හුස්ම ගන්නා පෘථිවිය...

අපි හැමෝම හුස්ම ගන්නවා. ඔක්සිජන් අරන් කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. ශාක මේකේ අනිත් පැත්ත කරනවා.හැබැයි දන්නවද පෘථිවිය කියන ග්‍රහලෝකය හුස්ම ගන්න බව?

අපිට හුස්මක් ගන්න යන්නේ තප්පර 5ක් 10ක් වගේ. හැබැයි පෘථිවියේ එක හුස්මක් සම්පූර්ණ කරන්න මුලු අව්රුද්දක්ම යනවා.

දැන් බලනවා ඇති ග්‍රහලෝකයක් හුස්ම ගන්නේ කොහොමද කියලා. පෘථිවිය හුස්ම ගන්නේ ශාක හුස්ම ගන්න ක්‍රමමේටම තමා ඒකිව්වේ කාබන්ඩයොක්සයිඩ් අරන් ඔක්සිජන් පිට කරනවා.

මේක වෙන්නේ මෙහෙමයි.

උතුරු අර්ධගෝලයට වසන්තය එනකොට උතුරේ මහා වනාන්තර තමංගේ පත්‍ර වර්ධනය කරලා උපරිම විදිහට ප්‍රභාසංස්ලේෂණය කරලා වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කරනවා.

උතුරට ශීතකාලය එනකොට මේ ශාක පත්‍ර හලනවා. ඒ පත්‍ර දිරාපත්වෙද්දී නැවත කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් වෙනවා. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යනවා.

මේ සිද්ධියම වෙනවා දකුණු අර්ධගෝලයේ. නමුත් දකුණු අර්ධගෝලයේ වැඩි ප්‍රමාණයක් සාගර නිසා බලපෑමක් නෑ.

මාස 6ක් හුස්ම උඩට ගන්නවා.
මාස 6ක් හුස්ම පිට කරනවා.

හිතන්න. වායුගෝලයේ CO2 සාන්ද්‍රණ වෙනස් කරන්න නම් මේ වනාන්තර කොච්චර ලොකු වෙන්න ඕනද?

කණගාටුවට කරුණ තමා මේ වනාන්තර විශාලලෙස දැන් විනාශ වෙලා. ඒවගේම CO2 සාන්ද්‍රණය වැඩිවෙලා.

පෘථිවිය එක් සම්පූර්ණ ජීවියෙක්. අපි ඒ ජීවියාගේ පරපෝෂිතයන්. පරපෝෂිතයා වර්ධනය වෙනකොට ධාරකයාට කුමක්ද වෙන්නේ?

Comments

Popular posts from this blog

හයිඩ්‍රජන් බෝම්බය

ඇයි යට උනේ?.......

Firefox