The ISS

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන මොනවද දන්නේ? මං මූලික කරුණු කීපයක් පොයින්ට් විදිහට මුලින්ම කියන්නම්.

(හෙට මේක ලංකාවට උඩින් යනවා බලන්න ආසනම් මං තව පොඩ්ඩකින් කියන්නම් 😉)

1)මේක තියෙන්නේ පෘථිවියේ ඉදන් සාමාන්‍යයෙන් කිලෝමීටර 400ක් උඩ.

2)කක්ශීය ප්‍රවේගය පැයට කිලෝමීටර 27,000ක්!

3)පැය 24කට 16වතාවක් පෘථිවිය වටා යනවා

4)මේකේ 6කට ඉන්න පුලුවන් හැබැයි දැන් ඉන්නේ 3යි.

5)මේකේ මුල් කොටස දියත් කලේ 1998දී.

6)මීටර් 100ක් දිගයි. 70ක් පලල්. 20ක් විතර උසයි.

7)මේක ලංකාව උඩින් යන කක්ශයකත් යනවා!

8)වර්තමානය වෙනකොට මේකට ගියපු වියදම ඩොලර් බිලියන 150ක්

මේ මධ්‍යස්ථානයට ජාත්‍යන්තර කියලා කියන්නේ රටවල් ගනනාවක එකතුවෙන් ක්‍රියාත්මක වෙනනිසා. සෑහෙන්න ලොකුයිනේ මේක. ඉතින් ඕනකරන බලය ලබාගන්නේ සූර්‍ය කෝෂ වලින්. අර ලොකු පැනල් සූර්‍ය කෝශ පැනල්.

ඉන්න අයට කෑම ගිහින් දෙන්නේ දැනට නම් Space X එකේ Dragon මිශන් වලින්. (CRS කියලා තියෙන්නේ SpaceX Youtube Channel එකේ ඒවා)

හැබැයි SpaceXලගේ Falcon9 එකට මේකට ගගනගාමීන් ගෙනියන්න බෑ. ඒනිසා ගගනගාමීන් ගෙනියන්නේ රුසියාවේ සෝයූස් කැප්සියුල් වලින්. (හැබැයි Falcon9 Heavy ආපුහම රුසියාවට ගොඩාක් රිදෙයි!)

මේකේ ඉන්න ගගනගාමීන් දවසකට පැය 2ක් ව්‍යායාම කරන්න ඕන නැත්තං එයාලගේ මාංශපේෂි ක්ශය වෙලා යනවා මොකද ඒවා පාවිච්චි වෙන්නේ නැති නිසා. ඒවගේම දැකලා ඇති එයාල ස්ටේශන් එකේ ඉන්නකොට ඔලුව පොඩ්ඩක් ලොකුවට පේනවා. ඒකට හේතුව රුධිරය ශුන්‍ය ගුරුත්වය නිසා පහලට නොයාම.

කන්න තියන කෑම නං ගොඩාක් තියෙනවා මෙයාලට. හැබැයි හැම එකම දියරමය විදිහට තියෙන්නේ. මොකද පාං වගේ කුඩු හැලෙන්න දෙයක් තිබිලා හැලුනොත් ඒක පෙනහලුවලට යනවා.

අපි පෘථිවියේදී මළපහ හා මුත්‍රා කරන්න ගුරුත්වයෙන් ලොකු තල්ලුවක් දෙනවා. හැබැයි උඩදි ඒක නෑ. ඉතින් කෘතීමව ඒවා එලියට අදින්න වෙනවා.
අනික මුත්‍රා ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත පානීය ජලය හදනවා. (කාන්තාවෝ ඉන්නවා මේකේ එයාලගේ බාත්රූම් සෙට් එක ටිකක් සංකීර්ණයි පිරිමි අයගේ එකට වඩා).

නාන්නත් තියෙන්නේ අමුතු විදිහට. ස්පොන්ච් එකකින් පිහදානවා වගේ දෙයක් කරන්නේ.

ස්ටේශන් එකේ කරදරයක් උනොත් ඉන්න අයට පැන ගන්න පුලුවන් සෝයුස් කැප්සියුල් 2ක් තියෙනවා. කරන්න තියෙන්නේ ඒකට රිංගන එක.

පෘථිවි වායුගෝලය කිලෝමීටර 700ක් විතර තියෙනවා. ඒනිසා ස්ටේශන් එක අතිශය සුලු වායුගෝලීය ඝර්ෂණයට අහුවෙලා තියෙන්නේ. ඒනිසා ලාවට පෘථිවියට වැටෙනවා. ඒක නවත්තන්න ස්ටේශන් එකේ රොකට් නොසල් තියෙනවා. ඔටෝමැටික් කක්ශය හදාගන්න පුලුවන්.

ඔය මදෑ ඕක ගැන දැන් බලමු මේක බලන එක ගැන.

මං දහපාරක් විතර මේක ලංකාවට ලගින් හෝ උඩින් යනවා බලලා තියෙනවා. සිකුරුට වඩා දීප්තිමත් එලියක් විදිහට වේගෙන් යනවා (27,000kmpH!). හැබැයි ටෙලස්කෝප් එකකින් බැලුවනං ස්ටේශන් එක ඉතාහොදින් පේනවා. හැමෝටම ඉතින් ටෙලස්කෝප් නං නෑ. හැබැයි මේක හොද කැමරා එකකින් ලෝන්ග් එක්ස්පොශර් වලින් ට්‍රැක් කරන්න පුලුවන්. (Calling all Photographers)

මේක පෘථිවිය ආසන්නයේ යන නිසා බලන්න පුලුවන් උදේපාන්දර හෝ සවස විතරයි. නැත්තං පෘථිවියේ සෙවනැල්ලට අහුවෙනවා.

https://spotthestation.nasa.gov/

මේ සයිට් එකෙන් රෙජිස්ටර් උනාම ෆෝන් එකට SMS එකක් ගෙන්න ගන්න පුලුවන් ඔයා ඉන්න තැන ආසන්නයේන් මේක යනවනම් හා පේනවන්ම්. ස්ටේශන් එක පේන්න පැය 24කට කලින් පේන වෙලාව එක්ක මැසේජ් එකක් එනවා. හැබැයි නාසා එකෙන් දීල තියන සජීවී සිතියම ( http://iss.astroviewer.net/ ) පාවිච්චි කරලා අහසේ බලන්න ඕන පැත්ත හොයාගන්න ඕන. ඊට පස්සේ හරියටම කිව්ව වෙලාවට ඒක අහස හරහා වේගෙන් ඇදිලා යාවි!

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

Android vs IOS/Iphone

ඇයි යට උනේ?.......