හිරුගේ බලය (න්‍යෂ්ටික විලයනය)
උදේ පාන්දර අව්වට ගියාම දැනෙන්නේ හරිම සනීපයක් වගේම හරිම නැවුම් බවක්. දන්නවද කොච්චර නැවුම් බවක් දැනුනත් මේ දැනෙන සූර්‍යාගේ ආලෝක/තාප ෆෝටෝන වසර මිලියන 10ක් පරණයි කියලා?
තාරකාවක් බිහිවෙන්නේ විශ්වයේ තියන දැවැන්ත වායු කැටි ගුරුත්වය නිසා එකට එකතුවෙලා ගුරුත්වය නිසා තෙරපිලා ගුරුත්වය හා ස්කන්ධය ටික ටික වැඩි කරගෙන හරයේ තෙරපුම හා උශ්ණත්වය න්‍යෂ්ටික විලයනයට අවශ්‍ය මට්ටමට ආවම න්‍යෂ්ටික විලයනය ආරම්භ කරලා.
න්‍යෂ්ටික විලයනය කියන්නේ කුඩා පරමාණු න්‍යෂ්ටි එකතු වෙලා විශාල පරමාණු න්‍යෂ්ටි සෑදෙන එකට. නමුත් පරමාණු න්‍යෂ්ටි එකට හප්පන්න බෑ කූලෝම් විකර්ශනය නිසා. හයිඩ්‍රජන් පරමාණු න්‍යෂ්ටි කියන්නේ තනි ප්‍රෝටෝනයකට.
ප්‍රෝටෝන 2ක් එකට වද්දන්න අවම වශයෙන් එක ප්‍රෝටෝනයකට 200KeV ශක්තියක්වත් තියෙන්න ඕන.
මේතරම් චාලක ශක්තියක් තියෙන්න නම් උශ්ණත්වය 3/2kTට අනුව කෙල්වින් බිලියන 1.5ක් ඕන!
නමුත් සූර්‍යාගේ මධ්‍යයේවත් මෙච්චර උශ්ණත්වයක් නෑ. නමුත් පීඩන හා ඝනත්වය හා සමහර න්‍යෂ්ටි වලට අනික් ඒවට වඩා වැඩි ශක්තියක් තියන නිසා න්‍යෂ්ටික විලයනය සිදුවෙනව.
මේ හයිඩ්‍රජන් විලයනයයේදී ප්‍රතිඵල ලෙස හීලියම් ලැබෙන්නේ. හැබැයි ලැබෙන හීලියම් වල ස්කන්ධය ප්‍රතික්‍රියාවට සහභාගි උන හයිඩ්‍රජන් වලට වඩා අඩුයි. ඒකියන්නේ ස්කන්ධ හානියක් වෙලා!. අයින්ස්ටයින් මහතාගේ E=mc^2 වලට අනුව ඒ ස්කන්ධය ශක්තිය බවට හැරෙනවා (ප්‍රතිපදාර්ථ ගැටීම). පිටවන මුලු ශක්තිය 27Mev විතර.
සූර්‍යාගේ මුලු ස්කන්ධය 2x10^30Kg!
එයාගෙන් 35%යි හයිඩ්‍රජන්. ඉතුරු ඒවා හීලියම්.
සූර්‍යා තප්පරේට හයිඩ්‍රජන් ටොන් මිලියන 620ක් හීලියම් වලට හරනවා.
තප්පරේට හයිඩ්‍රජන් ටොන් මිලියන 4ක් ශක්තිය බවට හරවනවා.
(E=mc^2 වලින් බලන්න ටොන් මිලියන 4ක් කියන්නේ කොච්චර ශක්තියක්ද කියලා)
මෙච්චර වේගෙන් හයිඩ්‍රජන් විලයනය කලත් සූර්‍යාට තවත් වසර බිලියන 4ක් දිගටම න්‍යෂ්ටික විලයනය කරන්න පුලුවන්.
මං මුලින් කිව්වා අපිට දැනෙන ආලෝකය හා තාපය වසර මිලියන 10ක් පරණයි කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. හරයේ ආලෝකය හා තාපය නිපදඋනාට පස්සේ ඒවා මතුපිටට එන්නේ තියන පරමාණු වල වැදි වැදී. සෑම ගැටුමක්ම ඒවා අහඹු දිශාවකට යවනවා. මේ විදිහට ආලෝකයට මතුපිටට එන්න වසර මිලියන 10ක් ගත්වෙනවා. ඒවා මතුපිට ආවම විනාඩි 8යි තප්පර 30න් පෘථිවියට එනවා.
පරීක්ෂණ මට්ටමෙන් දැනටත් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක තියනවා. නමුත් යොදවන ශක්තියට වඩා ලැබෙන ශක්තිය අඩුයි. ඒනිසා තවම ප්‍රායෝගිකව අසාර්ථකයි. මෙච්චර අධික උශ්ණත්වයකදී සියලු මූලද්‍රව්‍යයන් අයන ලෙස තියන නිසා චුම්බක ධාරා මගින් ඒවා එකට කැටි කරලා තියාගන්න පුලුවන්. ඒනිසා භාජන ඕන නෑ. ලේසර් වලින් උශ්ණත්වය අවශ්‍ය තරමට ගන්න පුලුවන්. නමුත් මෙන්න මේවට දෙන ශක්තියට වඩා අඩු ශක්තියක් තමා දැනට තියන න්‍යෂ්ටික විලයනය ප්‍රතික්‍රියාකාරක වලින් ලැබෙන්නේ. ඉතින් පාඩුයි.
නමුත් 2019දී ප්‍රංශයේදී ප්‍රායෝගික න්‍යෂ්ටික විලයනය ප්‍රතික්‍රියාකාරකයක් හදලා නිමවෙනවා. ඒකේ නම ITER (International Thermonuclear Experimental Reactor) මේකට 50MWදීලා 500MWක් ගන්න පුලුවන්. අනික මේක ගොඩක් පොඩී. 7mක් විතර.
දැනට තියන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වල ප්‍රශ්නේ තමා නිකන් වත් කුඩු උනොත් රටක් උනත් විනාශ වෙනවා. නමුත් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකයක් විනාශ උනොත් වෙන්නේ 100mක් ඇතුලත ඉන්න කීපදෙකෙන් මියයාම විතරයි. අනික ලීක් වෙන්න පුලුවන් හීලියම් විතරයි.
ප්‍රතික්‍රියාකාරකයේ ඵල විදිහට කිසිම විකිරණශීලි දෙයක් පිටවෙන්නේ නෑ. ලැබෙන හීලියම් වලින් ඕන්නම් බැලුන් පුරෝලා උඩ අරින්න පුලුවන්.
ඉදිරි දශකවල උශ්ණත්වය ඉහල යාම වලකන්න නම් CO2 විමෝචනය 80%කින් කපාහරින්න ඕන. හැබැයි ඒකාලෙදිම ලෝක බලශක්ති ඉල්ලුම තුන්ගුණයකින් ඉහලයාවි.
එක්කෝ සූර්‍ය බලය නැත්නම් සූර්‍ය න්‍යෂ්ටික විලයනය. කොහොම කලත් සූර්‍යා පමණයි ඉතුරුවෙලා තියෙන්නේ.
Comments
Post a Comment