එන්සෙලාඩස්ගේ අභ්‍යන්තර මුහුදු පිලිබඳ සැකය තහවුරු කලේ කැසිනි.

ඒවගේම සෙනසුරුගේ හා ඔහුගේ සගයන්ගේ පැහැදිලි චායාරූප පෘථිවියට එව්වෙත් කැසිනි. (කලුසුදු මේ පොටෝ වල රිසලුශන් එක 1024*1024)

ටයිටන් සදේ IR චායාරූප වලින් එහිමතුපිට පවතින ගංගා, විල් හා මුහුදු පෙන්නුවෙත් කැසිනි. මේ මුහුදු, විල්, ගංගා වල තියෙන්නෙ මීතේන්.
ටයිටන්ගේ වායුගෝලය පෘථිවිය වගේ 4 ගුණයක් නිසා මතුපිට සාමාන්‍ය කැමරා වලින් දකින්න බෑ.

සෙනසුරුගේ වලලු වල සැකැස්ම අපිට හෙලිකලේ කැසිනි.

සෙනසුරු, සෙනසුරුගේ සදවල් හා වලලු පද්ධතිය ගැන වසර 13ක් අපිට තොරතුරු එවපු කැසිනිගේ ඉන්ධන (න්‍යෂ්ටික හා රොකට් එන්ජින් ඉන්ධන) මේවසරේ මුල හිස් වෙන්න ඔන්න මෙන්න වෙලා තිබ්බෙ.

ඉතින් කැසිනිගේ අවසානම සේවා පැවරීම JPL එක විසින් ගිය අප්‍රේල් මාසයෙ ලබාදුන්නා.

ඒතමා ඉතිරි ඉන්ධන වලින් ස්වල්පයක් පාවිච්චි කරලා සෙනසුරු සමග විඛාදන කක්ශයකට යාම. සෙනසුරුගේ වටේ අප්‍රේල් වල ඉදන් මේවෙනකල් විඛාදනය වෙන කක්ශයක වට 21ක් කැසිනි ගියා. ඒ සෑම වටයකදිම කැසිනි සෙනසුරුට වඩ වඩාත් ආසන්න උනා. 22වන වටය යන අද, ඒකියන්නේ පෘතුවියෙන් නික්මිලා වසර 20ක් විතර වෙන 15දා කැසිනි සෙනසුරුගේ ඉහල වායුගෝලයට ඇතුලුවේවි.

වායුගෝලයේ සංයුතිය මනින්න කැසිනිට පුළුවන්කම ලැබෙනව මේකෙන් නමුත්...

ඉහල යන වායුගෝලීය පීඩනය හමුවේ යානයේ ඇන්ටනාව කෙසේ හෝ පෘථිවිය දිහාවට හරවන්න කැසිනි තමංගේ අවසාන ඉන්ධන බිංදුවත් වැයකරාවි.

අධික වායුගෝලීය ඝර්ෂණය හමුවේ දැවීඅලුවී යනතුරුත් කැසිනි පෘථිවියට හැකිතාක් දත්ත එවාවි.

වසර 20ක මෙහෙයුම අවසානේ කැසිනිගේ අළු සෙනසුරුගේ වායුගෝලයේ විසිරීයාවි...........

Cassini
1997-2017

Post By Rezor Kenway....

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone