Android vs IOS/Iphone

ලිපිය කොහෙන් පටන්ගන්නද කියලා තමා හිතාගන්න අමාරු. කමක් නෑ සොෆ්ට්වෙයා පැත්තෙන් පටන් ගමු.

අංක එකටම IOs කියන්නේ Unix කර්නල් එකෙන් දුවන OS එකක් නෙවේ. ඒක XNU Hybrid කර්නල් එකක්. ඇන්ඩ්‍රොයිඩ් Pure Linux කරනල් එකේ දුවන්නේ.

මේ හයිබ්‍රිඩ් කර්නල් එකේ විශේශත්වයක් තමා තනි සිස්ටම් ප්‍රොසෙස් වලට වෙන් වෙන්ව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන එක. තනි ඇප් එකක් රන් කරන්න හොදයි. හැබැයි ඇප් කීපයක් රන් වෙනකොට ප්‍රොසෙස් අතර දත්ත හුවමාරුව ස්ලෝ වෙනවා.

IOS OS එක ලියලා තියෙන්නේ C,C++,Objective C, Swift පාවිච්චි කරලා.

Android ලියලා තියෙන්නේ C,C++, Java, .Net C# වලින්.

ගොඩාක් IOS Usersලා කියනවා Android ඇප්ස් ස්ලෝලු. ඒක හරි ඇති හැබැයි ඒ ඉතින් ඇන්ඩ්‍රොයිඩ් 4.4වලට කලින් ඒවට. මොකද ඒකාලේ පාවිච්චි කලේ Dalvik VM එක. ඒක JIT වර්ගේ  කම්පයිලර් එකක්. (කෝඩ් එක මැශින් කෝඩ් එකට හරවන්නේ ඇප් එක දුවන කොට). හැබැයි දැන් තියෙන්නේ ART එක. ඒක AOT එකක්. ඒකෙන් වෙන්නේ ඉන්ස්ටෝල් වෙන වෙලාවෙම කම්පයිල් වෙනවා.

දැන් ඇන්ඩ්‍රොයිඩ් 7.1 වල ඉදන් අලුත්ම ART එකෙන් ඇප් ඉන්ස්ටෝල් වෙන්න යන වෙලාව කලින්ට වඩා 70% අඩු වෙලා. මොකද ඇප් එකේ බේසික් ටික කම්පයිල් උනාම ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙනවා. පස්සේ අපි ෆෝන් එක පාවිච්චි නොකර ඉන්නකොට සම්පූර්ණ කම්පයිල් වීමක් වෙනවා.

ඒනිසා ඇන්ඩ්‍රොයිඩ් 5.0 වල ඉදන් අයි ඕඑස් යූසර්ලගේ කතාව වලංගු නෑ.

IOS ඇප් එකක් ලියල ඇප්ස්ටෝ දාන්න එක ඇප් එකකට සෑම වසරකම ඩොලර් 99ක් ගෙවන්න ඕන. හැබැයි ගූගල් ප්ලේ ස්ටෝ දාන්න ඩිවලොපර් එකවුන්ට් එකකට දෙන්න ඕන ඩොලර් 25යි. ආයේ තව සතයක්වත් ගෙවන්න ඕන නෑ. පේනව ඇතිනේ මොකෝ ඇප්ස්ටෝ එකේ ඇප් ගනන් කියලා.

අනික IOS ඇප් ඩිවලොප් කරන්න Mac එකක් තියෙන්නම ඕන. දළ වශයෙන් ගත්තම IOS ඇප් ඩිවලොප් කරන්න 1000$ ඕන. හැබැයි Android වලට ඕන 300$ @ Max. මොකද ඕනම PC එකකින් ඇප් ඩිවලොප් කරන්න පුළුවන්. අනික Android Studio එක ෆ්‍රී දෙන්නේ. (මුලු ස්ටුඩියෝවම 2GB)

ඊට පස්සේ බලමු UI නැත්තං අතුරුමුහුණත් ගැන. මේක ගැන IOS යූසර්ලා කියන්නේ ඇපල් වල තමා ලස්සනම එක තියෙන්නේ කියලා. හැබැයි එයාලට අමතකයි ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්නේ Material Design එක කියලා. ඒවගේම ඇපල් වල UI Rendering වෙන්නේ Cocoa වලින්. ඒකෙන් වෙන්නේ ඉදලා හිටලා UI Error එන එක. ඇන්ඩ්‍රොයිඩ් වල බොහෝවිට UI Rendering වෙන්නේ GPU එකෙන්. ඒනිසා CPU එක පාවිච්චි වෙන එක අඩුයි. ඒකෙන් වෙන්නේ පර්ෆෝමන්ස් ඉහල යන එක.
අනික Material Design එකට Guidelines දීලමයි තියෙන්නේ. හැබැයි IOS එකේ එහෙම දෙයක් නෑ.

ඊට පස්සේ ග්‍රැෆික් වලට ආවම IOS යූසර්ලගේ තර්කයක් තමා IOS ඉස්සරහින් කියලා. හැබැයි ඒකත් දැන් වලංගු නෑ. මොකද දැන් ඇන්ඩ්‍රොයිඩ් වල Graphics API එක Vulcan නිසා.
අයිඕඑස් වල තාම තියෙන්නේ එයාලගෙ  කස්ටම බිල්ඩ් Metal API එක.

Metal ApI එකේ අව්ලක් තමා GPU හා CPU එකෙන් එකම මෙමරි පාට් එක ශෙයාකර ගැනීම. ෆ්‍රේම් රේට් ඩ්‍රොප් වෙන්න ප්‍රධානම හේතුවක් මේක.

Vulcan ගත්තම ඒකෙ තියෙනවා GPU Based Shader Compiling හා Shader Precompiling. ඉහල පර්ෆෝමන්ස් දෙන්න මේක හේතුවක්.

ඇපල් A10F වල Single Core CPU Performance ඉහල යවලා තියෙන්නේ මේ Metal ApI එකට ඕන නිසා. මොකද Metal වලට CPU Core එකයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Vulcan වලට පුළුවන් සියලු CPU Core සමව පාවිච්චි කරන්න. ඒනිසා එක කෝ එකක් මත බර පැටවීම අඩු වෙනවා. පර්ෆෝමන්ස් ඉහල යන්වා. FPS වැඩි වෙනවා.

IOS වලට රන් වෙන්න පුළුවන් ARM64 වල විතරයි. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලට ARM,ARM64,X86 වල රන් වෙන්නත් පුළුවන්.

ඊලඟට යමු කැමරාවට.

ඇපල් යූසර්ලගේ තර්කයක් තමා ඇපල් ෆෝන් වල කැමරාව ලෝකේ හොදම මොබයිල් කැමරාව කියන එක. හැබැයි මෙයාලාට අමතක වෙලා ඇපල් සමාගමෙන් එයාලගේ කැමරාව ගැන කියන්නේ ලෝකේ ජනප්‍රියම කැමරාව කියලා මිසක හොදම කැමරාව කියලා නෙවේ.

කිසිම Iphone එකක් DxoMark එකේ මුල් 10ට වත් නෑ.

දැන් බලමු Hardware පැත්ත.

ඇපල්ලගේ අලුත්ම SoC එක A10F.
මේක 4 Core CPU @ 2.3Ghz 16mm එකක්.
Ram එක 3GB. GPU එක 6 Core PowerVR GT7600P @ 900Mhz එකක්.

මේකට වඩා පවර් SoC ඕන තරං තියෙනව. මං තියන ජනප්‍රියම එක ගන්නම්.

Snapdragon 835.
මේක 8 Core CPU @ 2.4Ghz 10mm එකක්. GPU එක 256ALU Core Adreno 540 @ 750Mhz එකක්. රැම් එක සාමාන්‍යයෙන් 8GB එනවා.

මොකක්ද මේ දෙකෙන් Processing Power වැඩි?

SD835 අනිවාර්යයෙන්ම.

(ඒවගේම ලගදිම එන Kirin 970 SoC එකේ එන්නේ Mali G72 Frosbite 32 Core GPU එකක්. (?).)

බැටරිය ගැන ඉතින් කියන්න දේකුත් නෑ. Iphone 7 එකෙ 2900mAH බැටරියක් එද්දි Huawei Mate 9 එකේ 4000mAH බැටරියක් එනවා.

අලුතෙන් ආපු Android Oreo එකේ තියෙනවා AB Partition OTA අප්ඩේට් සිස්ටම් එකක් හා ඔටෝමේටඩ් සිස්ටම් රිකවරියක්. (සෙකන්ඩරි රිකවරියක් නම් EMUI එක්ක ආවා කාලෙක ඉදන්). මේනිසා OTA Update කරප්ට් උනත් අව්ලක් නෑ.

සමහරු කියන කතාවක් තමා හොදම සිකුරිටි තියෙන්නේ IOS වල කියල. හැබැයි ඇත්තම කතාව IOS වල තියන සියලු සිකුරිටි ෆීචර් ඇන්ඩ්‍රොයිඩ් වලත් තියෙනව. ලෝකේ තියන හොදම සිකුරිටි ඕඑස් එක තමා CopperHead Os එක. ඒක ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකක්. (https://copperhead.co/android/). ඒනිසා ඒකෙනුත් ඇන්ඩ්‍රොයිඩ් ඉස්සරහින්.

දැන් ඉතින් ෆෑන් බෝයිලා ඒවි රෙදි උස්සන්..........

©Rezor Kenway

Comments

  1. mata oya ekak wath wadak na, lokuma awla Apple wala Storage eka Apita ona widihata Use karanna Bari eka. Mage Huawie mate 8 ekak thiyenne. torrent Download karanawa, mage USB drive eka widihata use karanawa, films download karanawa. Karala Nikan Inne na. mage Yaluwatath denawa. mokada eya use karanne iPhone 7 Plus ekak.. :P

    ReplyDelete
  2. machn android eke hoda witarak nemi apple walat hoda kiypn,etakota apita deken eka jatiyak toragatahakinenmewage ekakwat kiyawala post ekak hdanwa ilangapara.http://www.diffen.com/difference/Android_vs_iOS

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......