Hunt For The Exo-Planets

Hunt for the Exo-Planets

මීට කාලෙකට කලින් මිනිස්සු හිතන් හිටියා පෘථිවිය විශේශයි කියල. හිරු පවා මහපොලොව වටා යනව කියල.

පස්සෙ හොයාගත්ත පෘථිවිය කියන්නෙ සූර්යා වටා යන ග්‍රහලෝක 8කින් එකක් විතරයි කියල. හැබැයි ඒත් හිතුව අඩුමගානේ සෞරග්‍රහ මණ්ඩලයවත් විශේශ ඇති කියල.

හැබැයි මේවෙනකොට සෞරග්‍රහ මණ්ඩලයෙන් භාහිරව හොයාගෙන තියන දහස් ගනනක් වෙන ග්‍රහලෝක හා වෙනත් සෞරග්‍රහ මණ්ඩල නිසා ඒ මතයත් බිඳිල.

දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ මේ විශ්වය විශේශයි කියන එක විතරයි.
(ඇත්තටම එහෙමද නැත්තං මල්ටිවර්ස් තියරිය හරිද? Uni or Multi?)

නමුත් කොහොමද සෞරග්‍රහ මණ්ඩලයෙන් භාහිර ග්‍රහලෝක හොයාගන්නෙ? අනෙක් තරු පෘථිවියේ ඉඳන් නොසෑහෙන්න ඈතින් තියෙන්නේ.

මේ ග්‍රහලෝක හොයාගන්න මූලික ක්‍රම 5ක් තියනව.

1) මව් තරුවේ නලියෑම් නිරීක්ෂණය

2) සෙවනැල්ල බැලීම

3) සෘජුව චායාරූපගත කිරීම

4) ගුරුත්ව කාච බැලීම

5)  ක්ෂුද්‍ර නලියෑම් බැලීම

එකින් එක බලමු කොහොමද කරන්නෙ කියල.

1) මව් තරුවේ නලියෑම් නිරීක්ෂණය

මේ ක්‍රම 5න් මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තෙ පලවෙනි ක්‍රමේ. ඒක කරන්න මූලිකව ඕන පත දුරේක්ෂයක් හා වර්ණාවලීමානයක්.

අහල ඇතිනෙ ඩොප්ලර් ආචරණය ගැන.
තරංගයක් නිපදවෙන වස්තුව හා නිරීක්ෂකයා අතර චලිතය නිසා තරංගයේ සංඛ්‍යාතය වෙනස් වීම ඕකෙ මූලික අර්ථය.

තරංගයක ජනප්‍රිය හැඩය දන්නවනෙ හැමෝම. අර රැලි රැලි හැඩය.
(සංඛ්‍යාතය කියන්නෙ එක තප්පරේකට ඇතිවන රැලි ගාන කියල කියමුකෝ)

ඉතින් නිරීක්ෂකයා හා/හෝ තරංගයේ මූලය එකිනෙකා දෙසට ගමන් කරනවනම් මේ තරංගයේ රැලි එකට තද වෙනව. එතකොට කලින්ට වඩා තරංග රැලි එකට පොදි ගැහිල තරංගයේ සංඛ්‍යාතය ඉහල යනව. (දෙන්න දෙපැත්තට යනවනම් මේකෙ අනිත්පැත්ත වෙනව. රැලි දෙපැත්තට ඇදිල සංඛ්‍යාතය අඩුවෙනව)

ආලෝකයට තියනවනෙ තරංගාකාර හැසිරීමක්. ඉතින් මේ කලින් කිව්ව ඩොප්ලර් ඉෆෙක්ට් එක ආලෝකයටත් බලපානව.

හිතන්න මෙහෙම.
ග්‍රහලෝකයක් තමංගෙ මව් තරුව වටා යනව. නමුත් ග්‍රහලෝකය ඉතා අධික ස්කන්ධයක් තියන එකක් නම් මව් තරුව හා ග්‍රහලෝකය ඇත්තටම කැරකෙන්නෙ දෙන්නගෙම පොදු ස්කන්ධය කේන්ද්‍රය වටා.
( අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ බ්‍රහස්පති හිරුවටා නෙවෙයි යන්නෙ. දෙන්නගෙ පොදු ස්කන්ධ කේන්ද්‍රය වටා)

මේකෙන් වෙන්නෙ තරුව අමුතු හෙල්ලීමකට ලක්වෙන එක. හරියටම කිව්වොත් තරුව දඟලන්න ගන්නව.

මේ දැඟලිල්ලෙ එක මොහොතක තරුව පෘථිවියෙන් ඉවතට ඇදෙනව. ඊලඟ මොහොතේ පෘථිවිය දෙසට ඇදෙනව.

එතකොට තරුවෙ ආලෝකයට මොකද වෙන්නෙ?

ඩොප්ලර් ඉෆෙක්ට් එක එන්ටර් වෙන්නෙ මෙතනදි. තරුව ඈතට යනකොට තරුවෙ ආලෝකයේ සංඛ්‍යාතය අඩුවෙනව. ඒකිව්වේ තරුවේ ආලෝකය වර්ණාවලියේ රතුපාට පැත්තට බර වෙනව. එතකොට තරුව අපි දිහාට එනකොට තරුවෙ ආලෝකයේ සංඛ්‍යාතය වැඩිවෙලා නිල්පාට පැත්තට බර වෙනව.

ඉතින් මේ විචලන කාලයක් නිරීක්ෂණය කරල පුලුවන් තරුව වටා තියන ග්‍රහලෝකයක් හඳුනාගන්න.

හැබැයි මේ ක්‍රමයෙන් හඳුනාගන්න පුලුවන් බ්‍රහස්පතිටත් වඩා විශාල ග්‍රහලෝක විතරයි. පෘථිවිය වගේ පොඩි ඒව හොයාගන්න බෑ. නමුත් මේ ක්‍රමෙන් දැවැන්ත ග්‍රහලෝක 658ක් හොයාගෙන තියනව දැනට.

2) සෙවනැල්ල බැලීම

මේක සිම්පල් මෙතඩ් එකක්. හැබැයි මේක කරන්න ප්‍රභල දුරේක්ශ ඕන. අනික පෘථිවියේ වායුගෝලයේ බාදාවෙන් මිදිච්ච කක්ශගත දුරේක්ෂයක් ඕන. හරියටම කිව්වොත් කෙප්ලර් දුරේක්ෂය වගේ
( කෙප්ලර් දුරේක්ශයේ අනිත්නම තමා ග්‍රහලෝක දඩයක්කරු)

චන්ද්‍රග්‍රහණ, සූර්‍යග්‍රහණ ඇතිවෙන හැටි දන්නවනෙ. ග්‍රහලෝකයක් මව්තරුව ඉදිරියෙන් ගමන් කරනකොට මව්තරුවේ ආලෝකය තරමක් බ්ලොක් වෙනව ග්‍රහලෝකයේ සෙවනැල්ලෙන්. ඉතින් මේ තරුවයි එයාගෙ ග්‍රහලෝකයයි පෘථිවියයි එක රේඛාවක ඉන්නව නම් අර කලින් කිව්ව වගේ දුරේක්ෂයක් පාවිච්චි කරල ආලෝකය අඩුවීම නිරීක්ෂණය කරල ඒ අනුව පුලුවන් ග්‍රහලෝකය හඳුනාගන්න.

මේක්‍රමෙන් තමා වැඩිම Exo-planet ප්‍රමාණයක් හඳුනාගන්නෙ. JPL එකට අනුව දැනට මේ ක්‍රමේට Exo-planet 2774ක් හොයාගෙන තියනව. මේ ක්‍රමෙන් පුලුවන් පෘථිවිය වගේ කුඩා ඒවත් හොයාගන්න.

3) සෘජුව චායාරූපගත කිරීම

මේක තමා තියන අමාරුම හැබැයි වටිනම ක්‍රමේ.

සාමාන්‍යයෙන් මව්තරුවේ අධික ආලෝකය නිසා ඒක වටේ තියන ග්‍රහලෝකයක පරාවර්තනය දකින්න බෑ. නමුත් ග්‍රහලෝකය ප්‍රමාණවත් තරම් විශාලයි හා ඒකේ පැහැය ලා පැහැයක් නම් යාන්තම් දකින්න පුලුවන්. මේකෙන් තාම හොයාගෙන තියෙන්නෙ ග්‍රහලෝක 44ක් විතරයි.

4) ගුරුත්ව කාච බැලීම

අයින්ස්ටයින් මහත්මයාගේ නව අවකාශ මොඩල අනුව ස්කන්ධයකට පුලුවන් අවකාශය නවන්න. හැබැයි ආලෝකය නිතරම අවකාශය තුලින්ම යන නිසා ආලෝකය අර නැවිච්ච අවකාශ තලය ඔස්සෙ යනව. සාමාන්‍යයෙන් උත්තල කාචයක් ආලෝකය නවන විදිහටම මේ වක්‍ර වෙච්චි අවකාශයක් ආලෝකය නවනව.

තාරකාවක අධි ස්කන්ධය නිස නැවෙන ආලෝකය තවත් ලොකු ග්‍රහලෝකයක ස්කන්ධය මගින් තවත් නවන්න පුලුවන්. එතකොට තරුවේ ආලෝකයේ යම් විකෘති බවක් දකින්න පුලුවන්. ඉතින් මේ විකෘතිය ගැන ගණනය කිරීමක් මගින් ග්‍රහලෝකයක පැවැත්ම තහවුරු කරන්න පුලුවන්. අමාරු උනත් දැනට මේ ක්‍රමෙන් ග්‍රහලෝක 53ක් හොයාගෙන තියනව.

5)  ක්ෂුද්‍ර නලියෑම් බැලීම

ක්‍රමේ අලුත් හා අමාරුව නිසා මේකෙන් හොයාගෙන තියෙන්නේ එකම එක ග්‍රහලෝකයක් විතරයි.

මේක මේ අර මුලින්ම කිව්ව ක්‍රමේම දිගුවක්. මව්තරුව නලියන නිසා අනෙක් තරු එක්ක කුඩා ආවර්තීය චලනයක් දකින්න පුලුවන්. ආන් ඒ චලිතය අනුව මව්තරුවේ නලියෑම මනින්න පුලුවන්. ඉතින් ග්‍රහලෝකයක් තියනවද කියලත් බලන්න පුලුවන්.

දැනට කෙප්ලර්ගෙන් ලැබෙන සපෝර්ට් එකට වඩා සපෝර්ට් එකක් JamesWeb එකෙන් ලැබේවි අනාගතයේදී.

දැනට හමුවෙලා තියන ග්‍රහලෝකය අතරින් ඉතා සුලු ප්‍රමාණයක් ඔවුන්ගෙ මව්තරුවේ ඉදන් ජීවයට සුදුසු කලාපවල තියනව. නමුත් තවමත් තාක්ෂණය මදි ඒ ග්‍රහලෝක වල වායුගෝලය ගැන හොයාගන්න.

තරුවක් හා ග්‍රහලෝකයක් එක්ක පෘථිවිය එක රේඛාවක ඉන්නකොට අර තරුවේ ආලෝකය පෘථිවියට එන්නෙ ඒ ග්‍රහලෝකයේ වායුගෝලය සිපගෙන. ඒ ආලෝකය වර්ණාවලීක්ෂයකින් නිරීක්ෂණය කරල ඒ ග්‍රහලෝකයේ වායුගෝලයේ සංයුතිය කියන්න පුලුවන්.

හිතන්න ඔහොම ඔක්සිජන් හොයාගත්ත කියල. ඔක්සිජන් බොහොම සක්‍රීය වායුවක්. ග්‍රහලෝකයක වායුගෝලයක ඔක්සිජන් වැඩි කාලයක් තියෙන්න බෑ ඒක වායුගෝලයට එක්වෙන මූලයක් නැතුව. ඉතින් ඒ මූලය මොකක් වෙන්න පුලුවන්ද?

©Rezor Kenway
Stardate 2017.35.02

Read More Posts
@ My Profile
Or
@ Https://IRidiumXL.blogsphot.com

Comments

Popular posts from this blog

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone

The Android (Software Part 3)