The Android (Software Part 2)

THE ANDROID

(The Android | Part IX) by Rezor Kenway

<<<<<<<<< Software (Part II) >>>>>>>>>>

මේ කොටසින් කියන්න යන්නේ ස්මාට්ෆෝන් ඕඑස් එකක්වෙච්ච ඇන්ඩ්‍රොයිඩ් ඩෙස්ක්ටොප් ඕඑස් එකක් වෙන හැටි. කෙටියෙන්ම කියන්නම් මේගැන. මොකද මහලොකු දේවල් කියන්න ඕන නෑ. අනික මේවා ඉන්ස්ටෝල් කරන් හැටි මං මේකේ දාන්නේ නෑ. මොකද ඒකවත් නොදන්න අය මේවා අත්හදා නොබලන තරමට හොදයි.

සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන් PC එක හෝ Lap එකේ තියෙන්නේ Windows හෝ Linux ඕඑස් එකක්. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලිනක්ස් ඕඑස් එකක් උනාට මං කලින් ලිපියකින් කිව්වා වගේ ඇන්ඩ්‍රොයිඩ් හදලා තියෙන්නේ ARM ප්‍රොසෙසර් වල රන් කරන්න. නමුත් ඩෙස්ක්ටොප් පීසී වල තියෙන්නේ X86 ප්‍රොසෙසර්. ඒනිසා ඇන්ඩ්‍රොයිඩ් පීසී වලට ඉන්ස්ටෝල් කරන්න බැහැ මුල ඉදන් නැවත කර්නල් එක හා ඩ්‍රයිවර්ස් X86 ප්ලැට්ෆෝම් එකට හරවන්නේ නැතුව.

මෙහෙම හරවන ප්‍රොජෙක්ට් එකක් තියනවා. ඒතමා Android x86 Project. නමුත් මේ ඇන්ඩ්‍රොයිඩ් ඩෙස්ක්ටොප් එකක රන් කරන්න අමාරුයි මොකද ඩෙස්ක්ටොප් වල හාඩ්වෙයා වලට ඩ්‍රයිවර්ස් වෙන වෙනම ඕන නිසා. මේ ගැටලු මගහරවාගෙ හදපු විශේෂ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් 2ක් තියෙනවා.

1. Remix Os
2. Pheonix Os

මං මේ දෙකම පාවිච්චි කරලා තියෙනවා වගේම RemixOS අදටත් පාවිච්චි කරනවා. කොහොම නමුත් Remix Os වඩා හොද එක නිසා මං ඒගැන විතරයි කියන්නේ. අනිත් එක Pheonix Os එක සම්පූර්ණයෙන් English නෙවේ. ටිකක් චීන.

මේ Remix Os එකේ කර්නල් එක කම්පයිල් වෙන්නේ අපි මේක ඉන්ස්ටෝල් කරන වෙලාවේ. ඒනිසා සම්පූර්ණ ඉන්ස්ටෝල් වීමට විනාඩි 15ක් යනවා.

Remix Os (RoS for Short)

Remix OS එක ෆ්‍රී දෙන්නේ. ඩවුන්ලෝඩ් ලින්ක් අන්තිමට දාලා ඇති. සාමාන්‍යයෙන් 1GB වගේ ඩවුන්ලෝඩ් සයිස් එක. අවශ්‍ය නම් පෙන් එකට උනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මං නං ලැප් එකේ හාඩ්ඩිස්ක් එකට ඉන්ස්ටෝල් කරලාතියෙන්නේ වින්ඩෝස් 10 එක්ක ඩුවල් බූට් විදිහට.

විශේෂත්වය කියන්නේ මං RoS එක පරණ First Gen i3 ලැප් එකකට ඉන්ස්ටෝල් කලාම ලැප් එකේ Wifi,bluetooth,Camera,Tochpad ඇතුලු සේරම වැඩකලා. කිසිම ස්ලෝවීමක් නෑ. අනික බූට් වෙනවා තප්පර 20න්.

RoS එක කලින්ම රූට් කරලා තියෙන්නේ. ඒනිසා අමුතුවෙන් රූට් කරන්න දගලන්න ඕන් නෑ. අනික ඇප් උනත් වින්ඩෝ වල රන් වෙනවා.

විශේෂයෙන් කියන්න ඕන මේකේ ප්ලේ ස්ටෝ වැඩ. ඒනිසා ගොඩක් පහසුවෙන් ඇප් දාගන්න පුලුවන්.

කොහොමනමුත් RemixOS එකේ ඩොන්ගල් නං වැඩ නෑ. ඒනිසා Wifi හෝ Ethernet පාවිච්චි කරන්න ඕන.

අලුත්ම RoS එක ඇන්ඩ්‍රොයිඩ් 6.0 මත පදනම් වෙලා තියෙනවා. ලගදිම 7.1 අප්ඩේට් එක ඒවි.

මතක තියාගන්න RoS පීසී එකේ හාඩ්ඩිස්ක් ඉන්ස්ටෝල් කරනවනම් වෙනමම 20GB පාටිශන් එකකට ඉන්ස්ටෝල් කරන්න.

ගේම් උනත් ගොඩක් ඒවා වැඩ. Asphalt 8 කිසිම ස්ලෝ එකක් නැතුව වැඩ. කීබෝඩ් එක සපෝට් නිසා අව්ලක් නෑ. අනික කී මැප් කරන්න පුලුවන් නිසා ඕන ගේම් එකකට ඔට්ටුයි.

Ros එක සපෝට් කරන්නෙ USB මවුස් හා කීබෝට් වලට. PS/2 වැඩ කරාවි කියලා ශුවර් නෑ. කොහොම උනත් එමියුලේටර් දාලා ඇප් රන් කරන එක වගෙ නෙවේ. මේක ගොඩාක් ස්පීඩ් වගේම ස්ටේබල්. අනික පරණ PC වලට පවා සපෝට්

මේක අත්හදා බලනවනම් පහල සයිට් එකෙන් ගන්න. එයාල ටොරන්ට් දෙන නිසා ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.

http://www.jide.com/remixos-for-pc

ROS එකේ හොදම දේ තමා ඩෙස්ක්ටොප් එකක් තියන එක. ඒනිසා සාමාන්‍ය ඩෙස්ක්ටොප් ඕඑස් එකක් විදිහටම පාවිච්චි කරන්න පුලුවන්. ඇප් රන් වෙන්නේ වින්ඩෝවල කියලා මං කලින් කිව්වනේ. ඒනිසා වැඩ කීපයක් එකසැරේ කරන්න පුලුවන්. Alt+Tab වගේ ශෝට්කට් පවා වැඩ. වින්ඩෝස් වල ඇප් රීසයිස් කරනවා වගේ මේකෙත් ඒකම පුලුවන්.

රීමික්ස් ඕඑස් වගේ එකක හොදම දේ තමා ඉතා අවම හාඩ්වෙයා මත රන් වෙන්න පුලුවන් කිසිම ස්ලෝ වීමකින් තොරව. ඒනිසා පොඩි PC එකකට Remix Os දාලා තඩි TV එකකට කනෙක්ට් කලාම ඇන්ඩ්‍රොයිඩ් ටීවී එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. මං ඒවැඩෙත් කරනවා ලැප් එකේ HDMI Output එකෙන්.

මං ශෙයාරින් ඇප් කීපයක් මේකේ ට්‍රයි කරලා බැලුවා ලැප් එකේ Wifi තියන නිසා. Xender තමා Ros එකට වඩාත් හොදින් ගැලපෙන්නේ. නමුත් ෆයිල් හුවමාරු කරන්න නම් රීමික්ස් ඕඑස් එකේ Xender එකෙන් දෙන්න ඕන Send. නැත්තං කනෙක්ට් වෙන්නෙ නෑ.

තව මේකේ හෙලකුරු පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ඩිස්ප්ලේ එකෙන් බාගයක් වහෙනවා. අනික Physical කීබෝඩ් එක තියෙද්දී Soft කීබෝඩ් ඕන නෑනේ.

ඊලග පෝස්ට් එකෙන් මම RoM ගැන කියන්නම්.

Comments

Popular posts from this blog

ඇයි යට උනේ?.......

හයිඩ්‍රජන් බෝම්බය

සහෝදරියන් තිදෙනෙක්.......