Death by a Blackhole

මේ කතා කරන්න හදන්නේ කලුකුහර ගැන කතා කරන්නම විතරක් නෙවේ. කලුකුහරයක් පාවිච්චි කරලා සියදිවි නසාගන්නේ කොහොමද කියලත් කතාකරන්න!

මුලින් බලමු මොකක්ද කලු කුහරයක් කියන්නේ හා ඒක මොකක් වගේද, ඒවා හැදෙන්නේ කොහොමද කියලා.

මං කලින් ලිපියක කිව්වා සූර්‍ය ස්කන්ධ 30ක විතර තරුවක් මැරෙනකොට ඒකේ හරය මත ක්‍රියාකරන ගුරුත්ව බලය නිසා හරය අතිශය කුඩා ප්‍රමාණයක් දක්වා හැකිලිලා අවසානයේ කාල-අවකාශ සීමාව ඉක්මවා හැකිලිලා යනවා කියලා.

ඒවගේම සමහර තරු උපදිනකොටත් වායු වලාවෙන් ලැබෙන ස්කන්ධය අධික වෙලා ඒමතම කඩා වැටිලත් කලුකුහර බිහිවෙනවා කියලා.

මේ ක්‍රම දෙකෙන් හැදෙන කලුකුහරවල ප්‍රමාණය වෙනස්. තරු පුපුරලා හැදෙන්නේ කුඩා ඒවා. මොකද ඒවට ලගාවෙන්න පුලුවන් උපරිම ස්කන්ධය සීමිතයි. නමුත් ධූලි වලාව තමා මතම කඩා වැටිලා හැදෙන ඒවා සූර්‍ය ස්කන්ධය බිලියන ගානක් වෙන්න පුලුවන්.

කලුකුහරයක ගුරුත්ව බලය අතිශය ප්‍රභලයි. පෘථිවිය මතුපිට ගුරුත්ව බලයට අපි කියලා 1g කියලා. (ග්‍රෑම් නෙවේ මේ).

මේ ගුරුත්වය කොච්චර ප්‍රභලද කියනවනම් සෘජුව හෝ යම් මට්ටමකින්  කලුකුහරයට ආසන්නව එන ෆෝටෝන පවා මේකට ඇදලා ගන්නවා. ඒනිසා කියනවා ආලෝකය පවා උරාගන්නවා කියලා.

කුඩා කලුකුහරයක පවා ඊට යම්තරමක් ආසන්නව තියෙනවා මිලියන ගනනක g ගානක්.

කලුකුහරය හා අවට අවකාශය වෙන් කරන සීමාවට කියන්නේ Even Horizon කියලා. (ක්‍රියා-ක්ශිතිජය වෙන්න ඕන සිංහලෙන්). අපි දන්නේ මේ සීමාවෙන් මෙපිට තියන දේවල් හා වෙන දේවල් ගැන විතරයි. ඇතුලේ මොන මගුලක් වෙනවද අපි දන්නෑ. ඒනිසා මං ඒගැන කතාකරන්න යන්නේ නෑ.

කලුකුහර කියන්නේ තරු ගිලිමින් විශ්වය වටා යන දෙවල් නෙවේ. ඒවා නිතරම අදාල චක්‍රාවාටය වටා නිශ්චිත කක්ශයේ යනවා. අනික කලුකුහරයක ඉදන් කුඩා දුරක් දක්වා විතරයි ගුරුත්ව බලපෑම දරුණු වෙන්නේ.

අපි අවකාශ රබර් මෙට්ටයක් වගේ කියලා හිතුවොත් කලුකුහරයක් කියන්නේ මෙට්ටේ උඩ තියපු කිලෝ 2000ක ජිල් බෝලෙකින් මෙට්ටෙට කරන දේ කරන දෙයක්. මෙට්ටෙත් ඉරාගෙන යටට බහිනවා. හැබැයි රෙද්ද නිසා සිදුර දිගටම තියෙනවා. ඒවගේ

තමංගේ උපත අනුව ලැබෙන භ්‍රමණ ශක්තිය නිසා කලුකුහර ඉතා වේගෙන් තමා වටා කැරකෙනවා. මේ කැරකිල්ල නිසා තමා අවට අවකාශයත් තමං එක්කම ඇඹරෙන්න ගන්නවා.

කලුකුහර වල චිත්‍ර වටේ දැකලා ඇතිනේ ලොකු වායු වලාවක් සුලියක් වගේ කැරකිලා කලුකුහරයට ඇදෙනවා. මේක හැම කලුකුහරයටම නෑ. එයාට ඇදගන්න යමක් තියෙනවා නම් විතරයි මේක ඇතිවෙන්නේ.

අපිට කලුකුහර දකින්න බෑ. නමුත් කලුකුහර විසින් ඉතාකලාතුරකින් ප්‍රභ්ල ගැමාකිරණ ස්පන්දන විහිදුවනවා. ඉතා ප්‍රභ්ලව මේක වෙන්නේ එක්කෝ කලුකුහර උපදිනකොට නැත්තං කලුකුහර දෙකක් එකට එකතුවෙනකොට.

අපි සින්ක් එකකට වතුර පුරවලා පහල මූඩිය ගැලෙව්වම වතුර ටික සුලියක් හදාගෙන බහිනවනේ. ඒක වෙන්නේ වතුර බහින්න පුලුවන් සිදුර පොඩි නිසා එකවරකට බහින්න පුලුවන් සුලු ජල පරිමාවකට විතරයි. ඉතින් අනිත් ඒවත් ඇදිලා ආවට යන්න බෑ හිරවෙලා කැරකෙනවා.

මේ වගේම කලුකුහරයට ඇදෙන පදාර්ථත් එකපාරටම සේරම ඇදගන්න බෑ. හිරවෙනවා. මේ නිසා අධික ඝර්ෂණය හටගන්නවා. මේ නිසා මේ වායු තැටිය කෙල්වින් ලක්ශගානකට රත් වෙනවා. මේ කෙල්වින් ගානෙදි පිටවෙන්නේ පහල ගැමාකිරණ. මේවා කලුකුහරයට ටිකක් ඈතින් ඉදම් එන නිසා ගැමාකිරණ දුරේක්ෂ වලින් දකින්න පුලුවන්. ඒ ක්‍රමෙන් තමා මුල්ම කලුකුහර සිග්නස් X-1 හොයාගත්තේ.

මේ විදිහට අමාරුවෙන් කලුකුහරයේ EV (Event Horizon) එක ලගට ඇදුනත් සමහර පදාර්ථ වලට ඇතුලට රිංගන්න බැරිවෙනවා. ඒනිසා ඒවා කලුකුහරයේ භ්‍රමණ අක්ශය ඔස්සේ දෙපසට විදිනවා මේ අයණීකරණය වෙච්ච පදාර්ථ විදුම්වලට කලුකුහර ප්‍රවාහ කියල කියනවා. හැබැයි සමහර වෙලාවට නියුට්‍රෝන තරුවලත් මේ සංසිද්ධිය වෙනවා.

හැබැයි මෙ තැටියෙන් ගැමා කිරණ විතරක් නෙවේ සාමාන්‍ය දෘශ්‍ය ආලෝකයත් පිටවෙනවා කෘෂ්ණ වස්තු විකිරණයට අනුව. නමුත් ඒ සුලු ප්‍රමාණයක් විතරයි. ඒත් ආසන්නව බලනකොට කලුකුහරය වටා තැටිය අධිල දීප්තිමත්ව දකින්න පුලුවන් වේවි.

සමහර අවස්තාවල කලුකුහර එකිනෙකා වටා පරිභ්‍රමණ වෙනවා දකින්න පුලුවන්. මේකෙන් වෙන්නේ අවකාශ කාල තලයේ රැලි ඇති වෙනවා. හිතන්නකෝ වතුරට ටෙනිස් බෝල දෙකක් දාලා එකිනෙකා වටේ කැරකෙව්වම වතුරේ රැලි වදින හැටි. මේකම තමා මේ කලුකුහර එකිනෙකා වටා යනකොටත් වෙන්නේ. මේවට කියන්නේ ගුරුත්ව තරංග කියලා.

කලුකුහර අසල ඉතා ප්‍රභල අවකාශ වක්‍රතාවක් තියන නිසා කාලය ගමන් කරන්නේ සාපේක්ෂව සෙමින්. අධික වේගෙන් කැරකෙන කලුකුහර වලින් වෙන අවකාශ ඇඹරීම නිසා මේ කාලයේ වේගය තවත් අඩු වෙන්න පුලුවන්.

දැන් බලමු කලුකුහරයකින් මැරෙන්නේ කොහොමද කියලා.

හිතන්න ඔයා විශේශ Space Suit එකක් ඇදන් කලුකුහරයක ගුරුත්ව සීමාවෙ ඉදන් ඒක දිහාට පනිනවා. මේ ඇදුමට අර අධික විකිරණ හා උශ්ණත්වය දරාගන්න පුලුවන් කියලා හිතමු.

කට්ටිය උදම් බලය ගැන දන්නවද?
ඒකේ මූලික අදහස ගුරුත්ව ක්ශේත්‍රයක තියන එකම වස්තුවක් කලවරවල් දෙකක තියන ගුරුත්ව බලයේ වෙන්ස් වීම.

කලුකුහරයක් දෙසට තියන ගුරුත්වය වෙනස් වීමේ සීඝ්‍රතාවය ඉතා අධිකයි. ඒකිව්වේ කලුකුහරය දෙසට යනකොට ගුරුත්ව ඉහලයාම වෙන වේගය ඉතාඉහලයි.

මේ නිසා එක්තරා මොහොකදී ඔයාගේ කකුල් දෙක මත යෙදෙන ගුරුත්ව බලයට වඩා අඩු බලයක් යෙදෙන්නේ හිස මත. මේක විශාල වෙනසක්. ඒනිසා ක්ශනිකව ඉනට උඩහින් කෑලි දෙකකට කැඩිලා යනවා!

හැබැයි මේ කෑලි දෙකේ ආපහු උදම් බලපෑම ක්‍රියා කරනවා. ඒවා ආපහු දෙකට කැඩෙනවා. මේ විදිහට කැඩිලා කැඩිලා ගිහින් අන්තිමට උශ්ණත්වය නිසා අයණීකරණය උන පරමාණු ධාරාවක් විතරයි කලුකුහරයට ඇදෙන්නේ.

හැබැයි ඒ කුඩා කලුකුහර වල. අතිශය විශාල ඒවයි මේ ගුරුත්ව වෙනස ඉතා කුඩා නිසා ප්‍රශ්නයක් නැතුව හරස් අතට පනින්න පුලුවන්. EV එකෙන් එහා පැත්තට ගියාම මොනාවෙනවද කියලා ඉතින් මං දන්නෑ.

හැබැයි මේ කලුකුහරය අධි වේගෙන් භ්‍රමණය වෙන එකක් නම් EV එක ගෝලාකාර වෙන්නේ නෑ. ඒක උලුඳු වඩේ ශේප් එක ගන්නවා. ඒකට හේතුව අධික භ්‍රමණ චලිතය නිසා EV එක පිටතට ඇදීම. මේ නිසා ඔයා වැටෙන්නේ කලුකුහරයට නෙවේ මේ මැද සිදුරට. මේ සිදුර Wormhole එකක් ලෙස ක්‍රියාකරන්න පුලුවන් නිසා ඔයා වෙනත් අවකාශයක වෙනත් කාලයකින් මතුවේවි. ඒවා ඉතින් හයිපොතෙටිකල් තමා හැබැයි!

ඒ හැර කලුකුහර ගැන විශේෂයෙන් කියන්න අමුතු යමක් නෑ. පෘථිවියට එන කොස්මික් කිරණ වලින් යම් ප්‍රමාණයක් මේ කලුකුහර නිසා උපදින ඒවා.

සෑම මණදාකිනියකම මධ්‍යයේ තියෙනවා සූර්‍ය ස්කන්ධ බිලියන ගානක කලුකුහරයක්. මණදාකිනියක උපතේදීම ධූලි වලා තමා මතම වැටිලා බිහිවෙන වර්ගේ ඒවා ඒ. මුලු මණදාකිනියේම කේන්ද්‍රය ලෙස සැලකෙන්නේ එතන.

ඒහැර ඉතින් ඔය සමහර SiFi වලින් කියන ඒවා නම් කලුකුහර වලට බෑ ඉතින්!

Comments

Popular posts from this blog

ඇයි යට උනේ?.......

The Android (Software Part 3)

Android vs IOS/Iphone