සාගරයෙන් හුස්ම ගැනිම!
මේ පෝස්ට් එක කියවන්න කලින් හොද හුස්මක් ගන්න. දැන් තව හුස්මක් ගන්න.
දන්නවද මේ හුස්ම දෙකෙන් එකක් ආවේ මුහුදෙන්. අනික් එක ගොඩබිමින්.
මොකද පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් සැපයුමෙන් 60%කට වඩා සපයන්නේ මුහුදු ප්ලවාංග. (මේ අගය 50%ත් 85%ත් අතර කියලත් කියනවා)

ඕනම සාගරයකින් ජලය බිංදුවක් අරන් අණ්වීක්ෂයකින් බැලුවොත් ඒ ජල බිංදුව
ජීවයෙන් පිරිලා තියනවා පෙනේවි. මේ චූටි ජීවීන් යැපෙන්නේ සාගර ඇල්ගී මත. මේ
ඇල්ගී තමා මං කිව්ව ඔක්සිජන් නිපදවන්නේ.
මේ ඇල්ගී විශාලලෙස එකතුවෙලා හදන දැවැන්ත පොකුරු ලංකාවටත් වඩා විශාලයි. අභ්‍යවකාශයට පවා පේනවා.
වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වසරකට ටොන් බිලියන 30ක් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් වෙනවා. මේ CO2 විශාල ප්‍රමාණයක් සාගර මගින් උරාගන්නවා. එහෙම උරාගත්ත CO2 ජලයේ ද්‍රාවණයවෙලා කාබොලික් අම්ලය හැදෙනවා.
ඒකසෛලීය ජීවීන් මේ මේ CO2 හා කැල්සියම් පාවිච්චි කරලා දැවැන්ත කාබනේට තැන්පතු හා කොරල් පර හදනවා. එංගලන්තයේ ඩෝවර් වල තියන සුදු කදු මේවට උදාහරණ.
නමුත් සාගර වලට උරාගෙන තැන්පතු බවට හරවන්න පුලුවන් සීමාවක් තියෙනවා. එතකොට අතිරික්තය?
ඒ අතිරික්ත CO2 වලින් හැදෙන කාබොලික් අම්ලය සාගරයේ එකතු වෙලා සාගර ආම්ලික කරනවා.
කවදහරි විනාකිරි වලට බිත්තර කටු දාලා තියනවද? බිත්තර කටුව අම්ලයේ දියවෙනවා.
අන්න ඒවගේ සාගරයේ ඉන්න බාහිර කවච තියන බෙල්ලන් වගේ අයගේ කටුව ආම්ලික සාගරය නිසා දියවෙලා යාවි.
ඒවගේම මේ ආම්ලික සාගර නිසා ශාක ප්ලවාංග වර්ධනය වීම නතරවේවි.
අන්න එදාට අපිට අමතර ඔක්සිජන් සැපයුමක් හොයාගන්න වේවි!

Elama
ReplyDelete"Oxygen" wikinimata atha mehema wei aniwaren.
ReplyDelete