උපරිම වේගය....

සාමාන්‍යයෙන් ලංකාවේ තියන වේගවත්ම වාහනේ උපරිමවේගය කීයද? 240? 300? 400?

ලෝකේ වේගවත්ම වාහනේ?

මිනිසා විසින් සාදන ලද වේගවත්ම වාහනේ?

මේවා හෝ අනාගතේ වාහන වලට අදාලව උත්තර මොනවා උනත් ඒ හැම එකක්ම එක්තරා වේගසීමාවකට යටත්.
ඒතමා ආලෝකයේ ප්‍රවේගය...

තප්පරේට කිලෝමීටර ලක්ශ 3ක්.

අපි පොඩි පරීක්ෂණයක් කරමු. මේකට ලැබ් එකක් ඕන නෑ. ඕගොල්ලන්ගේ මනසේ කරන්න පුලුවන් පරීක්ෂණයක්. මේ පරීක්ෂණ වලට කියන්නේ සිතිවිලි පරීක්ෂණ කියලා.

එක්තරා අංශුවක් සලකමු. ඒකේ ස්කන්ධය කිලෝග්‍රෑම් m කියලා හිතමු. දැන් මේ අංශුව හිස් අවකාශයක තියමු. කිසිම ක්ශේත්‍රයකින්වත් මේ අංශුවට බලපෑමක් නෑ.

දැන් ක්‍රමයෙන් අංශුවේ ප්‍රවේගය වැඩි කරමු. 0kmph ඉදන් ටික ටික වැඩි කරමු. දැන් 150,000Kmph. යමක වේගය වැඩි කරන්න නම් ඒකට  ශක්තිය දෙන්න ඕන. ඒනිසා කිලෝජූල් E ප්‍රමාණයක් දෙමු.

මෙහෙම වැඩි කරගෙන යමු ආලෝකයේ ප්‍රවේගය දක්වා. නමුත් දැන් ප්‍රශ්නයක්. ආලෝකයේ වේගෙන් යන්න පුලුවන් ස්කන්ධය රහිත අංශු වලට විතරයි. ඉතින් මොකක් වේවිද මේ අපේ අංශුවට?

(ඉතුරු ටික කියවන්න කලින් හිතලා බලන්න)
.
.
.
.
.
.
.
.
.
කොච්චර කලත් ආලෝකයේ ප්‍රවේගයට එන්න බැරි නං අපි ඒකට එකතුකරන ශක්තියට මොකද වෙන්නේ? ශක්ති සංස්තිතිය අනුව ශක්තිය විනාශ කරන්න හෝ නිපදවන්න බෑ. ඉතින් මේ ශක්තිය කොහෙද යන්නේ?

පදාර්ථය ශක්තිය බවට පත්වෙනවා තාරකාවල හරයේ. මං ඒක වෙනහැටි කලින් කතාවක කිව්වා. ඉතින් එහෙනං මේ එකතු කරන ශක්තිය පදාර්ථය බවට පත්වෙනවද?

මේකට උත්තරේ තමා මේ ශක්තිය ස්කන්ධය බවට පත්වෙනවා.

සරල පරීක්ෂණයක් නේ? නෑ ඕයි ඔය තමා අයින්ස්ටයින් මහත්තයාගේ සාපේක්ෂතා වාදයේ මූලිකම සිතිවිලි පරීක්ෂණය. ඔහුගේ සුප්‍රසිද්ධ E=MC^2 සමීකරණය බිහිවෙන්නේ මෙතනින්.

මේ සමීකරණයෙන් පෙන්නන්නේ ඕනෑම ස්කන්ධයක් සතුව තියන නිසල ශක්තිය.

E ශක්තිය
M ස්කන්ධය
C ආලෝකයේ ප්‍රවේගය

දැන් බලමු අර ශක්තියට මොකද උනේ කියලා. ඊට කලින් මේ සමීකරණයෙන් M උක්ත කරමු.

M=C^2/E

අර යොදන E ශක්තියට මොකද උනේ? ඒක M ස්කන්ධයක් බවට හැරිලා අංශුවේ ස්කන්ධයට එකතුවෙලා. දැන් අංශුවේ ස්කන්ධය m+M

දැන් එමු ප්‍රායෝගික පැත්තට.
අපි හිතමු අනාගතේ හදනවා ස්පේස් ශිප් එකක්. ඒක ටොන් 1ක ස්කන්ධයක් තියන එකක්. මේක ආලෝකයේ ප්‍රවේගයට ත්වරණය කරන්න ඕන ශක්තිය හොයමු.

E=1/2(mv^2) වලින්.
උත්තරේ එන්නේ ටෙරාජූල් බිලියන හතර හමාරක්!

කිසිම ක්‍රමයක් නෑ මෙච්චර ශක්තියක් ගන්න වර්තමානයේ නම්.

හැබැයි අපි හිතමු මේ ශක්තිය ගත්තා කියලා. එතකොට මේ ශක්තිය එන්නේ ඉන්ධනේකින් වෙන්න එපෑ. එතකොට ඒ ඉන්ධන වල ස්කන්ධයත් යානෙ ස්කන්ධයට එකතුවෙනවා. ඕන ශක්තිය වැඩිවෙනවා. ඉතින් ඇත්තටම වෙන්නේ මොකක්ද?

යානෙයේ ස්කන්ධය අනන්තය දක්වා ඉහල යනවා. අනන්ත ස්කන්ධයක් චලනය කරන්න අනන්ත ශක්තියක් ඕන.

දැන් තේරෙනවා නේද මොකද ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න බැරි හේතුව?

නමුත් ස්කන්ධය රහිත අංශු චලනය කරන්න ශක්තිය අවශ්‍ය නෑ. (ඇත්තටම ආලෝක ෆෝටෝන සතුව තියෙන්නේ සාපේක්ෂ චලනයක් විතරයි. ඒවා ඇත්තටම චලනයවෙන්නේ නෑ ෆෝටෝනයේ රාමුවට අනුව)

දැන් වත් ෆේස්බුක් එකේ ගොන් තර්ක දාන එක නවත්තන්න. ආලෝකයේ ප්‍රවේගයෙන් ගිහින් කාලය හරහා යනවා වගේ මෝඩ කතා. ඇත්තටම වෙන්නේ ආලෝකයේ ප්‍රවේගයේදී කාලය සාපේක්ෂව නවතින එක. මං පස්සේ ඒ ගැනත් විස්තර කරන්නම්...........

Comments

Popular posts from this blog

The Android (Software Part 3)

ඇයි යට උනේ?.......

Android vs IOS/Iphone