හයිඩ්‍රජන් බෝම්බය

මේ දවස් වල උතුරු කොරියාවේ කිම් අයියා බරටම වැඩනේ.
බෝම්බ හදනවා.
ටෙස්ට් කරනවා.
හදනවා. ටෙස්ට් කරනවා.
හැබැයි කාටවත් ගහන පාටක් නම් නෑ.

අපේ අතිගරු(?) ජනාධිපතිතුමත් මෙයාගේ වැඩ හෙලාදැකල ප්‍රකාශයක් කලානේ. හැබැයි කිම් කාරය නම් තාම සිතියමේ ලංකාව හොයනවා ඇති. ඒක වෙන්න ඇති තාම ලංකාවට එයාගෙන් තෑග්ගක් ලැබුනේ නැත්තේ.

ඒවා වැඩක් නෑ. කොහොමහරි මෙයා මෑතකදී එක්තරා බෝම්බයක් ටෙස්ට් කලා. ඒකේ බලපෑම නිස රටවල් කීපෙකට සුළු භූකම්පන තත්ව දැනිල තිබ්බා. මෙයා ඒ ටෙස්ට් කලේ හයිඩ්‍රජන් බෝම්බයක් එහෙමත් නැත්තං තාප න්‍යෂ්ටික බෝම්බයක්.

ගොඩක් රටවල් මේ අලුත් බෝම්බෙ සාර්ථක උනාකියලා සෑහෙන්න කලබලත් උනානෙ. එහෙම වෙන්න එයාලට හොද හේතු තියෙනවා. මේ ලිපියේ අගහරියට යනකොට තේරේවි මොකද ඒ කියලා.

මොකක්ද මේ හයිඩ්‍රජන් බෝම්බයක් කියන්නේ කියල මුලින් බලමු.

(සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් ක්‍රියාකරන හැටි මං කලින් ලිපියක කිව්ව නිසා මං ඒ ගැන කියන්න යන්නේ නෑ.)

මං කලින් ලිපියක කිව්වා සූර්යාගේ ශක්තිය උපදින න්‍යෂ්ටික විලයනය ගැන. කුඩා පරමාණු එකතුවෙලා විශාල පරමාණු සෑදීමේදි නිදහස් වන ශක්තිය තමා සූර්යාව පණගන්වන්නේ.

මේ න්‍යෂ්ටික විලයනයට අතිවිශේශ පරිසර තත්තව ඕන. කෙලිවින් මිලියන කීපයක උශ්ණත්වය වගේ විශේෂ තත්ව.

මේ පරිසර තත්ව පෘථිවිය මත ඇතිවෙන අවස්ථා තියෙනවා. ඒතමා න්‍යෂ්ටික බෝම්බ පිපිරීම් වලදි පිපුරුම් කේන්ද්‍රයේදී. (මේවෙනකොට පෘථිවිය මත න්‍යෂ්ටික බෝම්බ 2000කට වඩා පුපුරුවාහැරලා තියෙනවා. හැබැයි යුද්ධෙකදි පාවිච්චි කලේ දෙකක් විතරයි)

ඉතින් මේ න්‍යෂ්ටික බෝම්බ පිපුරුමකදි ඇතිවන තාපය හා පීඩනය පාවිච්චි කරල න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් ඇතිකලොත්?

ඕන් ඕක තමා හයිඩ්‍රජන් බෝම්බෙක මූලික අදහස.

මුලින්ම හයිඩ්‍රජන් වල සමස්ථානිකයක්  වෙන ඩියුටීරියම් මැදට නැත්තං කොනෙන් දානවා. ඊට කිට්ටුවෙන් හෝ වටෙන් සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක් සවිකරනවා. (ඇත්තටම මේකේ නම හයිඩ්‍රජන් බෝම්බයක් නෙවේ ඩියුටීරියම් බෝම්බයක් වෙන්න ඕන. හැබැයි ඉතින් ඩියුටීරියම් කියන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානිකයක් නිසා කමක් නෑ)

මුලින් පුපුරන සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බය මගින් ඇතිවන දැවැන්ත XRay හා Gamma Ray විකිරණ නිස ඇතිවන අතිවිශාල විකිරණ පීඩනය නිසා හයිඩ්‍රජන් අඩංගු කොටස පීඩනයට ලක්වෙනවා. මේ පීඩනය නිසා උපදින තාපයෙන් හයිඩ්‍රජන් විලයන උශ්ණත්වය කරා යනවා. ඉතින් ක්ෂණිකව එතන සූර්යාගේ මධ්‍යයේ ආකාරයට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදුවෙලා පරමාණු බෝම්බයක වගේ දාහස් ගුණයක් ශක්තියක් මුදාහරිනවා.......

ඉතින් දැන් හැමෝම න්‍යෂ්ටික බෝම්බ ඇතෑරලා හයිඩ්‍රජන්/තාපන්‍යශ්ටික බෝම්බ හදන්න තමා උත්සහ කරන්නේ.

මුල්ම හයිඩ්‍රජන් බෝම්බෙ පරීක්ෂා කරන්න පුපුරුවා හරිනවා 1952දී ඇමරිකන් එක්සත් ජනපදය විසින්.

හැබැයි හැමදාමත් වගේ බලගතුම හා ප්‍රායෝගිකම හයිඩ්‍රජන් බෝම්බයක් හදන්නේ රුසියාව විසින්. ඒතමා Big Ivan හෙවත් TSAR කියන බෝම්බය.

1961 ඔක්තෝම්බර් 30දින පුපුරුවපු මේ බෝම්බේ ඉතිහාසගත්වෙලා තියෙනවා ලෝකයේ පුපුරුවපු බලගතුම අවිය හැටියට. තාම මේ වාර්තාව කැඩිලත් නෑ....

මේ බෝම්බේ සෑහෙන්න සුවිශේෂී බෝම්බයක්.

මේ බෝම්බෙ කෝඩ් නේම් එක උනේ Kuzkina Mat. ඒකේ තේරුම We will Show You (අපි පෙන්නන්නම් උඹලට) කියලා. ඒ කෝචොක් එක ඇමරිකාවට.

බෝම්බෙ ස්කන්ධය කිලෝග්‍රෑම් 27,000ක්! දිග මීටර් 8ක්.

මේක TU-95 වගේ ප්ලේන් එකක හයිකරලා කිලෝමීටර් 10ක් උඩින් තමා බිමට ඇතෑරලා තියෙන්නේ. ප්ලේන් එක වැහෙන්න විශේෂ සුදු තීන්ත එකක් ගාලා තිබුනත් ඒකේ ගියපු සෙබලුන්ට තිබුනේ 50%ක දිවිගලවා ගැනීමේ අවස්ථාවක් විතරයි!

කිලෝමීටර් 10ක් උඩින් දාපු බෝම්බෙට කිලෝග්‍රෑම් 800ක පැරචුට් එකකුත් හයිකරලා තිබ්බේ වැටෙන වේගේ අඩු කරන්න.

රුසියාවට උඩින් තියන දූපතකට තමා මේක දැම්මේ. කිලෝමීටර් 4ක උසකදී බෝම්බේ පුපුරා යනවා.

මේකෙන් නිදහස් උන ශක්තිය මෙගාටොන් 50ක්! (කිලෝටොන් 1 = TNT ටොන් 1000ක ශක්තිය. ඉතින් මෙගාටොන් 50ක් කියන්නේ කීයද කියලා බලන්න)

දෙවනි ලෝක යුද්දෙදි පුපුරුවපු සියලු වෙඩි බලය වගේ දහස් ගුණයක් මේ බෝම්බෙන් පිටඋනා. ඒ සියලු වෙඩි බලය කිව්ව එකට හිරෝෂිමා නාගසාකි බෝම්බ දෙකත් ඇතුලත්.

හිරෝෂිමා නාගසාකි බෝම්බ නිකන් රතිඤ්ඤා කරල් වගේ මේකත් එක්ක බලනකොට.

බෝම්බේ පිපිරීමෙන් ඇතිඋන හතු හැඩයේ වලාකුල කිලෝමීටර් 64ක් උසයි. බෝම්බෙ පුපුරුවපු එකෙන් ආපු ශොක්වේව් එක නිසා බෝම්බේ දාපු ප්ලේන් එක කිලෝමීටර් කීපයක් ඈතට විසි වෙලාගියා හැබැයි බෝම්බේ පුපුරනකොට ප්ලේන් එක තිබ්බේ කිලෝමීටර් 700 ඈතින්!. එච්චර දුරින් තිබ්බ ප්ලේන් එක විසිවෙන්න තරම් ශොක්වේව් එකක් ඇවිල්ලා බෝම්බෙන්.

බෝම්බෙ දාපු ප්ලේන් එකට අමතරව පිපුරුම නිරීක්ෂණය කරන්න තවත් පොඩි ප්ලේන් එකක් ගියා. ඒකටත් මේ දේම උනා. හැබැයි දක්ශ රුසියානු පයිලට්ලා සාර්ථකව ප්ලේන් එක බිමට බාලා තියෙනවා.

බෝම්බේ පුපුරුවපු තැන ඉදන් කිලෝමීටර් 900ක් ඈත තිබ්බ නිරීක්ෂණාගාර වල වීදුරු කුඩු වෙලා තියෙනවා වායුපීඩන නිසා.

නෝවේ හා ෆින්ලන්තයේ ගෙවල් වල වීදුරු බිදුනු බවටත් වාර්තා තියෙනව.

ඒවගේම මේ ශොක්වේව් එක පෘථිවිය වටා තුන්වතාවක් ගමන් කර්ලා තියෙනවා කියල නිරීක්ෂණාගාර වලට අහුවෙලා තියෙනව.

කෝමද රුසියාවේ වැඩ?

ඇමරිකාවට හදපු ප්‍රභ්ලම බෝම්බෙ යාන්තං මෙගාටොන් 25ක් විතරයි.

පසුකාලීනව TSAR එකේ සැකැස්ම බැලුවම පෙනුන දෙයක් තමා බෝම්බේ උපරිම ධාරිතාව මෙගාටොන් 100ක් බව!

ඒකේ තේරුමතමා රුසියාව බෝම්බෙට ඉන්ධන ගහලා තියෙනවා බාගෙට. සමහර විට ප්ලේන් එකේ ගෙනියන්න අමාරු නිසා වෙන්න පුළුවන්. නැත්තං ඕක ටෙස්ට් කරන්න හැදුවොත් පෘතුවියේ සේරම ජනෙල් වීදුරු අලුතෙන්ම දාන්න වෙන නිසා වෙන්න ඇති.

කොහොම උනත් බෝම්බේ ප්‍රමාණය හා බර නිසා ප්‍රායෝගිකව අමාරුයි දුර තියන ඉලක්කෙකට ගහන්න. හැබැයි Space Dilivery ක්‍රමේ පාවිච්චි කලානම් ඒකත් සිම්පල්. අනික අභ්‍යාවකාශ තාක්ෂණය අතින් ඉස්සරහින් ඉන්නෙත් රුසියාවනේ.

ඔය 1961 කාලේ රුසියාවේ බෝම්බ. දැන් කොහොම ඇද්ද?

අර කිම් කාරයා ටෙස්ට් කරපු හයිඩ්‍රජන් බෝම්බෙන් ඇති උන භූකම්පනය නිසා බොහෝවිට ඒකත් මෙගාටොන් කීපෙකවත් එකක් වෙන්න පුළුවන්. මේයකා නහර කාරයෙක් නිසා කොයිවෙලේ ඕක හලාවිද දන්නෑ?
අපේ ජනාධිපතිතුමත් සද්ද වහලා හිටියනම් හොදයි වගේ!......................

Comments

Post a Comment

Popular posts from this blog

ඇයි යට උනේ?.......

The Android (Software Part 3)