James Webb

හබල් ටෙලස්කෝප් එක ගැන අහලා තියනවද?

කව්ද අහල නැත්තේ?

දැනට ඔය ගොඩාක් අය දැකලා තියන ස්පේස් ෆොටෝ එහෙම ගන්නේ ඒකෙන්.

1990දි යවපු හබල් ටෙලස්කෝප් එක තියෙන්නේ පහල පෘථිවි කක්ශයේ. මේක පරාවර්තන දුරේක්ෂයක්. ඒකේ තේරුම තමා උත්තල කාච දෙකේ සරල දුරේක්ෂය නෙවේ මේ. කාච හා දර්පණයක් තියන එකක්. ඉතින් මේ ටෙලස්කෝප් එකේ සයිස් එක හිතාගන්න පුලුවන් කණ්නාඩිය මීටර් 2.5ක් කිව්වම. මේක උඩ යැව්වට පස්සේ මේකෙන් ගන්න ෆොටෝ පොඩ්ඩක් බොදවෙලා කියලා පෙනුනා. බලනකොට අර කණ්නාඩිය කෙස් ගහකින් 1/50ක් එහා මෙහා වෙලා!

කොහොම හරි කීපවතාවක් යන්න උනා මේක හදන්න. හැබැයි අදටත් හබල් හොදට වැඩ.

හැබැයි මේක වසර 27ක් පරණයි දැන්. මේකාලේ අතරතුර තාක්ශනය නොසෑහෙන්න වෙනස් උනා. ඉතින් අලුත්,වඩා ප්‍රභල ටෙලස්කෝප් එකක් ඕන උනා.

ඒකේ ප්‍රතිඵල ජේම්ස් වෙබ්.....

නාසා එකේ හිටපු ප්‍රධානියෙකුගේ නමින් නම් කරලා තියන මේ ටෙලස්කෝප් එක හැබැයි හබල්ට වඩා වෙනස්.

මොකද හබල් එකෙන් ගන්න ෆොටෝ තිබ්බේ දෘශ්‍ය ආලෝක පරාසයේ හා ඊට පොඩ්ඩක් දෙපැත්තේන්.

හැබැයි ජේම්ස් වෙබ් එකේ පරාසය වෙන්නේ 0.6 µm තැඹිලි ඉදන්
28.5 µm අධෝරක්ත දක්වා.

ඉතින් ෆොටෝ වල පාට දකින්න අමාරුයි.

ටොන් 6.5ක යෝධයෙක් වෙන මෙයා කිලෝවොට් 2ක බලයකින් ක්‍රියාකරන්නේ.

මේකේ මිරර් එක මීටර් 6.5ක්!

ෆෝකල් ලෙන්ත් එක මීටර් 130ක්.

ආලෝකය එකතු කරන කොටසේ වර්ගඵලය වර්ගමීටර් 25ක්.

මේ ටෙලස්කෝප් එක් නම් හබල් වගේ පහල පෘථිවි කක්ශයේ නම් නෙවේ තියෙන්නේ.

පෘථිවියේ ඉදන් කිලෝමීටර ලක්ශ 15ක් ඈතින්!

මේ තැන ටිකක් විශේෂ තැනක්. පෘථිවියේ හා චන්ද්‍රයගේ ගුරුත්ව සමතුලිත වෙන තැනක්.

මෙහෙම තැන් 5ක් තියෙනවා. මේ ගැන මුලින් ගණිතය මගින් කිව්වේ ලග්‍රාන්ජියන් කියන ගණිතඥය.

මේ තැන් 5න් 2නි තැන තමා මේ ටෙලස්කෝප් එක තියන්නේ.

ඉතින් මේතරම් දුරින් තියලා නිකන් හරි අවුල් ගියොත් ආයේ රෙපයාර් නම් බෑ ඉතින්.

මේ කක්ශය නිසා ටෙලස්කෝප් එකට පුලුවන් පෘථිවියට සමාන්තරව හිරුවටා යන්න.

මේකේ තියන තාප පරිවාරක නිසා දුරේක්ෂය කෙල්වින් 50ක නියත උශ්ණත්වයක තියාගන්න පුලුවන්. මොකද ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් හීතලේ තියන්න ඕන වැඩ කරන්න නම්.

මේකෙ ඩේටා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 28mbps. (යකෝ ලංකාවේ 90%කට මෙච්චරවත් නෑ!)

2018දී මේක Ariane 5 වර්ගේ හෙවි රොකට්ටුවකින් කක්ශගත කරනවා. (මේක යුරෝපීය රොකට්ටුවක්)

මේකේ මිශන් එක වෙන්නේ විශ්වය තරුණ අවධියේ මුල්ම චක්‍රාවාටවල ජායාරූප ගැනීම. විශ්වය ප්‍රසාරණය වීම ත්වරණයක් යටතේ වන නිසා ඩොප්ලර් ආචරණයට ලක්වීම නිසා ඒවයි ආලෝකයේ ආයාමය ඇදිල ගිහින් පහල තරංග ආයාම වලට යනව. ඒනිසා ඒ ආලෝකය දැන් ඉන්ෆ්‍රාරෙඩ් කලාපයේ.

බලන් ඉමු මේකෙන් ගන්න පලමු ෆොටෝ එක පබ්ලිෂ් වෙනකන්.......

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone