අයණ එන්ජිම.......

කට්ටිය ඉතින් ෆිල්ම් එහෙම බලන අයනේ. පහල ෆිල්ම් ටික බලලා තියනවද?

Martian
Passengers
StarTrek
Starwars

මේ ෆිල්ම් වල ඉතින් කට්ටිය බලන්නේ කතාවනේ. මම නම් SiFi ෆිල්ම් වල බලන්නේ වැඩිපුරම තාක්ශනයේ හා සංකල්ප වල යෙදීම්.

මාටියන් ෆිල්ම් එකේ තියන ලොකු යානය මතකද?

පැස්සෙන්ජර්ස් එකේ ඇව්ලෝන් යානය මතකද?

මේ ඔක්කොම යානාවල තියන පොදු එන්ජිමක් තියෙනවා. අතිශය හිමින් හිමින් වේගේ වැඩිකරගෙන ඉතා අධික වේග වලට යන්න පුලුවන් එන්ජිමක්.

දැවැන්ත ඉන්ධන තොගයක් ඕන නැති එන්ජිමක්.

විද්‍යුතය විශාල ලෙස භාවිතා වන එන්ජිමක්.

ඒතමා අයණ එන්ජිම. මේක මේ ෆිල්ම් වල තියන සංකල්පයක් විතරක් නෙවේ. සත්‍ය වශයෙන් තියන, ප්‍රායෝගිකව පාවිච්චි කෙරෙන එන්ජිමක්.

මේ එන්ජිම ක්‍රියා කරන්නේ බොහොම සරල සංකල්පයක් උඩ. ඒතමා ගම්‍යතා සංස්තිතිය.

මං කලින් පෝස්ට් එකක් ලිව්වා LHC එක ගැන. මේ ලිපිය ඉදිරියට කියවන්න කලින් ඒක කියවන්න.

රොකට් ඉහල යන්නේ පහලට විදින වායූ ධාරාවේ ප්‍රවේගය නිසා රොකට්ටුව මතඇතිවන ප්‍රතිවිරුද්ධ බලය උපයෝගී කරගෙන. මේකට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඕන. හැබැයි කෙටිකාලීනව විශාල ප්‍රවේග ගන්න පුලුවන්. විශාල ත්වරණයක් අරගෙන.

අයන එන්ජින් වැඩ කරන්නේ මේවගේ වායු ධාරා පහලට විදලා නෙවේ.(එක්තරා විදිහක වායූ ධාරාවක් තමා)

මං LHC එක ගැන පෝස්ට් එකේ කිව්වා හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනය ගලවන හැටි. මේ එන්ජිමේ මුල් කොටසේදී වෙන්නේ මේ විදිහට ඒකට දාලා තියන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ගලවලා ඒක අයණීකරණය කරන එක. ඊට පස්සේ LHC එකේ Linac කොටසේ වෙන විදිහටම මේ අයණ ත්වරණයට ලක්කරනවා විද්‍යුත් ස්පන්දනය පාවිච්චි කරලා. මේකට සාපේක්ෂව පොඩි විදුලියක් පාවිච්චි වෙන්නේ.

ඉතින් මේ එන්ජිම ඇතුලෙදි අර අයණ විදුලිය හෝ චුම්බක පාවිච්චි කරලා ආලෝකයේ ප්‍රවේගයෙන් 70%ක් දක්වාවත් ත්වරණය කරනවා.

ඊට පස්සේ ඒ අධිවේගී අයණ ධාරාව පිටුපසට විදිනවා.

ගම්‍යතාව කියන්නේ යම් වස්තුවක හෝ අංශුවක ප්‍රවේගයෙ හා ස්කන්ධයේ ගුණිතය.

ගම්‍යතා සංස්තිතිය කියන්නේ, අපි හිතමු අංශු 2ක් දෙපැත්තෙන් ඇවිල්ලා වැදිලා විසිවෙනවා කියලා. දැන් මේ විසිවෙන අංශු දෙකේ ගම්‍යතාවල එකතුව, ඒවා එකට වදින්න කලින් ඒවයි ගම්‍යතාවල එකතුවට සමානයි කියන එක (සාමාන්‍ය අදහසක් විතරයි ඔය). ඒකිව්වේ ගම්‍යතාව නියතව තියෙනවා කියන එක.

පෙර ගම්‍යතාව = පසු ගම්‍යතාව

අයණ එන්ජිමේදී පිටවන අංශුවල ස්කන්ධය අතිශය කුඩා උනාට ඒවයි ප්‍රවේගය අතිවිශාලයි.

මේ නිසා මේවගේ එන්ජිමකට පුලුවන් කිලෝවොට් 2ක් පාවිච්චි කරලා මිලි නිව්ටන් 90ක් විතර දෙන්න. (පිසික්ස් කොරපු අයට පුලුවන් ඕවා ගනනය කරලා ගන්න)

හිනා වෙන්න එපා ඉතින්.

පොඩි උනාට මේ ත්වරණය එකදිගටම ලබාදෙන විදිහේ එකක්.

රොකට් වලින් කරන්නේ කක්ශයට එන්න එන්ජිම පොඩ්ඩක් පත්තු කරලා ආයේ නිවලා නියමිත වේගෙ ගන්න ආපහු එන්ජිම පත්තු කොරලා නිවන එක. (Point Thrust - Point Thrust)

ඉතින් රොකට් ක්‍රමේ පාවිච්චි කරලා අගහරු වෙත යන්න මාස 4ක් විතර යනවා. මේකට විශාල ඉන්ධන තොගේකුත් ඕන.

හැබැයි අයන එන්ජිමට ඕන කරන්නේ ඉන්ධන පොඩ්ඩක් විතරයි. ඕන කරන විදුලිය සූර්‍ය කෝශ වලින් ගන්න පුලුවන්. ඒනිසා අගහරු වෙත යන්න පුලුවන් අයණ එන්ජිමකින් දින 39න්.

මේ එන්ජින් වලට ගැලපෙනම ඉන්ධනය තමා Xenon වායුව. මොකද ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩී. අනික නිශ්ක්‍රීය වායුවක්.

මේ හේතු නිසා දැනට මේ එන්ජින් බොහොමයක් චන්ද්‍රිකා වල පාවිච්චි වෙනවා. හදිසි කක්ශය නිවරදි කිරීමක් කරන්න ඕන උනාම පාවිච්චි කරන්න.

VASIMR (Variable Specific Impulse Magnetoplasma Rocket)
තමා දැනට තියන හොදම අයන එන්ජිම. මේකේ යෝජිත මොඩල් එකක පවර් එක මෙගාවොට් 200ක්! හැබැයි මේක පවර් එකෙන් පුලුවන් මාස 14න් සෙනසුරු වෙත යන්න!

(මේ එන්ජින් වලින් දෙන ත්වරණය දිගටම දෙන එකක් නිසා ගනනය කරලා බලන්න කොච්චර ප්‍රවේගයකට එන්න පුලුවන්ද කියලා. අවකලනයත් ඕන වේවි.)

ඉතින් මේ තමා අනාගතේ පාවිච්චි කරන්න පුලුවන් හොදම එන්ජිම. ක්‍රමිකව අධික ප්‍රවේග ගන්න පුලුවන්. ඒවගේම අඩු ඉන්ධන ප්‍රමාණයක් ඕන නිසා ඉඩත් ඉතුරුවෙනවා.

ඉතින් දවසක ඇවලෝන් වගේ යානා බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු........

ඒවගේම මං එක තැනක දැක්ක කියමනක් මෙතන දාන්නම්.

"ලෝකය ගවේෂණය කරන්න බෑ පහුවෙලා ඉපදුන නිසා. විශ්වය ගවේෂණය කරන්න බෑ කලින් ඉපදුන නිසා"

Comments

Post a Comment

Popular posts from this blog

The Android (Software Part 3)

Android vs IOS/Iphone

ඇයි යට උනේ?.......