Posts

Showing posts from August, 2017

Android vs IOS/Iphone

ලිපිය කොහෙන් පටන්ගන්නද කියලා තමා හිතාගන්න අමාරු. කමක් නෑ සොෆ්ට්වෙයා පැත්තෙන් පටන් ගමු. අංක එකටම IOs කියන්නේ Unix කර්නල් එකෙන් දුවන OS එකක් නෙවේ. ඒක XNU Hybrid කර්නල් එකක්. ඇන්ඩ්‍රොයිඩ් Pure Linux කරනල් එකේ දුවන්නේ. මේ හයිබ්‍රිඩ් කර්නල් එකේ විශේශත්වයක් තමා තනි සිස්ටම් ප්‍රොසෙස් වලට වෙන් වෙන්ව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන එක. තනි ඇප් එකක් රන් කරන්න හොදයි. හැබැයි ඇප් කීපයක් රන් වෙනකොට ප්‍රොසෙස් අතර දත්ත හුවමාරුව ස්ලෝ වෙනවා. IOS OS එක ලියලා තියෙන්නේ C,C++,Objective C, Swift පාවිච්චි කරලා. Android ලියලා තියෙන්නේ C,C++, Java, .Net C# වලින්. ගොඩාක් IOS Usersලා කියනවා Android ඇප්ස් ස්ලෝලු. ඒක හරි ඇති හැබැයි ඒ ඉතින් ඇන්ඩ්‍රොයිඩ් 4.4වලට කලින් ඒවට. මොකද ඒකාලේ පාවිච්චි කලේ Dalvik VM එක. ඒක JIT වර්ගේ  කම්පයිලර් එකක්. (කෝඩ් එක මැශින් කෝඩ් එකට හරවන්නේ ඇප් එක දුවන කොට). හැබැයි දැන් තියෙන්නේ ART එක. ඒක AOT එකක්. ඒකෙන් වෙන්නේ ඉන්ස්ටෝල් වෙන වෙලාවෙම කම්පයිල් වෙනවා. දැන් ඇන්ඩ්‍රොයිඩ් 7.1 වල ඉදන් අලුත්ම ART එකෙන් ඇප් ඉන්ස්ටෝල් වෙන්න යන වෙලාව කලින්ට වඩා 70% අඩු වෙලා. මොකද ඇප් එකේ බේසික් ටික කම්පයිල් උ

The Turing Machine......

Image
මේ කතාව පටන් ගන්නේ දෙවනි ලෝක යුද්ධ සමයෙන්. හිට්ලර්ගේ නාසි ජර්මනිය ප්‍රමුඛ රටවල් කිහිපය හා එංගලන්තය ප්‍රමුඛ මිත්‍රපාර්ශවික රටවල් අතර යුද්ධය හිට්ලර්ගේ පාර්ශවය දිනමින් හිටපු කාලය මේ..... නාසි ටයිගර් ටැංකි, U-Boat කියන සබ්මැරීන් නිසා යුද්ධය මිත්‍රපාර්ශවික රටවල් පරදිමින් හිටියේ. මේකාලේ හැමෝම පණිවිඩ හුවමාරු කලේ FM/AM තරංග වලින්. මේවා ඉතින් රේඩියෝවක් තියන ඕන කෙනෙක්ට අහන්න පුළුවන් නිසා මේ පණිවිඩ ඛේතනය කරලා යවන්නේ. හැබැයි මේවාට පාවිච්චි කල ක්‍රම ටිකක් වෙලාවක් අරගෙන කඩන්න පුළුවන් ක්‍රම. ඒ නිසා නිතරම මිත්‍රපාර්ශවික රටවල් වල පණිවිඩ නාසීන් විසින් කියෙව්වා. හැබැයි ඒක එහෙම උනාට නාසීන්ගේ පණිවිඩ කිසිම ක්‍රමේකට කඩන්න මිත්‍රපාර්ශවිකයන්ට බැරිවුණා. මොන විඛේතන ක්‍රමේ පාවිච්චි කලත් මේ පණිවිඩ විඛේතන කරන්න බැරි උනා. මේගැන හොයපු එංගලන්ත රහස් ඔත්තු සේවයට දැනගන්න ලැබෙනවා මෙයාලා මේ පණිවිඩ ඛේතනය කරන්නේ එක්තරා යන්ත්‍රයක් පාවිච්චි කරලා කියලා. මේ යන්ත්‍රය තමා Enigma (එනිග්මා). ඉතින් බ්‍රිතාන්‍ය කලේ පෝලන්තයෙන් මේ මැශිමක් උස්සපු එක. එයාල හිතුවා මේ මැශිමක් තිබ්බොත් අර පණිවිඩ Decode කරන්න පුළුවන් වේවි කියල. හැබැයි

Death by a Blackhole

Image
මේ කතා කරන්න හදන්නේ කලුකුහර ගැන කතා කරන්නම විතරක් නෙවේ. කලුකුහරයක් පාවිච්චි කරලා සියදිවි නසාගන්නේ කොහොමද කියලත් කතාකරන්න! මුලින් බලමු මොකක්ද කලු කුහරයක් කියන්නේ හා ඒක මොකක් වගේද, ඒවා හැදෙන්නේ කොහොමද කියලා. මං කලින් ලිපියක කිව්වා සූර්‍ය ස්කන්ධ 30ක විතර තරුවක් මැරෙනකොට ඒකේ හරය මත ක්‍රියාකරන ගුරුත්ව බලය නිසා හරය අතිශය කුඩා ප්‍රමාණයක් දක්වා හැකිලිලා අවසානයේ කාල-අවකාශ සීමාව ඉක්මවා හැකිලිලා යනවා කියලා. ඒවගේම සමහර තරු උපදිනකොටත් වායු වලාවෙන් ලැබෙන ස්කන්ධය අධික වෙලා ඒමතම කඩා වැටිලත් කලුකුහර බිහිවෙනවා කියලා. මේ ක්‍රම දෙකෙන් හැදෙන කලුකුහරවල ප්‍රමාණය වෙනස්. තරු පුපුරලා හැදෙන්නේ කුඩා ඒවා. මොකද ඒවට ලගාවෙන්න පුලුවන් උපරිම ස්කන්ධය සීමිතයි. නමුත් ධූලි වලාව තමා මතම කඩා වැටිලා හැදෙන ඒවා සූර්‍ය ස්කන්ධය බිලියන ගානක් වෙන්න පුලුවන්. කලුකුහරයක ගුරුත්ව බලය අතිශය ප්‍රභලයි. පෘථිවිය මතුපිට ගුරුත්ව බලයට අපි කියලා 1g කියලා. (ග්‍රෑම් නෙවේ මේ). මේ ගුරුත්වය කොච්චර ප්‍රභලද කියනවනම් සෘජුව හෝ යම් මට්ටමකින්  කලුකුහරයට ආසන්නව එන ෆෝටෝන පවා මේකට ඇදලා ගන්නවා. ඒනිසා කියනවා ආලෝකය පවා උරාගන්නවා කියලා. කුඩා කලුකුහරයක පවා