යෝධ කෘමියෝ...
ඔන්න දවසක් ඔයා ගෙදර තට්ට තනියෙන් ඉන්නකොට අඩි 6ක් දිග කැරපොත්තෙක් එනවා. මොකෝ කරන්නේ?
දැන්නම් එච්චර ලොකු කෘමි සත්තූ නෑ. නමුත් මීට වසර මිලියන 300කට කලින් කාබොනිෆරස් යුගයේ නම් ඊටත් වඩා ලොකු කෘමීන් හිටියා. (දාලා තියන ෆොටෝ නම් ග්‍රැෆික්)
කිඹුල්ලු තරං ලොකු ගෝනුස්සෝ
අඩි 30ක් දිග පත්තෑයෝ.
උකුස්සෝ තරං ලොකු බත්කූරෝ
දරුණුම මහාවිසාල මකුලුවෝ
(මකුළුවා නං කෘමියෙක් නෙවේ)
නිකන් හීතලවෙලා ගියාද?
(මාව බුලට් 2ක් තියන තුවක්කුවක් එක්ක මේ තඩි පත්තෑයෙක් ඉන්න කාමරේකට දැම්මොත් මං නං දෙපාරක් ඔලුවට වෙඩිතියාගන්නවා!)
කෘමීන් තමන්ට අවශ්‍ය ඔක්සිජන් ලබාගන්නේ පිට සැකිල්ලේ තියන විවිර හරහා. ඒ විවර ශරීරය ඇතුලට විහිදෙනවා. කෘමීයා ගොඩාක් විසාලයි නම් අර ඔක්සිජන් ශරීර අභ්‍යන්තරයට යන්න කලින් පිටත කොටස් වලින් උරාගන්නවා.
නමුත් මීට වසර මිලියන 300කට කලින් පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණය 40%ක් විතර.(දැන් තියෙන්නේ 20%යි)
ඉතින් මේ විශාල ඔක්සිජන් ප්‍රමාණය නිසා කෘමීන්ට දැවැන්තව වැඩෙන්න ලැබුනා.
නමුත් කොහෙන්ද මෙච්චර ඔක්සිජන්?
ඒක කියන්න අපිට තවත් කාලයේ ආපස්ස්ට යන්න වෙනවා. කාබොනිෆරස් යුගයට කලින් පෘථිවියේ උස ගස් තිබ්බේ නෑ. උපරිම උස ගස් මීටරයක් විතරයි උස උනේ. නමුත් එක්තරා ශාකයක් ජානවිකෘති නිසා අලුත් සංයෝගයක් හදාගත්තා. ඒතමා ලිග්නින්. ලිග්නින් නිසා ශාකවලට ශක්තිමත් කදන් ඇති උනා. ගුරුත්වයට විරුද්ධව උසයන්න පුලුවන් උනා. සුලගේදී නොබිදී නැවෙන්න පුලුවන් උනා. වර්තමානයේ ගස් වලත් තියෙන්නේ ලිග්නින්.
ලිග්නින් වල හැබැයි මුල්කාලේ අව්ලක් තිබ්බා. ඒක ටිකක් දිරවන්නට අමාරු උනා ඒකාලේ බැක්ටීරියා හා දිලීර වලට. අනික වේයෝ පරිණාමය උනෙත් තවත් වසර මිලියන ගානකට පස්සේ.
ඉතින් මේ ගස් ඔහේ හැදෙනවා. උසයනවා. වැටෙනවා. වනාන්තර පිටින් මඩේ වැලලිලා යනවා. ඉතින් මේ ශාක වලින් පිටකල ඔක්සිජන් වායුගෝලයේ ඉතුරු උනා.
මේ නිසා තමා කාබොනිෆරස් යුගයේදී ඔක්සිජන් ප්‍රමාණය 40%ක් උනේ. වාසනාවකට දැන් නම් කැරපොත්තෝ සෙරෙප්පුවට ගැලපෙන සයිස් එකේ නිසා අව්ලක් නෑ. නැත්තං බව්සර් ගනන් මෝටීන් ගහන්න තමා වෙන්නේ.
ආ... එතකොට අර වැලලුනු වනාන්තර වලට මොකෝ උනේ?
වසර මිලියන ගානක උශ්ණත්ව පීඩන නිසා ඒවා කාබන් තැන්පතු හෙවත් ගල් අගුරු බවට පත් උනා.
මේකෙන් පෘථිවියට ලොකු සේවයක් උනා වායුගෝලයේ තිබ්බ වායුමය කාබන්ඩයොක්සයිඩ් කාබන් තැන්පතු ලෙස පෘථිවි ගැඹුරේ සැගවිලා ගියා.
මීට වසර දහස්ගණනකට කලින් මානවයා හොයාගත්ත මේ කලුපාට ගිනිගන්න ගල්කෑල්ල. ඊට පස්සේ මහාපරිමාණයෙන් අදටත් පාවිච්චි කරනවා විදුලිය වගේ දේවල් නිපදවන්න. (ලක්විජය බලාගාරය වගේ)
මේ තැන්පතු කාබන් පෘථිවිය ගැඹුරේ වැලලුනේ හොද හේතුවකට. නමුත් ඒ හේතුව දැන දැනත් ඒවා එලියට අරන් පුච්චන එක නවත්තන්න තාම බැරිවෙලා තියනවා.............
Comments
Post a Comment