Europa

ලිපියේ නම යුරෝපා උනාට මේ කතාකරන්නේ යුරෝපය ගැන නම් නෙවේ.

මේ කතාකරන්න හදන්නේ බ්‍රහස්පතිගේ ගැලීලියන් චන්ද්‍රයන් 4න් පොඩිම එක වෙන යුරෝපා උපග්‍රහයා ගැන. මේ උපග්‍රහයා විශේෂ වෙන්නේ මෙයාගේ ගාව තියන ජලපරිමාව පෘථිවියේ වගේ දෙගුණයක් නිසාම නෙවේ.

යුරෝපාගේ මතුපිට බොහෝම සුමටයි. මොකද ඒක සම්පූර්ණයෙන්ම අයිස් තට්ටුවක් නිසා.

Call Of Duty : Infinite Warfare ගහපු අය ගිහිල්ලා ඇතිනේ!

යුරෝපා බ්‍රහස්පතිට ටිකක් ආසන්නයෙන් ඉන්නේ. ඒනිසා බ්‍රහස්පතිගේ උදම් බලපෑම මේකට දරුණුවටම දැනෙනවා.

යුරෝපාගේ චායාරූප වල සමහර අවස්තාවල විශේශ ලක්ශණ තියෙනවා.

කට්ටිය හුම්මානේ දැකලා ඇතිනේ. ඒවගේම ගීසරත් අහල හරි ඇතිනේ. ගීසර කියන්නේ පොලොව අභ්‍යන්තරයේ තියන ජලය අධිපීඩනයකට ලක්වෙලා වේගෙන් පොඩි සිදුරකින් උඩට විදින එකට. සමහර වෙලාවට මේවා අඩි 200ක් විතර උඩට විහිදෙනවා!. ඇමරිකාවේ මේවා සෑහෙන්න තියෙනවා.

මේ විදිහටම යුරෝපාගේ ෆොටෝ වල මතුපිට ඉදන් උඩට විදින අධිවේගී ජල ප්‍රහාර පේන්න තියෙනවා. පෘථිවියේ වගේ නෙවේ කිලෝමීටර 200ක් වගේ උඩට විදිනවා.

පෘථිවියේ ධ්‍රැව අයිස් තට්ටුව සමහර වෙලාවට බිදෙනවා. ඒවෙලාවට යටින් වතුර උඩට ඇවිල්ලා මිදිල කිලෝමීටර ගානක් දුරට පාරවල් වගේ සලකුණු ඇතිවෙනවා.

වැඩේ කියන්නේ යුරෝපාගේ මේවගේ සලකුණු විශාල වශෙයෙන් තියෙනවා.

මේ නිරීක්ෂණ දෙකෙන් මොකක්ද ගන්න පුලුවන් නිගමනය?

අනිවාර්යයෙන් යුරෝපගේ අයිස් තට්ටුවට යටින් ද්‍රව ජලය තියන සාගරයක් තියෙන්න ඕන!

හැබැයි යුරෝපා කියන්නේ පොඩි උපග්‍රහයෙක්. මෙයා ඉන්නේ සූර්‍යාගෙන් ඈත. ඉතින් කොහොමද ජලය ද්‍රව ලෙස තියෙන්නේ?

මං මුලින් කිව්වා යුරෝපාට බ්‍රහස්පතිගේ උදම් බලපෑම තදටම තියෙනවා කියලා. ඉතින් යුරෝපගේ හරය එහෙට මෙහට අඹරන්න පුලුවන් මේ බලයට. අයිස් තට්ටුව කැඩෙන්නත් මේ බලය උපකාරී වෙනවා.

ඒවගේම බොහෝදුරට යුරෝපගේ සහෝදර උපග්‍රහයන් වෙන අයෝ වගේ උපග්‍රහයන්ගේ අධික යමහල ක්‍රියාකාරකම් තියෙනවා. ඒ කියන්නේ මේ උපග්‍රයන්ගේ හරයේ විශාල ලෙස න්‍යෂ්ටික විඛණ්ඩනය වෙන යුරේනියම්,තෝරියම් වගේ මූලද්‍රව්‍ය තියෙන්න ඕන.

යුරෝපා තමංගේ සාගර උණුසුම් කරන්නේ මේ ක්‍රම පාවිච්චි කරලා

බෝලෙකට ජලය භාගයක් පුරවලා කැරකැව්වම බෝලය අමුතු චලිතවල යෙදෙනවා.

ඉතින් යුරෝපගෙත් මේ හැසිරීම දකින්න පුලුවන්.

Computer Simulation වලින් පෙන්නන්නේ යුරෝපගේ අයිස් තට්ටුව කිලෝමීටර 20ක්වත් ඝණකම් කියලා!

ඒවගේම යුරෝපගේ සාගර කිලෝමීටර 200ක් විතර ගැඹුරයි කියලා!

යුරෝපට 100% ඔක්සිජන් සහිත තුනී වායුගෝලයක් තියෙනවා. මේකෙ හුස්ම ගන්න නම් බෑ. ඒවගේම ශබ්දය ගමන් කරන්නෙත් දුර්වලව.(COD:IW එකේ ඒක සලකලා නෑ). මේ අමුතු වායුගෝලයට හේතුව තමා අර උඩට විදින ගීසර වල ජලය පාරජම්බුල කිරණ නිසා කැඩිලා බර ඔක්සිජන් ඉතුරු වෙලා සැහැල්ලු හයිඩ්‍රජන් ඉවත්වයාම.

යුරෝපගේ ගුරුත්ව පෘථිවියේ වගේ 1/10ක් නැත්තං 0.1g

අනික මතුපිට උශ්ණත්වය සෙල්සියස් සෘණ 170ක් විතර.

මං යුරෝපා ගැන කියන එකෙන් වෙන පැත්තට හැරෙනවා. ඒතමා පෘථිවියේ විශේෂ පරිසරයක් ගැන කතාකරන්න.

ඒතමා ගැඹුරු මුහුදු පතුලේ තියන ජලතාප සිදුරු.

මේ සිදුරු වලින් අධික වේගෙන් උණු ජලය එක්ක සල්ෆර්ඩයොක්සයිඩ් වගේ ඒවා එලියට එනවා. කලුපාට දුමාරයක් වගේ. ගැඹුරු මුහුද කිව්වේ ඉතින් කිලෝමීටර 8ක් විතර ගැඹුර. (P=hpg දාලා බලන්න කොහොමද පීඩනය කියලා)

මේ තරම් ගැඹුරට සූර්‍යාලෝකය ලගාවෙන්නේ නෑ. ඒනිසා මේවා සදාකාලික රාත්‍රියක තියෙන්නේ.

ඒකිව්වේ මේ තැන්වල ප්‍රභාසංස්ලේෂණය කරන්න බෑ. ඒනිසා ආහාර දාමයක මුල් පුරුක නැත්නිසා කිසිම ජීවයක් පවතින්න බෑ.

නමුත් හැමෝම පුදුම කරමින් සී-ඩ්‍රෝන් වලින් ගන්න ෆොටෝ වල මේ සිදුරු අවට අති දැවැන්ත ජීවින් ප්‍රමාණයක් ඉන්නවා පෙන්නනවා.

කොහොමද එහෙම වෙන්නේ? ප්‍රභාසංස්ලේෂණය නැතුව කොහොමද ආහාර දාමයක මුල් පුරුකක් තියෙන්නේ?

මේ තැන් වල ප්‍රභාසංස්ලේෂණය නැති උනාට රසායනිකසංලේශනය කියන ප්‍රභාසංස්ලේෂණයට අනුරූප සංසිද්ධිය වෙනවා. මේ සිදුරුවල ඉන්න බැක්ටීරියා විශේෂ සල්ෆර්ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා ආහාර නිපදවාගන්නව. ඉතින් ආහාර දාමයට මුල් පුරුකක් ලැබෙනවා. ජීවය පැතිරෙන්න හා පරිණාමය වෙන්න ආරම්භ වෙනවා.

දැන් ආපහු එමු යුරෝපාට.

යුරෝපගේ හරය ද්‍රව නම් යුරෝපගේ සාගරවල මේ වගේම ජලතාප සිදුරු තියෙන්න ඕන. මේ සිදුරුවලින් එන්නේ ජීවයේ මූලික රසායනික සංයෝග. වසර බිලියන කීපයකින් සාර්ථක ජීවයක් බිහිවෙන්න අවස්තාව යුරෝපට තිබ්බා.

හොදයි අපි හිතමු යුරෝපගේ සාගරවල යමක් පීනනවා කියලා. කොහොමද අප්පා කිලෝමීටර 20ක අයිස්තට්ටුවක් හාරන්නේ? අනික සාගරය කිලෝමීටර 200ක් නම්?

යුරෝපාගේ ජීවය හොයන එක එච්චර සංකීර්ණ නෑ.

මතකනේ මං යුරෝපගේ ගීසර හා අයිස් තට්ටුව කැඩිලා උඩට වතුර ඇවිල්ලා ගල්වෙන එක ගැන කිව්වා.

ඉතින් සාගරයේ ජීවීන් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගීසර වලට එකෙක් දෙන්නෙක්වත් අහුවෙලා අභ්‍යවකාශයට විසිවෙන්න ඕන. ඉතින් අර උඩට් ඇවිල්ල මිදෙන ජලයටත් මේ ජීවීන් අහුවෙලා මිදිලා ඉන්න ඕන.

කරන්න තියෙන්නේ ජූනෝ වගේ යානයක් යුරෝපා වටා පහල කක්ශයේ කක්ශගත කරන එක. වට 60 වගෙ යනකොට අර ගීසර වලින් එන එකෙක් හරි හදුනාගන්න පුලුවන් වෙන්න ඕන.

හොදම දේ තමා යුරෝපගේ ජීවය හොයාගත්තම උන්ව හදුන්වන්න වෙන්නෙ "යුරෝපීයන්" කියලා!

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone