න්‍යෂ්ටිය බලා වයස කීම...

මේ කියන්න යන්නේ මිනිස්සු හිතන්න පටන් ගත්තු කාලේ ඉදන්ම අහපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ආගම්වලින් උත්තර දේන්න ගොඩාක් උත්සහ කරපු ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගත්තේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය මිනිසෙක්. ඒ 1956දී.

ඒ ප්‍රශ්නේ තමා පෘථිවිය කොච්චර වයසද කියන එක.

කොහොමද පෘථිවියේ වයස හොයන්නේ? ආගම්වලන්ම් තියෙන්නේ හිතලු. එකක කියනවා වසර 6000යිලු. තව එකක කියනවා වසර 10^38ක් ලු. හැබැයි කටින් කිව්වා මිසක කිසිම සාක්ශියක් නෑ.

මං කලින් කතාවක කිව්වා යුරේනියම් ගැන. ඒකේ මං කිව්වා යුරේනියම් අස්ථාවරයි කියලා. ඒනිසා යුරේනියම් හිටපු ගමන් කැඩිලා වෙනත් පරමාණුවක් බවට පත් වෙනවා කියල. හැබැයි මේක කොයිවෙලේ වේවිද දන්නේ නෑ. (ක්වොන්ටීකරණයෙ අවිනිශ්චිතතාව)

හැබැයි යුරේනියම් 1kg තිබ්බොත් ඒක ක්ශය වෙලා යුරේනියම් 500g ක් වෙන්න යන්නේ නියත කාලයක්. ඒකිව්වේ අපි යුරේනියම් කිලෝවේ පාර්සල් 1000ක් අරන් තිබ්බොත් ඒ පාර්සල් 1000ම යුරේනියම් 500gයේ පාර්සල් වෙන්න යන්නේ එකම නියත කාලයක්. ඒකට කියනවා අර්ධ ආයුකාලය කියලා.

එක එක මූලද්‍රව්‍යවලට හා ඒකෙත් එක එක සමස්ථානිකයට ඔය අගය වෙනස්. නැනෝ තප්පර ගානක ඉදලා වසර බිලියන ගානක් වෙන්න පුලුවන්. හැබැයි එකක තියන අගය කවශාවත් වෙනස්වෙන්නේ නෑ.

පරමාණු කොච්චර රසායනික ප්‍රතික්‍රියාවලට අහූනත් මේ අගයන් වෙනස් වෙන්නේ නෑ.

යුරේනියම් 238 වසර බිලියන 4.5කින් ක්ශය වෙලා මුලින් එක අස්ථාවර පරමාණුවක් හදනවා. ඒක මාස කිහිපයකින් තව එකක් වෙනවා. අවසානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ගනනකට පස්සේ ස්ථායි ඊයම් පරමාණු හැදෙනවා.

යම් දෙයක තියන ඊයම් ප්‍රමාණය හා ඉතුරුවෙලා තියන යුරේනියම් ප්‍රමාණය අනුව ප්‍රස්තාරයෙන් ඒ දේ කොච්චර වයසද කියන්න පුලුවන්.

ඉතින් පෘථිවියේ වයස හොයාගන්න ලේසීනේ? ගල්ගෙඩියක් අරන් ඔය ප්‍රස්තාරේ ගහලා බැලුවනං හරි නේ?

එහෙම බෑ. පොඩී අව්ලක් තියෙනවා.

කතාව දිගට කරගෙන යන්න කලින් අපි කාලයේ ආපස්සට යමු. සූර්‍යා බිහිවෙන්න කෙටි කාලයකට පෙර කාලයට....

මං කලින් පෝස්ට් එකක කිව්වා ආරම්භක විශ්වයේ තිබ්බේ හයිඩ්‍රජන් හා හීලියම් විතරයි කියලා. අනිත් සේරම මූලද්‍රව්‍ය බිහිඋනේ දැවැන්ත තාරකා පිපිරීමෙන් ලැබෙන අධික උශ්ණත්වය නිසා. ඕන් ඔහොම පුපුරලා ගිය තාරකා කොටස් වායු වලා විදිහට මණදාකිනිවල තියෙනවා. ඒ වගේ එක වායු/මූලද්‍රව්‍ය වාලාවක් ලගින් ගිය වෙනත් තාරකාවක ගුරුත්වය නිසා මේ වායු වලාව කැලතෙනවා. කැලතුනාම සුලි හැදෙනවනේ. ඒවගේ සුලි හැදෙනකොට ඒ තැන් වල ගුරුත්ව ඉහල යනවා. තව තවත් ද්‍රව්‍ය ඇදලා ගන්නවා. ක්‍රමයෙන් ස්කන්ධය වැඩිකරගන්නවා. ප්‍රමාණවත් ස්කන්ධයක් එකතු වෙලා සූර්‍යා බිහිවෙනවා.

ආ එතකොට අනිත් සුලි?

ඒ සුලිත් ටික ටික ස්කන්ධය වැඩි කරගන්නවා. නමුත් ඒවා කුඩා නිසා අලුත් උපන් බිලිදු තරුව වටේ කැරකෙන්න ගන්නවා. ඒ අතරේ තව තවත් ද්‍රව්‍ය එකතු කරගෙන ගෝලාකාරවෙලා ග්‍රහලෝක බවට පත්වෙනවා. තාරකාවට ආසන්නයේ තිබ්බ සුලි වලට ලැබුනේ දෘඩ ද්‍රව්‍ය. මොකද වායූන් වැඩි ප්‍රමාණයක් අලුත් උපන් බිලිදු තරුව උරාගෙන. ඒනිසා ලගින් තිබ්බ ඒවා පාශාණයමය ග්‍රහලෝක බවට පත් උනා. ඈතින් තිබ්බ ඒවා දෘඩ වගේම වායූන් පවා ඇදගෙන වායුමය ග්‍රහලෝකය උනා.

මේ කාලේ පෘථිවියේ චන්ද්‍රයා තිබ්බේ 30,000ක් ඈතින්. (G-O කක්ශය)

ක්‍රමයෙන් පෘථිවිය සිසිල් උනා. වායුගෝලය නිර්මාණය වෙලා සාගර ඇති උනා. ඒ සාගර වල උදම් බලය චන්ද්‍රියා ඈතට තල්ලු කරලා දැම්මා.
(අදටත් චන්ද්‍රයා ඈතට තල්ලු වෙනවා)

පෘථිවියේ තිබ්බ පාශාණ දහස් වතාවක්වත් නැවත නැවතත් ප්‍රතිචක්‍රීකරණය වෙන්න ඇති මේකාලෙයේදී.

ඉතින් පෘථිවිය උපතලද කාලයේ කිසිම පාශාණයක් දැන් පෘථිවිය "මත" ඉතුරු නෑ!

හැබැයි පෘථිවිය හැදුනේ සෞරග්‍රහ මණ්ඩලය එක්කමයි. ග්‍රහලෝක වෙන්න බැරිඋන කොටස් ඒකාලේ ඉදන් කිසිම වෙනසකට බදුන් නොවී තාමත් හිරුවටා යනවා. අගහරු හා බ්‍රහස්පති අතර ලොකු වලල්ලකුත් තියෙනවා.

ඒවගේම කාලෙන් කාලෙට ඒවා පෘථිවියට වැටෙනවා. ආන් ඒවා පෘථිවිය ඉපදුන කාලේ ඉදන් වෙනස් නොවී එන ඒවා. ඉතින් උල්කාශ්ම කැබැල්ලකින් පුලුවන් පෘථිවියේ වයස සොයන්න....

1956දී ක්ලෙයාර් කැමරන් පැටර්සන් කියන විද්‍යාඥයා උලකාශ්ම යුරේනියම්-ඊයම් ක්‍රමයෙන් හොයාගන්නවා පෘථිවිය වසර බිලියන 4.5ක් වයසයි කියලා......

පස්සේ තව තව මූලද්‍රව්‍ය ක්ශය වීම් පරීක්ෂණ වලින් හොයාගන්නවා හරියටම පෘථිවිය වසර බිලියන 4.543ක් වයසයි කියලා......

((( ඒක හොයාගත්ත දිනේ ඉදන් අදවෙනකල් ආගමික සංවිධාන උත්සහ කරනවා ඒක වැරදී කියන්න. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. මුලු ලෝකෙම ඉන්න ඒ හැමෝම කියන එකම කතාව තමා විද්‍යාව වැරදී කියන එක. ආගමික පොත් හැර ඒ කිසි කෙනෙක්ට කිසිම සාක්ශියක් නෑ )))

මිනිසුන් හිතන්න පුලුවන් උනදා සිට අහපු එක ප්‍රශ්නෙකට උත්තර ලැබුනේ ඔන්න ඔහොමයි............

Comments

Popular posts from this blog

හයිඩ්‍රජන් බෝම්බය

ඇයි යට උනේ?.......

Firefox