මරණයේ ග්‍රහලොව

යම් ප්‍රදේශයක එක පාර විශාල පිරිසක් මියගියාම අපි කියනවා ඒක සොහොන් පිට්ටෙනියක් වගේ නැත්තං මරණයේ පාරාදීසයක් වගේ කියලා.
මං කලින් කතාවක කිව්වා කාබොනිෆරස් යුගයේ ගල් අගුරු හැදිච්ච හැටි. ඒක වෝල් එකේ ඇති. මුලින්  ඒක කියවන්න.
කාබොනිෆරස් කාලේ මඩේ තැන්පත් උනු ගල් අගුරු වල ලොකුම නිධිය තිබ්බේ වර්තමානයේ සයිබීරියාවේ. (සයිබීරියාවේ කොහොමද වනාන්තර තිබ්බේ කියලා මං පස්සේ කතාවක කියන්නම්)
ඉතින් ඔහොම දැවැන්තම ගල් අගුරු නිධිය තිබ්බ හරියේ මීට වසර මිලියන 250කට කලින් පර්මියන් යුගයේ අවසාන කාලයේ දැවැන්ත ගිණිකදු සිය ගනණක් බිහිවෙනවා. හේතුව හරියටම දන්නේ නෑ. ඉතින් මේ ගිණිකදු වලින් ලාවා සාගරයක් හැදුනා.
මේ සාගරයේ පතුල යටින් තිබ්බේ මහා ගල් අගුරු නිධිය!
ඉතින් මොකෝ වෙන්නේ? ගල් අගුරු නිධිය නිකන්ම ඇවිලිලා ගියා.
මේක මේ නිකන් ගල් අගුරු ටොන් දාහක් දහදාහක් නෙවේ. ටොන් මිලියනයක් විතර. ඉතින් මේකෙන් අතිශය අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් හා සල්ෆර්ඩයොක්සයිඩ් ටොන් බිලියන ගානක් වායුගෝලයට එකතු උනා.
මේ දෙන්නම සුපිරි හරිතාගාර වායු. ඉතින් පෘථිවියේ උශ්ණත්වය අධිකව ඉහල ගියා. අනික සල්ෆර්ඩයොක්සයිඩ් වර්ශාවේ දියවෙලා ආම්ලික වැසි ඇතිඋනා.
සාමාන්‍යයෙන් සාගර වල මතුපිට ජලය ගැඹුරේ ජලය සමග මිශ්‍ර වෙන්න වසර දාස්ගාණක් යනවා. ඒකෙන් උශ්ණත්වය සමතුලිත වෙනවා. හැබැයි මේ එකපාරටම උශ්ණත්වය වැඩි උන නිසා සාගර ජලය සේරම කවලං වෙලා ගියා. සාගර පතුලේ උශ්ණත්වය ඉහල ගියා.
සාමාන්‍යයෙන් සාගර පතුලේ මීතේන් තැන්පතු තියෙනවා. සාගර රත් උනාම මේ මීතේන් නිදහස් උනා. අවසානයේ මේවා වායුගෝලයට එකතු උනා.
මීතේන් කියන්නේ කාබන්ඩයොක්සයිඩ් වගේ දහස් ගුණයකින් වැඩි හරිතාගාර වායුවක්. ඉතින් පෘථිවිය තවත් රත් උනා.
එක ක්‍රියාවකින් තවත් ක්‍රියාවක් වැඩිවෙලා. දෙවනි ක්‍රියාවෙන් පලමු ක්‍රියාව තවත් වැඩිවෙන ක්‍රියාවලි වලට කියන්නේ ධන ප්‍රතිපෝශක ක්‍රියා කියලා.
මේ සිද්ධි වෙන්න ගතඋනේ වසර දහසේ ඒවා කීපයක් පමණයි!
දැං බලමු පෘථිවි ජීවයට මොකෝ උනේ කියලා.
මේ අධික උශ්ණත්වය ඉහලයාම නිසා අධික ලෙස ගොඩබිම ශාක,සත්ව විශේශ මියගියා. මුහුදේ උශ්ණත්වය ඉහලයාමෙ 70%ක් ජලජ් ජීවීන් විනාශ උනා.
අවසානයේ පෘථිවි ජීවයෙන් 9/10ක් මියගියා!
අන්න එහෙමයි පර්මියන් යුගයේ අවසාන කාලයේ පෘථිවිය මරණයේ ග්‍රහලෝකය කියන නම ලබාගන්නේ.
මේ මරණයට කියන්නේ මහා පර්මියන් වදවීම කියලා. මෑත අතීතයේ මහා වදවීම 5ක් සිද්දඋනා. ඒවා අතරින් දරුණුම වදවීම තමා මේ පර්මියන් වදවීම. පෘථිවි ජීවය විනාශයේ ගැට්ටට නැනෝ මීටර් කීපයක් තරම් ලං උනා.
හැබැයි ජීවය ගොඩාක් ශක්තිමත්. වසර මිලියන 10කදී සිද්ද උන හානිය යාන්තං පිලිසකර උනා නව ජීව විශේෂ නිසා.
ඉතින් ඕන් මේදවස් වල හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා පරීක්ෂණයක් කරනවා. ඒ තමා අපේ වායුගෝලයට කොච්චර කාබන්ඩයොක්සයිඩ් දරාගන්න පුලුවන්ද කියලා දාලම බලන එක.
දැන් අමුතුවෙන් ධන ප්‍රතිපෝශක ක්‍රියා වෙන්න දෙයක් නෑ. ඇලස්කා තුන්ද්‍රාව හරියේ දැනටත් මීතේන් ලීක් වෙනවා ඕන්.
මගේ මතය අපි පෘථිවිය ආරක්ෂා කරන්න ඕන නෑ. මොකද ජීවය විනාශ වෙලාත් වසර බිලියන ගාණක් පෘථිවිය ඒ විදිහටම තියේවි.
අපි ආරක්ෂා කරන්න ඕන පෘථිවි ජීවය!


Comments

Post a Comment

Popular posts from this blog

හයිඩ්‍රජන් බෝම්බය

ඇයි යට උනේ?.......

Firefox