ඉන්දියානු ලොජික් හා පිසික්ස්....
මං පොඩි Simulations ටිකක් Run කලා දකුණු ඉන්දියානු ෆිල්ම් හා නාට්‍ය වල පිසික්ස් හා බයෝ ගැන. ලැබුනු අවුට්පුට් එක නං විශ්මය ජනකයි.
40kg කෙට්ටු එකෙක් 60kg එකෙක්ට ගහනවා මීටර් 2ක් විසිවෙලා යන්න. අර කෙට්ටු එකා පොඩ්ඩක්වත් පස්සට විසිවෙන්නේ නෑ. (RiP ගම්‍යතා සංස්තිතිය)
අනික ෆිල්ම් වල තියන උඩ විසිකරන ඒවට අනුව දකුණු ඉන්දියාවේ ගුරුත්වජ ත්වරණය 6.7ms^(-2) ක් වගේ අගයක්. (?)
හැබැයි මෙච්චර ගුරුත්වජ ත්වරණය අඩුනිසා වෙන්න ඇති වාහන අච්චර ඩ්‍රිෆ්ට් වෙන්නේ. F=uR නේ!
PhD එකකට කරන්න තරම් අලුත් පිසික්ස් දකුණු ඉන්දියානු "චිත්‍රපටි"වල තියෙනවා.
එහේ කාන්තාවෝ සාරි ඇදන් නිදාගන්නේ. පවතින ආර්ද්‍රතාව හා උශ්ණත්වය සැලකුවාම බැක්ටීරියා වර්ධනයට ඉතා උචිත තත්වයක්. (ඊයා).
සවල් පාරවල් 10ක් ඔලුවටම වැදිලත් වීරයා කෙලින්. (යකෝ ඔලුවක්ද? නැත්තං කාබන් ෆයිබර්ද?)
යකාගේ ජීව විද්‍යාවක් මේක.
අනේ ඉතින් ලංකාවේ උන් මේවා බලනවනේ.........!
Comments
Post a Comment