අනාගතය රැදී ඇත්තේ.........
බලගතු රටවල් විදිහට ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව ඉදිරියට ආවේ කොහොමද? ඒ ඔවුන් කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කල නිසා. එක්සෝන් මොබිල්, CNP, වෝල්මාර්ට්, ඇපල්, ගූගල්, ඉන්ටෙල්, ටෙස්ලා, ස්පේස්එක්ස්, ජෙනරල් මෝටර්ස්, මයික්‍රෝසොෆ්ට්, කොඩැක්..... මේ සියල්ලටම විද්‍යාවේ හා තාක්ශනයේ ඉහලම සොයාගැනීම් හා නිපැයුම් අවශ්‍ය උනා. අයින්ස්ටයින්, නීල්, ඕපන්හයිමර්, ටෙස්ලා, හබල්, පෝලී, ගේට්ස්, ඩාවින්සි, බෙල්, ෆ්ලෙමිං, රයිට්ස්, ෆැරඩේ, හෝකින්ස්, මාරි, නිව්ටන්, ගැලීලියෝ...... මේ අය හා අනෙක් ලක්ශ ගණනක විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් මේ ගමනේ බලය උනා. විද්‍යාව කියන්නේ සත්‍ය සොයායෑමේ සම්පූර්ණ ව්‍යායාමයක්. හිතන්න මං මගේ සොයාගැනීමක් පලකරනවා. හැබැයි මගේ එදිරිවාදී තවත් විද්‍යාඥයෙක් හිතනවා මං වැරදී කියලා. ඔහු මගේ සොයාගැනීම් නැවත පරීක්ශාකරනවා. වඩාත් හොද පරීක්ෂණ කරනවා. මේතමා Peer Review. ඔහුගේ සොයාගැනීම් මගේ සොයාගැනීම් සමග ගැලපුනොත්..... එතනින් බිහිවෙනවා නිදහස් සත්‍යක්. (E=MC^2 වගේ) මෙහෙමයි විද්‍යාව හා තාක්ශනය ප්‍රගමණය වෙන්නේ. විද්‍යාව කිසිම වෙලාවක වැරදීම් පිලිගන්න මැලි වෙන්නේ නෑ. මොකද සියල්ලන්ම මිනිස්සු. ...