Life of a Star 2.......

කලින් ලිපියේ කතාකලේ සූර්‍යා වගේ අඩු ස්කන්ධ තාරකාවල ජීවිත කතාව. අද බලමු අධි ස්කන්ධ තාරකා වල ජීවිත කතාව....

හැබැයි සූර්‍යා වගේ 10ගුණයක ස්කන්ධයක් නැත්තං 10M ස්කන්ධයක් තියන තාරකාවක සමතුලිතතාවය කීපවතාවක් ආරක්ෂා වෙනවා. හැබැයි ඒ තප්පර කීපයක් ඇතුලත. මෙහෙම තාරකාවල හරයේ අති දැවැන්ත උශ්ණත්වය නිසා හයිඩ්‍රජන් විලයනය වෙන අතරතුරම හීලියමුත් විලයනය වෙනවා.

මෙහෙම තරුවල හීලියම් වලින් හැදෙන බර මූලද්‍රව්‍ය ඊටත් ඉහල මූලද්‍රව්‍ය බවට විලයනය වෙනවා. අවසානයේ එක තප්පරයක් තුල තාරකාවේ ගුරුත්වය ඒකේ විකිරණ පීඩනය අභිබවලා යනවා. තාරකාව තමා තුලටම කඩා වැටෙනවා. නමුත් මේ කඩා වැටීම නවත්තන්න ඉලෙක්ට්‍රෝන වල පීඩනය ප්‍රමාණවත් නෑ. අවසානයේ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ගැටිලා නියුට්‍රෝන බිහිවෙනවා. දැන් මුලුහරයම නියුට්‍රෝන.

මේ මොහොතේදී තව දුරටත් කඩා වැටීම කරන්න බැරිනිසා එකතුවෙන වායූන් අධිකව රත් වෙලා ක්ශනිකව අති දැවැන්ත විලයනයක් සිදුවෙනවා. තාරකාව මොහොතින් පුපුරලා යනවා.

මේ තමා සුපර් නෝවා පිපිරීම්.

මේ සුපර් නෝවා පිපුරුම් වලින් උපදින තාපය නිසා යකඩ වගේ බර මූලද්‍රව්‍ය බිහිවෙනවා. ඒකයි කියන්නේ අපි හැදිලා තියෙන්නේ තරු ධූලි වලින් කියලා.

මේකෙන් ඉතුරුවෙනවා නියුට්‍රෝන හරය.

ඒතමා නියුට්‍රෝන තරු

මේ කොටස සාමාන්‍යයෙන් කිලෝමීටර සීයට අඩු විශ්කම්භයක් තියන ගෝලාකාර වස්තුවක්. මේකේ ඝණත්වය කොච්චද කියනවනම් මේකෙන් වැලි කැටයක් තරම් පොඩ්ඩකට ඊජිප්තුවේ මහා පිරමීඩයක් තරම් ස්කන්ධයක් තියෙනව.

සමහර වෙලාවට පිපිරීමෙන් ලැබෙන දැවැන්ත කෝණික ගම්‍යතාව නිසා මේ නියුට්‍රෝන තරු තමන් වටේ අධික කෝණික ප්‍රවේග වලින් භ්‍රමණය වෙනවා.(මතුපිට ලක්ශයක් තප්පරේට 70,000km විතර!) මේ භ්‍රමණය නිසා මේකේ චුම්බක ක්ශේත්‍රයේ දිශාවලට ප්‍රභල රේඩියෝ තරංග නිශ්චිත කාල ප්‍රාන්තර වලින් නිකුත් වෙනවා. මේවට කියනවා පල්සාර්ස් කියලා.

තවත් සමහර නියුට්‍රෝන තරු වල දැවැන්ත චුම්බක ක්ශේත්‍රයක් තියෙනවා. මේවට මැග්නටාර් කියලා කියනවා.

පෘථිවියට නිතර වදින කොස්මික් කිරම වලට එක හේතුවක් මේ නියුට්‍රෝන තරු, පල්සාර්ස්, මැග්නටාර් එහෙම.

හොදයි එතකොට සූර්‍ය ස්කන්ධ 30ක් 40ක් තියන ඒවා?

ඒවට තමා සුවිශේෂීම ඉරණම තියෙන්නේ.

මේවගේ අධි ස්කන්ධයක කඩාවැටීම නවත්තන්න කිසිම දේකට බෑ. ඒ අධික ගුරුත්ව හැකිලීම නිසා තරුවේ හරය අවකාශ කාලයේ සීමාවන් ඉරාගෙන යනවා. Event Horizon කියන සීමාවෙන් එපිටට. ඒකට අපි කියනවා කළු කුහරයක් කියලා. (මේ කලුකුහර ගැන වෙනම කියන්නම්) කිසිම දේකට, අඩුම ගානේ ආලෝකයට වත් කලුකුහරවල ගුරුත්වයෙන් බේරෙන්න බෑ. ඒවගේම කොස්මික් කිරණ වලටත් මේවා ටිකක් වගකියන්න ඕන.

හොදයි එතකොට තරුවකට ලබාගන්න පුලුවන් උපරිම ස්කන්ධය කොච්චරද?

කලින් ලිපියේ කිව්ව විකිරණ පීඩනය හා ගුරුත්වය අතර සමතුලිතතාවය තියාගන්න පුලුවන් සූර්‍ය ස්කන්ධ 100ක් වගේ වෙනකං විතරයි. එතනින් එහාට සමතුලිතතාවය බිදවැටිලා තරුව පුපුරලා යනවා. මේ වගේ ඒවට කියන්නේ HyperNova කියලා. සුපර් නෝවා එකක් එක්ක බැලුවනං සුපර් නෝවා එකක් නිකන් රතිඤ්ඤයක් වගේ හයිපර් නෝවා එක්ක. ඉතින් හිතාගන්න.

මෙහෙම හයිපර් නෝවා එකක් වෙන තරුවක් තියෙනවා රීටා කැරීනා කියලා කැරීනා නිහාරිකාවේ. සමහර විට අපිට බලන්න පුලුවන් වේවි ඒක පුපුරලා යනවා. බයවෙන්න ඕන නෑ ඒක තියෙන්නේ ආලෝක වර්ශ 75,000ක් ඈත.

මතකනේ තරුවක් බිහිවෙන හැටි ධූලිවලා වල කඩාවැටීම් වලින්. ධූලි වලාව ඉවර උනොත් දුඹුරු වාමනයෙක්. ගොඩාක් වැඩී නම් අධි ස්කන්ධ තාරකාවක්. හොදයි එතකොට ධූලි වලාව අතිශය විශාල නම්?

ප්‍රෝටෝ-තරුව දිගින් දිගටම ස්කන්ධය වැඩි කරගන්නවා. අවසානයේ ඒක කලුකුහරයක් වෙනකන් ස්කන්ධය වැඩිවෙනවා. මේ තමා තාරකා වලින් නැතුව උපදින කලුකුහර.

මේ කලුකුහර වලට ස්කන්ධයේ සීමාවක් නෑ. මොකද තරුවලින් හැදෙන ඒවාට සීමාවක් තියෙනවා. හැබැයි මේවට සීමාවක් නෑ. සූර්‍ය ස්කන්ධ බිලියන ගානක ඒවා හැදෙන්න පුලුවන්.

ඕනෑම මණදාකිනියක මැද තියන අධි ස්කන්ධ කලුකුහරය හැදෙන්නේ මේ විදිහට.

මේතමා තරුවල සම්පූර්ණ ජීවිත කතාව..........

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone