ජීවය අර්ථ දක්වන්න!....
මං මීට ටික කාලෙකට කලින් ආතර් සී ක්ලාක් මහත්තයාගේ කෙටි කතාවක් කියෙව්වා. ඒකේ නම The Crusade.
ජීවයේ අර්ථ දැක්වීමක් තවම නෑනේ. හැබැයි කාගෙත් ගාව අදහසක් තියනවනේ ජීවය ගැන. මේ කෙටි කතාව කියෙව්වාම අපේ හිතේ ජීවය ගැන තියෙන අදහස වෙනස් වෙනවා. මං කෙටියෙන් කතාවේ හරය විස්තර කරන්නම්.
මං කලින් කතාවක කිව්වා වායු කැටි නිසා සෞරග්‍රහ මණ්ඩල බිහිවෙන හැටි. සමහර අවාසනාවන්ත ග්‍රහලෝක තියෙනවා තාරකාවක් නැතුව උපදින. වායු සුලියෙන් හැදෙන්නේ ග්‍රහලෝකයක් විතරයි. සදාකාලික රාත්‍රියක ඉන්න ග්‍රහලෝක වල මතුපිට උශ්ණත්වය සෙල්සියස් -273.15ක් එහෙමත් නැත්තං කෙල්වින් බින්දුවක්. ඉතින් මේ උශ්ණත්වය යටතේ සියලු වායු හා ද්‍රව, ඝනීභවනය වෙනවා. හැබැයි එකක් හැර. ඒතමා හීලියම්. ඉතින් මේ වගේ ග්‍රහලෝකවල මතුපිට හීලියම් සාගර පවතින්න පුලුවන්. අනිත් එක මේ උශ්ණත්වයේදී ඕනෑම විදුලි සන්නායකයක ප්‍රතිරෝධය බින්දුවට බහිනවා. ඒකිව්වේ සුපිරි සන්නායක බවට පත් වෙනවා.
සුපිරි සන්නායක වල විශේෂත්වය තමා විදුලිය ගමන් කිරීමට කිසිදු විරෝධයයක් නොදැක්වීම. ඒනිසා කිසිම ශක්ති හානියක් නෑ. ඕනෑම සන්නායකයක ප්‍රතිරෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් සන්නායකයක උශ්ණත්වය අඩුවෙන කොට ක්‍රමයෙන් තමංගේ ප්‍රතිරෝධය අඩුකරගන්නවා. එක්තරා උශ්ණත්වයකදී එකපාරටම ප්‍රතිරෝධය බිංදුවට වැටෙනවා. නමුත් සුපිරි සන්නායකතාවය ලැබෙන්නේ ඉතා අඩු උශ්ණත්ව වලදී විතරයි. දැනට තියන හොදම සුපිරි සන්නායකයත් සුපිරි සන්නායක තත්වෙට එන්නේ සෙල්සියස් -130දී විතර. ලගාකරගන්න ඉතා අපහසු උශ්ණත්වයක්. මේ සුපිරි සන්නායක වල විදුලිය ගලනකොට කිසිම ශක්ති හානියක් නෑ.
ඉතින් මේවගේ ග්‍රහලෝකෙක මතුපිට අනිවාර්යයෙන් සුපිරි සන්නායක වෙනවා. හීලියම් සාගරත් සුපිරි සන්නායක වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රහලෝකය උපදිනකොට ඇතිවෙන ඝර්ශන නිසා ඇතිවන විදුලි ධාරා සදාකාලිකව මේ සාගර වල සැරිසරනවා.
මේ ග්‍රහලෝක ජීවයට සතුරුයි කියලා හිතේවි. නමුත් බුද්ධියට පාරාදීසයක්. අනික කොහොමද අපි ජීවය අර්ථදක්වන්නේ?
පෘථිවියේ ජීවයේ බිහිවෙන්නේ කාබන් මූලික කරගෙන හිරුගේ බලයෙන්.
නමුත් මෙහෙම ග්‍රහලෝකයක ජීවය බිහිවෙන්නේ ලෝහ මූලික කරගෙන විදුලියේ බලයෙන්.
සුපිරි සන්නායකබව නිසා මේ ජීවීන් ක්වොන්ටම් පරිඝනක ආකාරයට හැසිරෙන්න පුලුවන්. අතිශයින් අධික වේගයෙන් දත්ත සකසන්න පුලුවන්. මිනිසුන් වගේ නොවේ තාර්කික තීරණ ගන්න පුලුවන්. හිතන්න මොනාද කරන්න බැරි ග්‍රහලෝයක් තරං ලොකු ජීවය තියන ක්වොන්ටම් ප්‍රොසෙසර් ජීවියෙකුට?
ක්ලාක් මහත්තයගෙ කතාවේ යන්නේ ඔන්න ඔහොම පසුබිමක්. කතාව හොයාගන්න. කියවන්න.
මං සදහන් කලා ක්වොන්ටම් පරිඝනක ගැන. වර්තමාන පරිඝනක ක්‍රියාකරන්නේ විදුලිය ඇත හා නැත යන අවස්තා 2 මත විතරයි. (1&0)
නමුත් ක්වොන්ටම් පරිඝණක ක්‍රියාකරන්නේ ඉලෙක්ට්‍රෝන වල බැමුම වගේ විවිධ අවස්තා වලින්. ඒනිසා අවස්තා 2ක් නෙවේ. ගනනාවක් තියෙනව. ඒනිසා ඉතාමත් බේසික් ක්වොන්ටම් ප්‍රොසෙසර් එකකටත් නාසා එකේ ප්ලේඩීස් සුපර් කම්පියුටර් එක පරද්දන්න පුලුවන්.
මේ ක්වොන්ටම් ප්‍රොසෙසර් වල තියෙන්නේ කිව්බිට් කියන බිට් ප්‍රොසෙසින් ටයිප් එක. සාමාන්‍ය බිට් එකක් කියන්නේ 1 හෝ 0. නමුත් කිව්බිට් එකක 1 හා 0 යන අවස්තා එකම මොහොතේ ගෙනියන්න පුලුවන්.
එතකොට කිව්බිට් එකක් 11 , 10 , 01 , 00 වගේ වෙන්න පුලුවන් එතන සාමාන්‍ය බිට් 8ක්. ඉතින් හිතන්න ප්‍රොසෙසින් ස්පීඩ් එක!
ප්‍රශ්නේ තමා ක්වොන්ටම් ප්‍රොසෙසර් වැඩකරන්න පුලුවන් සුපිරි සන්නායක තත්ව මත පමණයි. අනිත් එක තමා ඉලෙක්ට්‍රෝන වල අවිනිශ්චිතතාව. (ඒක දැන් කියන්න ගියොත් මුලු ක්වොන්ටම් ආකෘතියම අදින්න වේවි. පස්සේ කියන්නම්). සුපිරි සන්නායක තත්වයේදී ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ යුගල් වශෙයෙන්. ඒනිසා දත්ත ගැලීම තවත් වේගවත්. (දැන් අහන්න එපා කොහොමද සජාතීය ආරෝපණය 2ක් එකට යන්නේ කියලා).
කොහොම නමුත් ක්වොන්ටම් වාදය සම්පූර්ණයෙන් යන්නේ අවිනිශ්චිතතාව මත. නමුත් මේ වෙද්දී ආයතන කිහිපයක් වානිජ මට්ටමේ ක්වොන්ටම් ප්‍රොසෙසර් හදලා තියෙනවා. ගූගල් එකත් මේගැන උනන්දුයි. IBM තමා ඉස්සරහින්ම ඉන්නේ. ඒ හැම කම්පියුටර් එකක්ම එකක්ම සාමාන්‍යයෙන් කාමරේකට වඩා ලොකුයි. හැබැයි ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් එකක් විතර ඇති. නමුත් ප්‍රොසෙසින් පවර් එක ඕනම සාමාන්‍ය ප්‍රොසෙසර් එකකට වඩා වැඩී. (ටෙරාෆ්ලොප්ස් ලෙවල් එකේ!)
අතීතයේ පරිඝණක කාමර තරම් ලොකුයි. නමුත් දැන් ඝන මිලිමීටර් කීපයක් විතරයි. අනාගතේ දවසක ක්වොන්ටම් ප්‍රොසෙසර් තියන ෆෝන් පවා ඒවි. එදාට ඒක පාවිච්චි කරන කෙනා දැනගෙන ඉන්න එකක් නෑ ඔහු සාක්කුවේ දාගෙන ඉන්නේ අපේ කාලයේ සුපර් කම්පියුටර් එකක් කියලා...........
Comments
Post a Comment