පෘථිවි දෛවය වෙනස් කල ග්‍රහයෝ....

දන්නවද බ්‍රහස්පති හා සිකුරු පෘථිවියේ දෛවය වෙනස් කල බව?

හැමෝම දන්නවනේ පෘථිවිය අංශක 23.5ක් විතර ඇලගහලා ඉන්නේ කියලා. ඒවගේම පෘථිවි කක්ශය ඉලිප්සියාකාරයි කියලා. නමුත් මෙහෙම වෙන්න හේතුව දන්නවද?

(පහල කියලා තියන හේතුවලට අමතරව තවත් හේතු තියනවා නමුත් මේවා තරම් ප්‍රභල නෑ)

සූර්‍යා හැරුනම බ්‍රහස්පති තමා සෞරග්‍රහ මණ්ඩලයේ ගුරුත්ව වැඩිම ග්‍රහලෝකය.
සිකුරු තමා පෘථිවිය තරම් ගුරුත්වයක් තියන ඒවගේම පෘථිවියට ලගින්ම ඉන්න ග්‍රහලෝකය.

බ්‍රහස්පතිගේ ගුරුත්ව බලපෑම දුරස් නමුත් ප්‍රභලයි.

සිකුරුගේ ගුරුත්ව බලපෑම දුර්වලයි නමුත් ලගයි.

මේ දෙන්නාගේ ගුරුත්වය පෘථිවිය දෙපැත්තට ඇදගෙන දුවනවා වගේ වැඩකරන්නේ. මොකද සිකුරු හිරුවටා යන්නේ වාමාවර්තව.

මේනිසා පෘථිවි කක්ශය කාලෙන් කාලෙට දෙපැත්තට ඇදුනා. ආරම්භයේ ඉදන් තිබ්බ සුලු ඉලිප්සියාකාර බව මේනිසා වැඩි උනා.

ඒ කක්ශයනේ. ඒවගේම පෘථිවියත් දෙපැත්තට ඇදුනා ඉතින් පෘථිවිය ඇල උනා. පෘථිවිය තමංගේ ස්ථායිතාව තියාගන්නත් තමන් විසින් ඇලඋනා.

මෙහෙම ඇල ගහලා තිබීම හා ඉලිප්සියාකාර බව නිසා සෘතු ඇතිවෙනවා.

ගොඩක් අය Ice Age ෆිල්ම් එකක්වත් බලන්න ඇති. ඒකේ කතාව කෙසේවෙතත් හිම යුගය කියන්නේ ඇත්තටම වෙච්චි දෙයක්.

බ්‍රහස්පති හා සිකුරුගේ බලපෑම හැමදාම එකම විදිහට තියෙන්නේ නෑනේ. තුන්දෙනාගේ කක්ශ වැඩකරන විදිහ නිසා බලපෑම වෙනස් වෙනවා. සමහර කාලෙට පෘථිවිය ගොඩාක් ඇල උනා. ඒකෙන් උනේ උතුරේ ග්ලැසියර් සාගරයවල වියදමෙන් වර්ධනය වීම. තවත් කාලෙක ඇල වීම අඩු උනා. අර කෙලන් ආපු ග්ලැසියර් ටික පසු බැස්සා.  වසර දහස් ගනනෙන් ගනනට මේක මාරුවෙවී උනා.

සාමාන්‍යයෙන් හිම යුගයකදී ග්ලැසියර් ස්පාඤ්ඤය දක්වා වර්ධනය වෙනවා. මෙච්චර වර්ධනයක් නිසා සාගර ජලමට්ටම මීටර් 200කටත් වඩා පහලට බැස්සා.

අර කිව්ව අවසාන හිමයුගය අතරතුර ලෝක සාගර මට්ටම් සෑහෙන්න අඩු උනානේ. ඒනිසා රුසියාව හා ඇලස්කාව අතර තාවකාලිකව පාලමක් මතුවෙලයි තිබ්බේ. මේ පාලමෙන් උතුරු ඇමරිකාව දෙසට සංක්‍රමණය උනා අලුත් සත්ව වර්ගයක්. ඒ තමා හෝමෝ සේපියන්ස්ලා. මේ සංක්‍රමණිකයන්ගෙ පැවත එන්නන් තමා ස්වදේශික රතු ඉන්දියානුවන් හා දකුණු ඇමරිකාවේ ඇමේසන් වනයේ ඉන්න ගෝත්‍රිකයන්

අවසාන හිමයුගය පටන් ගත්තේ මීට වසර මිලියන 1.8කට කලින්. ඒක ඉවර උනේ මීට වසර 11,000කට විතර කලින්. දැන්මේ ගෙවෙන්නේ හිමයුග 2ක් අතර "ඉන්ටවල්" එක. තව වසර 50,000ක් වගේ මේ ඉන්ටවල් එක තියන බවයි පරීක්ෂණ වලින් කියවෙන්නේ.

ප්‍රශ්නය වෙලා තියෙන්නේ කාබොනිෆරස් යුගයේදී වැලලුනු ශාඛ හා අතීත ප්ලවාංග නැවත ගොඩ අරං පුච්චලා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිකිරීම නිසා උශ්ණත්වය ඉහලයාම. මේ නිසා වැඩිවන උශ්ණත්වය අඩුකරගන්න තවත් වසර 50,000ක් "අල්ලන්" ඉන්න පුලුවන් වේවිද දන්නෑ?.....

Comments

Popular posts from this blog

ඇයි යට උනේ?.......

හයිඩ්‍රජන් බෝම්බය

සහෝදරියන් තිදෙනෙක්.......