Firefox


මෑතකදි මයික්‍රෝසොෆ්ට් එක එයාලගේ ඒජ් වෙබ් බ්‍රව්සර් එක ගූගල් ක්‍රෝමියම් ප්‍රොජෙක්ට් එක මත නැවත බිල්ඩ් කලා.
දැන් කැමති අයට අරං බලන්න එක්පරිමෙන්ටල් බිල්ඩ් තියනව.
වර්තමානයේ වෙබ් බ්‍රව්සර් මාකට් එක බැලුවොත් බහුතරයක් පාවිච්චි කරන බ්‍රව්සර් තියෙන්නෙ අතලොස්සක්.
ගූගල් ක්‍රෝම්.
මොසිල්ල ෆයර්ෆොක්ස්.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හා ඒජ්.
සෆාරි
අනෙක් ඔක්කොම වගේ එක්කො ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් මත බිල්ඩ් කරපුව.
මේකෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ගූගල් ක්‍රෝම්.
ක්‍රෝම් බ්‍රව්සර් එක කියන්නේ අපිව කරන්න පුළුවන් උපරිමෙන්ම ට්‍රැක් කරන බ්‍රව්සර් එකක්. ඕනනම් කීලොගර් එකකට සමාන කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම්.
මෑතක ඉඳන් බහුතරයක් ප්‍රසිද්ධ බ්‍රව්සර් ක්‍රෝමියම් ගත වෙන්න ගත්තා. ඒජ්, ඔපෙරා ඒවට උදාහරණ.
මේකෙ හානියක් නෑ වගේ පෙනුනට මේකෙන් දැවැන්ත හානියක් සමස්ත අන්තර්ජාලයටම වෙනව.
එක බ්‍රව්සර් එකක් සම්පූර්ණ ඉන්ටර්නෙට් බ්‍රව්සර් වල ඒකාධිකාරය ලබාගත්තම අදාල බ්‍රව්සර් එක අයිති සමාගමට ඕන විදිහට වෙබ්සයිට් වලට නටන්න වෙනව.
ඊටත් වඩා අනතුරුදායක දේ තමා බ්‍රව්සර් එකේ එක්ස්ප්ලොයිට් එකක් පාවිච්චි කරන පැතිරෙන මැල්වෙයා, හැක් වලට පැතිරෙන්න පහසු වෙනව.
මේගැන මොසිල්ල CEO අනතුරු අඟවල තිබ්බ ඒජ් එක ක්‍රෝමියම් උනාට පස්සේ.
අනිත් වෙබ් බ්‍රව්සර් වගේ නෙවේ ෆයර්ෆොක්ස් ගොඩාක් ප්‍රයිවසි ෆ්‍රෙන්ඩ්ලි. මොසිල්ලා ලාභ නොලබන එකක් නිසා එයාලට අපිව ට්‍රැක් කරල වැඩක් නෑ.
ෆයර්ෆොක්ස් බ්‍රව්සර් ඩයග්නෝස්ටික් පාවිච්චි වෙන්නේ එක එක හාඩ්වෙයා උඩ බ්‍රව්සර් එකට එන ගැටලු අඩු කරන්න ඩිවලොපර්ලට උදව් වෙන්න.
හැබැයි ගූගල් ක්‍රෝම් එකේ බ්‍රව්සර් ඩයග්නෝස්ටික් වලිනුත් කරන්නේ අපිව ට්‍රැක් කරන එක.
ෆයර්ෆොක්ස් PC වර්ශන් එක ක්‍රෝමියම් බ්‍රව්සර් වලට වඩා පර්ෆෝමන් වැඩී.
හැබැයි මොබයිල් බ්‍රව්සර් එක පොඩ්ඩක් පර්ෆෝමන්ස් අඩුයි. මොකද ක්‍රෝම් වගේ CPU Cycles හොරකන් නොකරන නිසා හා බැක්ග්‍රවුන්ඩ් රන් නොවන නිසා. මේනිසා බ්‍රව්සර් එක ඕපන් වෙන්න සුලු පරක්කුවක් යනව.
ලඟදිම මොසිල්ලල ෆයර්ෆොක්ස් ඇන්ඩ්‍රොයිඩ් එක නවත්තල වෙනමම අලුත්ම බ්‍රව්සර් එකක් හදුන්වල දෙන්න යනව ෆීනික්ස් (?) (Fenix) කියල.
ෆයර්ෆොක්ස් සින්ක් වලින් ෆයර්ෆොක්ස් එකවුන්ට් අතරෙ ඩේටා සින්ක් කරන්න පුළුවන්. ඔයාල පීසී, මොබයිල් කීපෙක උනත් ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවනම් එකම ෆයර්ෆොක්ස් එකවුන්ට් එකට ලොග් වෙලා නම් ඉන්නේ ඔක්කොම සින්ක් වෙනව.
ඒවගේම ෆයර්ෆොක්ස් සෙන්ඩ් කියල ෆයිල් ශෙයාකරන්න සර්විස් එකක් වගේම පොකට් කියන බුක්මාක් වෙනුවට දීලා තියන ෆීචර් එකත් වැදගත්.
අනිත් වැදගත්ම ෆීචර් එක කන්ටේනර් ටැබ්ස්. මං මේගැන කලිනුත් කිව්ව.
ෆේස්බුක් වගේ මහාපරිමාණෙන් ට්‍රැක් කරන උන් අපි විසිට් කරන හැම සයිට් එකක්ම ට්‍රැක් කරන එක නවත්තන්න දීපු ෆීචර් එකක්. හැමෝම අනිවාර්යයෙන් පාවිච්චි කරන්න ඕන එකක් ඒක.
ඒව ගැනත් පොඩ්ඩක් දැනගන්න.
Switch to Firefox NOW!

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone