NEOs නැත්තං Killer Asteroids

මේ කියන්න යන්නේ බොහෝ අය නොදන්න දෙයක් ගැන කියන්න යන්නේ. මේක බොහෝ අය නොදැන හිටියට මේක හැමෝම අනිවාර්යයෙන් දැන ගන්න ඕන.

නිදහස් දවසක රෑ අහස දිහා බලන් ඉන්න කෙනෙක්ට දකින්න පුලුවන් පැයකට දෙක තුනක් උල්කාශ්ම වැටෙනවා. පොඩි ආලෝක ඉරක් ඇදිලා යනවා. උල්කාශ්මයේ අඩංගු ලෝහ මත ඒ ඉරේ පාට වෙනස් වේවි. මම කොළ පාට එකක් දැකලා තියෙනවා. රසායන විද්‍යාවට අනුව ඒකේ තඹ ගොඩක් තිබිලා. ඒකයි කොල පාට. සාමාන්‍යයෙන් වෙනවෙන පාට ඒවත් ඕන තරම්.

මේ උල්කාශ්ම කියන්නේ පොඩි උල්කා කෑලි. විශ්කම්භය සෙන්ටිමීටර කීපයක ඉදන් මීටර් කීපයක් දක්වා වෙනස් වෙනව. මේවා සූර්‍යා වටා ග්‍රහලෝක ගමන් කරන විදිහටම කක්ශ ගත වෙලා තියෙනව. හැබැයි මේව ගොඩක් පොඩී ඒනිසා මෙයාලගේ කක්ශය අසලින් යන ග්‍රහලෝක වල ගුරුත්වය නිසා මුන්ගේ කක්ශ නිතරම වෙනස් වෙනවා. අනික මේ සෙට් එකේ කක්ශ අධික ඉලිප්සියාකාරයි.

ඉතින් මේව නිතරම ග්‍රහලෝක වල කක්ශ හරහා යනවා. හැබැයි එයාලා යන වෙලාවට ග්‍රහලෝකෙත් එතනින්ම යන්නේ නැති නිසා වදින්නේ නෑ.

ඉතින් මේ වගේ පෘථිවියේ කක්ශය කපන ග්‍රාහක වලට කියනවා Near Earth Objects නැත්තං NEOs කියලා.

හැබැයි මේ නම දාලා තියෙන්නේ මිනිස්සු බය කරන එක නවත්තන්න විතරයි. මේවයි හරි නම තමා Killer Asteroids.

හේතුව මේවා කවදහරි අනිවාර්යයෙන් පෘථිවියේ වදිනවා.

වදීවී නෙවේ අනිවාර්යයෙන් වදිනවා වදිනවාම තමා.

බය උනාද?

නෑ තාම භීෂණ කොටසට ආවේ නෑ.

මේ ග්‍රාහක ගොඩාක් පොඩී. ඒනිසා මේවා දුරේක්ෂය වලින් අදුරගන්න වෙන්නේ ගොඩාක් ලගට ආවම විතරයි!

සමහර ඇස්ටරොයිඩ් වල කක්ශයේ කාලය වසර 5ක ඉදන් වසර දහස් ගණනක් වෙන්න පුලුවන්. ඉතින් හිතාගන්න මේවා එක පාරක් දැක්කොත් ආපහු කොහෙන් කෙලන් ඒවිද කියන්න අමාරුයි දත්ත මදි නිසා!

හිතන්නේ මෙහෙම මිනීමරු ඇස්ටරොයිඩ් කීයක් තියෙනවා කියලද?

මීටර් 10ට වැඩි ඒවා විතරක් තියෙනවා මිලියන 150කට වඩා!

මේ අතරින් 400ක්ම කිලෝමීටර 2ට වඩා ලොකුයි!

ඒවගේම කියන්න ඕන මීටර් 25ට වඩා පොඩි ඒවානං ආවට වැඩක් නෑ වායුගෝලයේදී දැවිලා යනවා.

හැබැයි මීටර් 100ට වැඩි ඒවා ලක්ශ 4ක් විතර තියෙනවා!

මේ තාම අදුර ගත්ත ඒවා විතරයි!

දැන් කියන්න යන්නේ මේ අතරින් ටිකක් විශේෂ ග්‍රාහකයක් ගැන.

මේක හොයාගත්තේ ලංකාවට සුනාමිය එන්න සති 2කට කලින්. ඒනිසා මේක ප්‍රසිද්ධ උනේ නෑ. සුනාමිය නිසා ලක්ගානක් මියගියා. මේක කියවන අයගෙත් පවුල් වල අය සමහර විට මියයන්න ඇති. මං ඒගැන මතක් නොකර ඉන්නම්.

මේ කිලර් ඇස්ටරොයිඩ් එක හොයාගෙන මේක කක්ශය තහවුරු උනාම මේකට කට්ටිය නමක් දැම්මා.

ඒතමා Apophis

මේ තමා ඊජිප්තු ශිශ්ටාචාරයේ මරණයට අධිපති දෙවියා!

මේ නම තිව්වේ නං වැරදිලා නෙවේ!

මේ කිලෝග්‍රෑම් බිලියන 26ක ගල්කුට්ටිය 2029 අප්‍රේල් 13 සිකුරාදා පෘථිවියේ වදින බව මැතමැටික්ස් වලින් කියනවා.

දන්නවනේ ඉලක්කම් කියන්නේ දෙවියන්ගේ අත්අකුරු කියල කතාවක් තියෙනවා. මං දෙවියෝ විස්වාස නොකලට නිවරදි ගණිතය විශ්වාස කරනවා.

රත් වෙන්න ඇතිනේ?

ඔයටික කිව්වා වගේම මැතමැටික් සිමියුලේශන් වලින් තව දෙයක් කියනවා. ඒතමා මේක වැදීමේ සම්භාවිතාවය 1%ට අඩුයි කියලා.

අනිත් කේස් එක තමා මේකෙ කක්ශය නිවරදිව කියන්න බෑ 2029 ජනවාරි වෙනකන්. මොකද අනිත් ග්‍රහලෝක වල ගුරුත්ව බලපෑම විවිධ වෙන නිසා.

ඒ නිසා මේ ලබ්බට තියෙන්නේ තනි රේඛාවක කක්ශයක් නෙවේ. කිලෝමීටර 1ක පරිධියක් තියන බටයක්. මේ බටේ ඇතුලේ ඕන තැන කින් මේක ඇදිලා යාවි. මේකට කියන්නේ කීහෝල් නැත්තං යතුරු සිදුර කියලා. නමෙන් තේරෙනවනේ වැඩේ!

මේ කීහෝල් එකේ පෘථිවියට ආසන්න පැත්තෙන් ගියොත් මේක වදිනවාම තමා. හැබැයි මැදින් ගියොත් මේකේ කක්ශය වෙනස් වෙනවා. ඒනිසා එදා වදින එකක් නෑ හැබැයි අව්රුදු 7කට පස්සේ 2036මේක වදිනවා.

මේක 2029දී යන්නේ පෘථිවියේ පෘෂ්ඨයට කිලෝමීටර 30,000ක් උඩින්. ඒකිව්වේ අපේ සන්නිවේදන සැටලයිට් වලටත් යටින්!

දැනට තියන දත්ත එක්ක තමා ඔය ටික කියන්න පුලුවන්. මේවා සමහර විට වෙනස් වෙවි. හැබැයි වැදීමේ සම්භාවිතාවකුත් තියනවා හොදේ!

මේක වැදුනොත් වදින්නේ පැසිෆික් සාගරයේ මැදට. මේක වදින තැන සාගරය කිලෝමීටර 4ක් ගැඹුරයි.

අපොෆිස් වායුගෝලයට ඇතුල් වෙන්නේ මෙගාටොන් 750ක චාලක ශක්තියක් අරගෙන.

පෘථිවියේ පුපුරවපු ප්‍රභලම හයිඩ්‍රජන් බෝම්බේ තමා Tsar. ඒක මෙගාටොන් 50ක් විතරයි.

අනික මේක වැටෙන්නෙ සාගරයේ ගැඹුරට. අධිකව රත් වෙලා වතුරට වැටෙන මේක කිලෝමීටර 4ක් යටදි පුපුරලා යනවා!

හා දැන් මේක වැටිලා සාගරය වටේ විසි වෙලා ඇමරිකාවට හා ගිණිකොනදිග ආසියාවට මීටර් 50ක් උස  සුනාමියක් එනවා.

හැබැයි වැඩේ මේකෙන් නතර වෙන්නේ නෑ.

අර වැටිච්ච තැන සාගරය මැද මහා විසාල සිදුරක් තියෙනව. ද්‍රවයක් තමංගේ මැද සිදුරු තියනවට කැමති නෑ. වටේ ගියපු සේරම ඇතුලට කෙලන් එනවා. වේගන් ඇතුලට වැටිලා උඩ විසිවෙනවා. ආපහු වැටෙනවා. දෙවනි සුනාමිය එනවා. ආපහු ඇතුලට වැටෙනවා. ආපහු යනව.

මේ විදිහට සුනාමි 50ක් එනවා. එකකට එකක් විනාඩි 2ක පරතරයකින්.

වෙරලේ ඉදන් කිලෝමීටර 3ක් යනකන් සේරම විනාශ වෙනවා.

දැන් ඔය ඇමරිකාවේ කැලිෆෝනියාවේ වෙරලේ තියෙනවා මිලියන ගානක මාලිගා වගේ ගෙවල්. අයන් මෑන්ගේ ගේවගේ.

පලවැනි සුනාමිය ඇවිල්ලා මේවා සේරම අරන් යනවා.

දෙවනි සුනාමිය සො‍රී කියාගෙන ඇවිල්ලා අර අරං ගියපු ගෙවල් ආපහු ගෙනත් දෙනවා. හැබැයි දැන් මං ගේ පොඩ්ඩක් වෙනස් වෙලා.

පැය කීපයක් ඇතුලත මුහුද ආසන්නව තියන සියල්ල ඇඹරෙන චොරයක් වෙනවා.

මං ලිපිය නවත්තන්නේ තව පොඩි දේවල් දෙකක් කියලා.

දැනට කිසිම ප්ලෑන් එකක් නෑ මේක වෙන පැත්තකට යවන්න.

ආ දැන් ඔය එකක් වැදුනොත්නේ ඔය!
ඔයිට වඩා ලොකු ඒවා 4ක් මේ වසරේ මුල හා ගියවසරේ හොයාගත්ත!

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

Android vs IOS/Iphone

ඇයි යට උනේ?.......