හිරුගෙන් බලය ලැබ........
අපි ජීවත් වෙන්නේ 21ක්වන ශතවර්ෂයේනේ. මේ දවස් වල වායුගෝලයේ තත්වේ ටිකක් මීට කලින් පැවති අවස්තා 5කට සමාන වේගෙන එනවා. ඒ අවස්තා 5 තමා මහා වදවීම 5. සමාන වෙන්න හේතුව තමා ක්‍රමයෙන් අපේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම. හරිනම් තියෙන්න ඕන 0.03%ක් විතරයි. ඒකිව්වේ සෑම අණු 10,000ටම අණු 3ක්. හැබැයි දැන්? දැන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය දහදාහට 4ක්!
මේකට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන දහනය.
අපි ඉතින් මේවා පුච්චන්නේ වාහන වලටනේ. හැබැයි ගොඩාක් රටවල් මේවා විදුලිය නිපදවන්න ටර්බයින් කරකවන්න පාවිච්චි කරනවා. ලංකාවත් ඒ ලිස්ට් එකේ මැද්ට වෙන්න ඉන්නවා. නොරොච්චෝලේ හා අනිකුත් ඩීසල් බලාගාර ඒවට වගකියන්න ඕන.
අපිට වෙන කරන්නම දෙයක් නැද්ද?
තියෙනවා. එක්කෝ න්‍යෂ්ටික බලය නැත්තං සූර්‍ය බලය. න්‍යෂ්ටික බලයට නං ගොඩක් අය කැමති නෑනේ. (මං නං එකෙන්ම කැමතී)
ලෝකයේ දැනට ප්‍රධාන වශයෙන් හිරුගේ බලය එකතු කරන්නේ සූර්‍ය කෝශ වලින්. බොහෝදුරට කාර්‍යක්ශම ක්‍රමයක් මේක. ලංකාවෙත් ගොඩාක් දුරට කතාවෙන මාතෘකාවක් තමා සූර්‍ය කෝශ.
හැබැයි කොහොමද සූර්‍ය කෝශ වැඩකරන්නේ?
මේකට කෙලිනම ක්වොන්ටම් පිසික්ස් සම්බන්ධ වෙනවා. හැබැයි ඒක කොටස මං සරලව පහදලා තියෙනවා කලින් දාපු ලිපියක. මුලින් ඒක කියවන්න. (මේං ලින්ක් එක http://iridiumxl.blogspot.com/2017/06/deeper.html )
ඒ ලිපියේ කිව්වා ප්‍රමාණවත් ශක්තියක් ෆෝටෝනයකින් දුන්නාම ඉලෙක්ට්‍රෝනය ඉහලම ශක්ති මට්ටමෙනුත් එලියට ගිහින් පරමානුවෙන් ගැලවෙනවා කියල.
සමහර ලෝහ මතට විද්‍යුත් චුම්බක විකිරණ පතිත උනාම ඒ ලෝහය මතුපිටින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා යනවා.
මේකට කියනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. අයින්ස්ටයින් මහත්තයා තමා මේක පැහැදිලි කලේ. ඒ වෙනුවෙන් එතුමට් නොබෙල් තෑග්ගත් හම්බවෙනවා.
================================
මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය සංකීර්ණයි වගේ පේන්න පුලුවන් හැබැයි සරල සංසිද්ධියක් මේක.
අපි දන්නවා න්‍යෂ්ටියේ සිට ඈතින්ම ඉන්න ඉලෙක්ට්‍රෝනය තමා පරමාණුවට ලිහිල්වම බැදිලා තියෙන්නේ කියලා. එයාට තව පොඩ්ඩක් ශක්තිය දුන්න ගමන් එයා එලියට පනිනවා. මේ ශක්තිය ෆෝටෝන නැත්තං විද්‍යුත් චුම්බක විකිරණ වලින් ලැබුනොත්?
ආන් ඒක තමා ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදි වෙන්නේ.
දැන් ප්‍රකාශ කෑල්ල හරී කියමු. යකෝ මෙකේ තියෙනවා විද්‍යුත් කෑල්ලකුත්?
ඒ මොකෝ?
විදුලිය කියන්නේ ගලායන ඉලෙක්ට්‍රෝන ගොඩක්. ඉලෙක්ට්‍රෝන ගලායන්න පුලුවන් පදාර්ථ කොටස් වලට කියනවා සන්නායක කියලා.
ලෝහ කැබැල්ලක් ගත්තොත් ඒකේ පරමාණු වල තියන අවසාන ඉලෙක්ට්‍රෝනය ඒ ලෝහය තුල ආසන්න වශයෙන් නිදහසේ ඉන්නේ. ලෝහය හරහා විදුලි ධාරාවක් යැව්ව ගමන් අර ලාවට සෙට් වෙලා තියන ඉලෙක්ට්‍රෝන ටික හෝ ගාලා විදුලිය ගලන පැත්තට ගලායනවා. මේ ගලන වේගයට කියන්නේ විදුලි වේගය කියලා. කොච්චර වේගවත් කියලද හිතන්නේ?
තප්පරේට මිලිමීටර් 4ක් විතර!
එතකොට...? එත....?
විදුලිය ක්ශනිකව යනවා වගේ පේන්නේ එක පැත්තකින් තල්ලුව එනකොට දිගට දිගට තල්ලුවෙලා යනනිසා.
හිතන්න දිග බටේකට වතුර පුරෝලා එක පැත්තකින් සිරින්ජරයක් හයි කොරලා හිමීන් සිරින්ජරේ තද කලා කියලා. එතකොට වතුර යන්නේ අපි තද කල වේගෙන්මනේ. හැබැයි ඒකේ තද කිරීම බට අනිත් කෙලවරට ක්ශනිකව දැනෙනවා නේද? ආන් ඒවගේ.
දැන් මේ ලෝහ කෑල්ල ප්‍රකාශ විද්‍යුත් ආචරණයට ලක්වෙනවා කියලා හිතමු. ලෝහ කෑල්ලේ කෙලවර 2ක් වයර් එකකින් සෙට් කලා කියලත් හිතමු. දැන් අර ගැලවෙන ඉලෙක්ට්‍රෝන වලට තද වෙලා හිරවෙන්න ඕන නෑ. අර වයර් එක දිගේ යන්න පුලුවන්. කෙලවරවල් සම්බන්ධ නිසා ලෝහය ආරෝපණය නොවී ධාරාවක් ගලායනවා.
================================
ආපහු එමු සූර්‍ය කෝශයටම.
ලෝහයක් ගත්තම ඒ හැම එකම එකම විද්‍යුත් චුම්බක තරංගයකින්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණයට ලක්වෙන්නේ නෑ. මොකද එක එක මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට බැදිලා තියෙන්නේ එක එක ශක්ති ප්‍රමාණ වලින්. ඒනිසා ඒ ඉලෙක්ට්‍රෝන ගලවන්න ලෝහෙන් ලෝහෙට වෙනස් ශක්තියක් ඕන.
මේකේදි අවම ශක්තිය දුන්නම ඇති. ඊට වැඩි ප්‍රමාණයක් දුන්නම කොහොමත් වැඩිය හොදට ගැලවෙනවනේ.
ඉතින් මේ අවම ශක්තිය අරං එන නිශ්චිත විද්‍යුත් චුම්බක තරංගයේ සංඛ්‍යාතයට කියනවා දේහලීය සංඛ්‍යාතය කියලා.
මේ සංක්‍යාතයට අඩු උනොත් අදාල ලෝහයේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය වෙන්නේ නෑ.
උදාහරණ විදිහට ගත්තම,
සෝඩියම් වල වෙන්නේ කහපාට ආලෝකයේදී.
සින්ක් වල වෙන්නේ පාරජම්බුල ආලෝකයේදී.
ඕන් ඔය වගේ.
ආ... තව දෙයක් මේ විකිරණය මොක උනත් ඒක ප්‍රභලව වැටෙනවනං ප්‍ර.වි.ආ. බොහොම හොදින් වෙනවා.
================================
සූර්‍ය කෝශයක් ගත්තම ඒකේ මූලිකව තියෙනවා මිශ්‍ර සිලිකන් වගේ අර්ධ සන්නායකයක ලෝහ තට්ටු 2.
මෙ දෙකේ උඩම ලේයර් එකට පොස්පර් එකතුකරනවා.
යට එකට බෝරෝන් එකතු කරනවා.
එතකොට උඩ එක වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් පිට කරලා ඒක සාපේක්ෂව සෘණ.
යට එකේ ඒකේ අනිත් පැත්ත වෙලා ධන වෙනවා.
ඉතින් මේ දෙක අතර විභවයක් හටගන්නවා.
ඉතින් ආලෝකය වැටිලා ඉලෙක්ට්‍රෝන ගැලවෙන්න පටන් ගත්තම පහසුවෙන් ධාරාව ගලායනවා මේ දෙක අතර.
නමුත් මේ ධාරාව ඉතා කුඩා එකක්. නමුත් විශාල කෝශ ගනනක එකතුවෙන් ලොකු විදුලියක් ගන්න පුලුවන්!
================================
අනාගතේ දවසක පොසිල ඉන්ධන ඉවර වේවි. හැබැයි සූර්‍යා තවත් වසර බිලියන ගානක් ඉදීවි. ඒවගේම අපේ ග්‍රහලෝකේ දෛවය තියෙන්නේ අපේ පරම්පරාවෙ අතේ. ඉතින් තීරණය ඔබේ!
Comments
Post a Comment