තාරකාවල දරුවෝ!
මං පොඩි කතාවක් කියන්නම්.......
බොහෝම කාලෙකට කලින් එක්තරා මණ්දාකිණියක දැවැන්ත තාරකාවක් තිබුනා.ඒ තාරකාවේ හරයේ හයිඩ්‍රජන් හීලියම් බවට හරවලා ආලෝකය පිටකලා. වසර මිලියන ගණනකින් හයිඩ්‍රජන් අවසන් වෙලා තාරකාව රතු යෝධ තරුවක් වෙලා හරයේ තියන හීලියම් කාබන් හා ඔක්සිජන් බවට විලයනය කලා.
අවසානයේ තාරකාව දැවැන්ත සුපිර් නෝවා පිපුරුමකින් විනාශ වෙලා ගියා.
පිපුරුමේ ඇතිඋන සෙල්සියස් බිලියන ගණනක උශ්ණත්වය හා ගුරුත්වයනිසා
කාබන්,ඔක්සිජන්,හයිඩ්‍රජන්,හීලියම් තවත් විලයනය කරලා යකඩ,නිකල් වගේ බැර
මූලද්‍රව්‍යයන් නිර්මාණය උනා.
තවත් වසර මිලියන ගණනක් ගතවෙලා අර තාරකා පිපුරුමෙන් විහිදුනු කොටස් එක් වෙලා අලුත් කුඩා තාරකාවක් ඉපදුනා. ඒ මීට වසර බිලියන 5කට කලින්.
ඒ පුංචි තරුව වටේ පුංචි ග්‍රහලෝක කීපයක් තිබ්බා. ඉන් තුනකම මූලද්‍රව්‍ය ජීවය බවට හැරුනා. නමුත් එක ග්‍රහලෝකයක් විතරයි තමංගේ ජීවය රැකගත්තේ.
වසර බිලියන ගනණකට පස්සේ ඒ ග්‍රහලෝකයේ පරිණාමය වෙච්ච හෝමෝ සේපියන්ස් සේපියන් එකෙක් මේ පෝස්ට් එක කියවනවා.
අපේ ඇගේ තියන Hydrogen හැර අන් සියලු මූලද්‍රව්‍ය නිශ්පාදන උනේ අර කිව්වා වගේ සෙල්සියස් බිලියන සියයක උශ්ණත්වයක.
අදින් වසර බිලියන තුන හතරකින් සූර්‍යා හයිඩ්‍රජන් ඉවර උනාම රතු යෝධ තාරකාවක් වේවි. පෘථිවියේ ජීවය එතකොට තාරකා අතර අලුත් නිවෙස් හොයාගෙන ඉදීවී................

Comments
Post a Comment